ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊජිප්තුව මැදිහත් වී ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වෙමින්, සටන් විරාමයකට යෑමට ඊශ‍්‍රායල රජයත් ගාසා තීරය පාලනය කරන හමාස් සටන්කාමී සංවිධානයත් ඊයේ (22) එකඟ විය.
ඒ අනුව සතියක් තිස්සේ පැවැති ගැටුම් අවසන් වූ බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ඊජිප්තු විදේශ ඇමැති මොහොම්මඞ් කමේල් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.
ඊශ‍්‍රායල රජයත් හමාස් සංවිධානයත් අතර හටගත් අර්බුදය විසඳීමට මැදහත්කරු ලෙස කි‍්‍රයා කළේ ඊජිප්තු රජයයි.
ගාසා තීරයේ ගැටුම් උත්සන්න වූ විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්, ඊජිප්තුවට ගොස් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි හමුවී ගාසා අර්බුදය ගැන සාකච්ඡා කළේය.
තමන් මැදිහත් වී, ගාසා තීරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය නැවැත්වීමට වහා පියවර ගන්නා බව ජනපති මොර්සි එහිදී පොරොන්දු විය. ඊජිප්තු විදේශ ඇමැතිවරයා , හමාස් සටන්කාමීන් සහ ඊශ‍්‍රායල රජය සමඟ සාකච්ඡුා ආරම්භ කළේ ඉන් පසුවය.
ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ද අවස්ථා කිහිපයකදී ඊජිප්තු ජනපතිගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට පියවර ගන්නා ලෙසය.
සටන් විරාමයට එකඟ වීමත් සමඟ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් හෝ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් හෝ පහර දීමක් සිදු නොකරන ලෙස ඊශ‍්‍රායල රජය එකඟ වී සිටින අතර හමාස් සටන්කාමීන් ද පවසන්නේ ඊශ‍්‍රායලයට පහර දීම නවතා දැවූ බවය.
සටන් විරාමයට තමන් එකඟ වූ බව පිටුවහල් වී සිටින හමාස් නායක කලීඞ් මෙෂාල් මෙන්ම ඊශ‍්‍රයල අගමැති මෙන්ජමින් නෙදන්යාහු ද පවසා ඇත.
ගාසා තීරයේ ගැටුම් ඇවිලී ගියේ ඉකුත් 14 වැනිදාය. ඒ, ඊශ‍්‍රායල ගුවන් හමුදා හමාස් සංවිධානයේ හමුදා ප‍්‍රධානී අහ්මඞ් සයිඞ් කලීල් අල් ජාබරි ඝාතනය වීමත්, ඊට විරෝධය දක්වමින් හමාස් සටන්කාමීන් ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟය. සතියක් පුරා පැවැති එම ගැටුම්වලින් 160 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සතියක් පුරා ගාසා තීරයේ පැවැති ගැටුම් අවසන්
පහන් Friday, 23 November 2012 10:00 AM
පරවියා පැමිණියා, ඉතාම සතුටුයි. (ස)
මධූ Friday, 23 November 2012 12:25 PM
නතර කලේ නැත්නම් වෙන දේ දන්නවානේ (ස)