සිංගප්පූරුවේ රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ මැයි සිට සේවා ස්ථාන වල අන්තර්ජාල ප්‍රවේශය තහනම් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහි අරමුණ වන්නේ සේවයේ නියුතු ආයතනයේ ඊ-මේල් සහ දත්ත හුවමාරු ක්‍රම මගින් සිදුවිය හැකි දත්ත පිටවීම් අවම කිරීමටයි. එමෙන්ම රජයේ සේවකයන්ටද සේවා කාර්යයන් සම්බන්ධ තොරතුරු පෞද්ගලික ඊ-මේල් වෙත යැවීම තහනම් කරන බවට නිලධාරීහු පවසති.
මෙම පියවර සිංගප්පූරුවේ බෙහෙවින් උසස් ස්මාර්ට් තාක්ෂණ වැඩසටහනට විරුද්ධව කෙරෙන පියවරක් වනු ඇතැයි ඇතැමුන් සලකන නමුත් මෙය එලෙස සිදුවන්නක් නොවන අතර මෙම වැඩසටහන සයිබර් ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂාවීමට සහ "වඩා ආරක්ෂිත වැඩ කිරීමේ පරිසරයක්" නිර්මාණය කිරීම සඳහා බව නිලධාරීහු කියති.
මේ තහනම ඉන්ෆොකොම් ඩිවෙලොප්මන්ට් ආයතනය විසින් එරට තොරතුරු ජාලය තවත් ආරක්ෂිත කිරීමට සිංගප්පූරු රජයේ අනුමැතිය සහිතව කෙරුණු තොරතුරු තාක්ෂණික ආරක්ෂක විශ්ලේෂණයක ප්‍රතිපලයක් බව ද සදහන් වේ.
ලොව අනෙකුත් රටවල මෙන් සිංගප්පූරුවටද සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බවත් 2013 දී අගමැති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී තිබු බවත් එම නිලධාරීහු කියති.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිංගප්පූරු රාජ්‍ය සේවකයන්ට අන්තර්ජාල වැටක්
නලින් යහම්පත් Saturday, 11 June 2016 10:22 AM
මේවා අපේ රටට ගෙන්න කිව්වොත් කියාවි , අර කාර් ගෙන්නන එකට රාජිත ඇමති සිංගප්පුරුව සමාන කරපු කතාවම , සින්ගපුරුව පොඩි රටක් අපේ කොළඹ වගේ ඉන්ටෙර්නෙට් එහේ ඕනේ නැහැ කියලා (හේ)
කමනි Friday, 10 June 2016 09:38 AM
මම හිතුවා අපේ රටේ වගේ දවසම අන්තර්ජාලයේ ගත කරන නිසා කියලා.(ම)