වසර 4,400 පමණ පැරණි සොහොනක් සොයා ගත් බව ඊජිප්තු රජය නිවේදය කරයි. කයිරෝ අගනුවර දකුණු ප්‍රදේශයෙන් එම පුරාණ සොහොන සොයාගෙන ඇත.
මෙය වසර 4400 කට පමණ පෙර එරට පාලනය කළ පස්වැනි ඩයිනස්ටි පාලකයාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම පූජකයකු වන පුද්ගලයකුගේ හොහොනක් බව අනාවරණය කර ගෙන ඇතැයි පුරාවිද්‍යා අමාත්‍යවරයා පැවසීය.
මෙම සොහොන මීටර් 10 දිගන් ද , මීටර 3ක් පළලින් ද, මීටර 3ක් උසින් ද යුක්ත වන අතර බිත්ති කැටයම් වලින් සහ රූපාක්ෂර වලින් අලංකාර කර ඇත.
පූජකවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ විචිත්‍රවත් පිළිම 24 ක් සහ රූප සටහන් 24 කට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබී ඇත.
සොහොන තට්ටු 5ක් යටට පිහිටා ඇති බව අමාත්‍යවරයා කීවේය.
පුරාවිද්‍යාඥයෝ තවදුරටත් එම ස්ථානයේ පර්යේක්ෂණ පවත්වති.
(63226 )
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වසර 4400ක් පැරණි සොහොනක් සොයා ගනී