IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විස නසන්න තව විසක්

ගරිල්ලා ප‍්‍රහාර එල්ල කරමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ට මරණ බය ගෙනදෙන අවිගත් කුඩා කණ්ඩායම් සිරියාවේ නිර්මාණය වෙමින් තිබෙන්නේයැයි වාර්තා වේ.

‘‘වයිට් ශ්‍රවුඩ්‘‘ (සුදු මුවාව) නම් වන එවන් එක් ගරිල්ලා කණ්ඩායමක් සැඟවී එල්ල කර තිබෙන ප‍්‍රහාරයන්ගෙන් මේ වන විට අයිඑස් අන්තවාදීන් සියයකට වැඩි පිරිසක් ඝාතනය කෙරී ඇතැයි සඳහන්ය.

වයිට් ශ්‍රවුඩ් වැනි තවත් කණ්ඩායම් රාශියක් දැන් අයිඑස් අන්තවාදීන්ට එරෙහිව අවි අතට ගනිමින් සිටින බව සිරියාවේ කි‍්‍රයාත්මක මානව හිමිකම් නිරීක්ෂක මධ්‍යස්ථානයද කියයි.

සිරියාවේ ඩෙල් අල් සෝර් ප‍්‍රදේශයේ මෙවන් ගරිල්ලා ප‍්‍රහාරයන් වැඩි වශයෙන් එල්ල වන අතර දැනට එම ප‍්‍රදේශයේ වැඩි කොටසක බලය අල්ලාගෙන සිටින්නේ අයිඑස් අන්තවාදීන් වේ.ගුවන්තොටුපල ඇතුලූ තවත් කුඩා කොටසක බලය තවමත් සිරියා හමුදා අත තිබේ.

මෙම ප‍්‍රහාරයන් හමුවේ අන්තවාදීන් කෙතරම් බිය වී තිබෙන්නේද යත් දැන් ඔවුන් කිසිම විටෙකත් තනිව ගමන් කරන්නේ නැතැයි පැවසේ.ප‍්‍රහාර සැළසුම් කිරීම සදහා වෙනදා මෙන් සියගණනින් එක් රැස් වන්නේද නැති ඔවුන් ගරිල්ලා කණ්ඩායම් වලට බියේ කුඩා කණ්ඩායම් වලින් එක් රැස් වේ. සාකච්ඡුා නිමවූ වහාම දෙදෙනා හෝ තිදෙනා බැගින් එක්ව වෙන්ව යති.

උද්ගතවී ඇති තත්ත්වය අන්තවාදීන්ට කර්මය පඩිසන් දුන්නාක් වැනි යැයි විචාරකයින් කියයි.

මෙම ගරිල්ලා කණ්ඩායම් වලට අවි සපයා ගැනීමට මාර්ගයක් නොමැති අතර ඔවුන් තම අවශ්‍යතා සපුරා ගන්නේ සටන් බිමේ අත්හැර දමා යන අවි ආයුධ වලිනි.

තම අරමුණ වන්නේ අයිඑස් අන්තවාදීන්ට මර බිය ගෙන දීම බව කියනා මෙම කණ්ඩායම් වල නායකයෝ මේ වන විට එම අරමුණ කරා ළගාවී තිබෙන බවත් ඉදිරියේදී තවත් සංවිධානයවී ගරිල්ලා ප‍්‍රහාරයන් එල්ල කරන බවත් පවසති.

1413223580723_wps_2_SANLIURFA_TURKEY_OCTOBER_ 1413223950775_Image_galleryImage_Mandatory_Credit_Photo_by 1413277814038_wps_7_A_Free_Syrian_Army_fighte

 



අදහස් (0)

විස නසන්න තව විසක්

රොකී Friday, 17 October 2014 02:46 AM

රුවන් අවි ආයුධ පිළිබඳ විශේෂඥයෙක් වගේනෙ. වැඩියෙන්ම අවි ආයුධ නිෂ්පාදනය කරන්නේ කොහෙද කියලත් කියනවද? දන්නෙම නැති හින්දයි අහන්නේ. (නි)

:       0       0

රුවන් Wednesday, 15 October 2014 11:09 AM

ඔයහැම ත්‍රස්ත සංවිධානයකටම අවි,ආයුධ දුන්නෙත්,දෙන්නෙත් ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යන්ම තමයි.(හේ)

:       0       0

ගජන් Thursday, 16 October 2014 01:30 PM

සාර්ථක වෙයිද දන්නේ නෑ.

:       0       0

බටු ගෙදර Thursday, 16 October 2014 06:10 AM

නිමාවක් නොමැත. අවි පුහුණුව සහ සටන් කාමිත්වය මනාවට හුරු වී ඇත. (ස)

:       0       0

වරුණ Thursday, 16 October 2014 06:24 AM

අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)

:       0       0

ජගත් Thursday, 16 October 2014 04:55 PM

පුද්ගල ස්වරුපය ඒක වෙනස් වෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 66 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1128 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 131 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1401 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 236 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 143 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site