IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සතුටින් කෑවොත් මහත්වන්නේ නෑ

තරබාරුබව ඇතිවීමට හේතුවන ආහාරයක් වුව ද කැමැත්තෙන් හා රසවිදිමින් කන්නේ නම් එය මහත්වීමට හේතුවක් නොවේයැයි මනෝ විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ ආහාරවල ආශ්වාදය මිනිසුන්ගේ යහ පැවැත්වමට අත්‍යාවශ්‍ය බවයි. තමන් ගන්නා ආහාරය වැරදි ආහාරයක් ලෙස සළකා ගතහොත් සිරුරේ බර ඒ නිසාම කිලෝ කිහිපයකින් වැඩිවන බවත් ඔවුහු පෙන්වා දෙති.

ආහාර රුචිය පිළිබද තොරතුරු ඇතුලත් ජාත්‍යන්තර සගරාවක මේ සම්බන්ධ තොරතුරු දක්වා ඇත. ඔවුන් පවසන්නේ ලොව චොකලට් අනුභවය අතින් හත්වැනි ස්ථානයේ සිටින බ්‍රිතාන්‍යයේ වාර්ෂික ඒක පුද්ගල චොකලට් පරිභෝජනය රාත්තල් 17ක් පමණ වන බවයි. විනෝදයක් ලෙස චොකලට් ආහාරයට ගන්නේ නම් ඔවුන්ගේ බර වැඩිවිමට චොකලට හේතු නොවන බව මේ පර්යේෂකයෝ කියති.

එසේ වුව ද අධික ලෙස‍ මේදය හා සීනි ඇති බැවින් චොකලට් කෑම තරබාරුබවට හේතුවිය යුතුය. නවසීලන්තයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කළ මේ පර්යේෂණයෙන් පෙන්වා ඇත්තේ තරබාරු බවට මිනිස් සිතිවිලි ද හේතුවන බවයි. ආචාර්ය රොලින් කුජිර් සහ ජෙසිකා බොයිස් මේ පර්යේෂණය සදහා වයස අවුරුදු 18ත් 86ත් අතර පුද්ගලයන් 300ක් තෝරාගෙන ඔවුන්ගේ බර ආහාර පුරුදු මගින් අඩුකැර ගැනීමේ හැකියාව පිළිබ
ද අධ්‍යයනය කැර ඇත.

ඉන් සියයට 27 ක් චොකලට් කෑමට ගත්තේ අකමැත්තෙනි. සියයට 73 ක් කැමැත්තෙන් චොකලට් ආහාරයට ගෙන තිබිණි. මාස 18 ක් පුරා දත්ත විශ්ලේෂණය කිරිමෙන් අනුතුරුව සොයාගනු ලැබූවේ අකමැත්තෙන් චොකලට් කෑ පිරිස බර වැඩිකරගෙන ඇති බවයි. චොකලට් කෑමට වැඩි රුචිකත්වයක් දැක්වූ අය සිරුරේ බර වැඩිකැරගෙන නැත.

ආහාරවල ඇති ප්‍රියජනක බව පසුගිය කාලයට වඩා අවධානය යොමු කළ යුතු බව පෙන්වාදෙන කාර්ඩිප් මෙට්‍රොපොලින්ටන් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ පෝල් බක්ලි පවසන්නේ පිරිමින්ට වඩා ගැහැනුන්ට ආහාර රුචිකත්වය සම්බන්ධයෙන් වැඩි බලපෑඹක් ඇති බවයි. ඇතැම් පුද්ගලයන් විවිධ ආහාරවලින් ඇතිවන බලපෑම් ගැන පසුතැවෙන බවත් එවැනි හැසිරිම් සහජයෙන් හෝ පාරම්පරික උරුමයෙන් හටගන්නා බැවින් වෙනස් කිරීම අපහසු බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.

 



අදහස් (0)

සතුටින් කෑවොත් මහත්වන්නේ නෑ

චන්ද්‍රසිරි Tuesday, 03 December 2013 01:36 PM

කෑම සතුටින් කන්න නම් කෑම රස වෙන්න ඕන. (ස)

:       0       0

සචින් Tuesday, 03 December 2013 01:48 PM

එහෙනම් මම අද ඉඳන් තරහින් කෑම කනවා. එතකොට වත් මහත් වෙයිද බලමු. (ස)

:       0       0

මගලි පර්නෑන්ඩු Tuesday, 03 December 2013 08:17 PM

ඔව් මෙ අයට පිස්සු. ඒකයි මේ. කොහොම කෑවත් මහත් වෙන කෙනා මහත් වෙනවා.(නදී)

:       0       0

සුලෝචන Tuesday, 03 December 2013 02:53 PM

කොහොම කෑවත් මොකෝ බඩගින්න නිවෙනවා නම්... (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 04 December 2013 08:41 AM

ඕවා කන්න මේ දවස් වල සල්ලි නෑ. (ස)

:       0       0

කුමාරි Tuesday, 03 December 2013 09:54 AM

අනේ අපොයි මෙයා වගේද කන්න කියන්නේ. චික් කැතේ බෑ (නදී)

:       0       0

රුමා Wednesday, 04 December 2013 11:47 PM

බඩගින්න යන්න කෑවහම හොදටම ඇති. (නි)

:       0       0

චානුක Tuesday, 03 December 2013 06:03 AM

අපොයි! (නි)

:       0       0

ගයාන් කොස්වත්ත Tuesday, 03 December 2013 11:04 PM

අනේ ඒ වුණාට, මම කොච්චර කැමැත්තෙන් ආසාවෙන් කෑවත් මහත් වෙනවනේ. චොකලට් එහෙම හරිම ආසාවෙන් කන්නේ (නි)

:       0       0

බන්චි Wednesday, 04 December 2013 11:12 AM

ඔය බඩ මහත් වෙන කාන්තාවන්ට එහෙම වෙන්නේ නොසතුටින් කාපු නිසාද?දෙයියෝ සාක්කි. (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 04 December 2013 04:47 PM

එහෙනම් ලංකාවේ ජනතාව අලි වගේ වෙන්න ඕනේ. මොකද තුන් වෙලාම කන්නේ හුල්ල හුල්ලනේ. අනේ කාලේ වනේ වාසේ තවකල් යනකොට කීයයි සතුටින් ඉන්නවනම් කන්න ඕනෙම නෑ කියලා. (ස)

:       0       0

මිලින්ද Tuesday, 03 December 2013 11:08 AM

මුදිත, ඔබ හරියටම හරි.අපේ අයත් ඕනෑ කෙනෙක් ගහන ගහන පදේට නටනවා. අපේ පැරැන්නෝ කෑවෙ බිව්වෙ කොහොමද කියලා හොයලා බැලුවා නම් හොඳයි නේද? (නි)

:       0       0

මුදිත Tuesday, 03 December 2013 07:44 AM

කලින් කලට මොනවා කියනවද මන්දා.... (ස)

:       0       0

අරුණ Tuesday, 03 December 2013 11:40 AM

මහතුරුන්ගේ මුදල් පසුම්බියට දෙයියන්ගේම පිහිටයි. දැන් නෝනලා ආසාවට කන්න ගත්තොත් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1918 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site