ඉන්දියාව සමඟ ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් පසු වසා දැමුණු ගුවන් සීමාව සම්පූර්ණයෙන් විවෘත කිරීමට පාකිස්තානය අද (16) පියවර ගත්තේය.
මේ අනුව සියලු මගී ගුවන් යානාවලට කිසිදු බාධාවකින් තොරව පාකිස්තාන ගුවන් සීමාව භාවිත කළ හැකි යැයි පාකිස්තානය ප්‍රකාශ කළේය.
“වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මගී ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් සීමාව විවෘතයි” යැයි පාකිස්තානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය.
පාකිස්තානය සිය ගුවන් සීමාව වසා දැමීමත් සමඟ ඉන්දියාව ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගුවන් මාර්ග රැසකට දැඩි බලපෑමක් එල්ල විය.
ඉන්දියාවට සීමා මායිම්වන නැගෙනහිර ගුවන් සීමාව ද විවෘත කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශකයා කීය.
පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එලෙස ගුවන් සීමාව වසා දැමිණි.
දෙපාර්ශවයම දෙපාර්ශවයටම ගුවන් ප්‍රහාර එල්ල කරගත් අතර ඉන්දීය ගුවන් නියමුවකු පාකිස්තාන අත්අඩංගුවට පත්විය. පසුව ඔහු නිදහස් කෙරුණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වසා දැමූ ගුවන් සීමාව පාකිස්තානය අද විවෘත කරයි
samagi Tuesday, 16 July 2019 09:54 AM
කොහොමද රටවල් දෙක එකතුවෙලා තෙල් නලයක් ඉරානයෙන් ගෙනාවොත් ?