චීනයේ නගර 20 කින් සහ පළාත් 18 කින් 'කොවිඩ් 19 ඩෙල්ටා' ආසාදිතයන් හමුවී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි.
2019 දෙසැම්බරයේ 'කොවිඩ් 19' ආසාදිතයන් වාර්තා වුණු චීනයේ වූහාන් නුවරින් ද මේ වනවිට 'ඩෙල්ටා' ආසාදිතයන් අට දෙනකු හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී.
පසුගිය සඳුදුා (2) දිනයේ පමණක් චීනයෙන් දේශීයව හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් ගණන 55 ක් යැයි පැවැසෙයි. වූහාන් නුවර වයිරස ව්‍යාප්තියට හේතුව සංක්‍රමණික සේවකයන් පිරිසක් බවත්, වයිරස ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ දුම්රිය ස්ථානයක් කේන්ද්‍රකොට ගනිමින් බවත් සිදු කළ විමර්ශනවලිවන් අනාවරණය වී ඇත.
ආසාදිතයන් හමුවුණු නගර සහ පළාත් මුළුමනින්ම වසා දමා ඇති අතර, මිලියන ගණනක් චීන වැසියෝ මේ වනවිට එම නගර සහ පළාත්වල කොටුවී සිටිති. ලොක්ඩවුන් කෙරුණු නගරවල සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරේ.
චීනයේ 'ඩෙල්ටා' ව්‍යාප්තිය ආරම්භ වූයේ නැංජිංග් නගරයේ ගුවන්තොටුපොළෙනි. මුල්ම ඩෙල්ටා ආසාදිත කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ගුවන්තොටුපොළේ පිරිසුදු කිරීමේ සේවිකාවන් පිරිසකි.
නැංජිංග් නගරයෙන් ව්‍යාප්ත වුණු 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් මේ වනවිට, දින 10 ක් ඇතුළත චීනයෙන් වාර්තා වන නව දේශීය ආසාදිතයන් ගණන 360 කි.
(රොයිටර්)
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වූහාන් නුවරින් යළි ආසාදිතයන් හමුවෙයි