ඇමෙරිකාවේ විස්කොන්සින් සීක් දෙවොලට කඩා වැදී වෙඩි තබා සීක් ජාතිකයන් හය දෙනකු ඝාතනය කළේ මයිකල් පේජ් නමැති 40 හැවිරිදි ඇමෙරිකානුවකු බවත් ඔහු සුදු ජාතික අන්තවාදී කල්ලියක සාමාජිකයකු බවත් පොලිසිය පවසයි. මයිකල් පේජ් සම්බන්ධ එම සුදු ජාතික අන්තවාදී කල්ලිය ගැන ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් පවතී. පේජ් දේවස්ථානයට කඩා වැදී වෙඩි තැබූ අවස්ථාවේදී ඒ බව වාර්තා වී එහි ගිය පොලිස් නිලධාරියකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පේජ් මියගියේය. සුදු ජාතිකයන් ඉහළයි යැයි විශ්වාස කරන අන්තවාදී කල්ලි ඇමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක කි‍්‍රයාත්මකය. වෙඩි ප‍්‍රහාරය තරයේ හෙළා දකිමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ප‍්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට නම් ඇමෙරිකානුවන් වශයෙන් සැවොම එකමුතු විය යුතු බවය. මේ අතර ඇමෙරිකාවේ සීක්වරුන්ට එල්ල වූ එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා රජයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ සීක්වරු ඊයේ (7) නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වූහ.
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.
සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සීක් දෙවොලට වෙඩි තැබුවේ සුදු ජාතික අන්තවාදියෙක්
චාමර Thursday, 09 August 2012 06:49 PM
අනේ පවු නේද? යස වැඩේ. (නි)
ෂර්ෆාස් Wednesday, 08 August 2012 10:21 PM
තවත් ඇමරිකන් ත්‍රස්ත මැර ප්‍රහාරයක්. (නි)
කේ .එම් Wednesday, 08 August 2012 11:51 AM
ඔය මිනිස්සු ඔහොමම මතයි (දී)
ගාමිණී -කුවේට් Thursday, 09 August 2012 02:52 AM
ඔන්න පොටක් පෑදුණා. (නි)