IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


සුනාමි දරුවනට එතෙර කතගෙන් ළමා නිවාසයක්

සුනාමියට හසුව අකාලයේ මියගිය තම දියණිය සිහිකිරීමට බි‍්‍රතාන්‍යය ජාතික කිම් හා ටි‍්‍රස්ටන් පෙට්ෆීල්ඞ් දෙපළ ඇතිකළ තංගල්ලේ චන්ද්‍රපුර ළමා නිවාසය අද දිනයේ ළමුන් රැසකට සෙවණ දෙන්නකි.

කිම් හා ටි‍්‍රස්ටන් ශී‍්‍රලංකාවට ආගන්තුකයින් නොවේ.නිවාඩුවක් ලද විගස ඔවුන් පැමිණෙන්නේ මෙහිය.එම දෛවෝපගත දිනයේ ඔවුන් සිටියේ තංගල්ලේ සංචාරක බංගලාවක් කුලියට ගෙන එහි නැවතීය.

එදින උදැෑසනින්ම නැගිටි තමා බංගලාවේ දොර විවර කළ බැලූ විට දුටුයේ අඩි ගණනක් උස විශාල මුහුදු රළක් ගොඩබිමට ඇදී එන අයරු බව ඒ අඳුරු දිනයේ මතකයන් සිහියට නගනා කිම් කියයි.තම සැමියා ටි‍්‍රස්ටන් වහාම බංගලාවේ ඉදිරි දොර වසා ජලය ඇතුල්වීම වළක්වන්නට තැත් කළත් එයින් ඵලක් නොවූනු බවද ඇය පවසයි.

ක‍්‍රමයෙන් ජලය පිරෙන්නට පටන් ගත් බංගලාවෙන් පිටතට යාගත නොහැකිව ලතවෙමින් සිටි ඔවුන් අවසානයේ උත්සාහ දරා තිබෙන්නේ පසුපස දොර හැරගෙන පිටතට යෑමටය.දොර විවර කරගත් විගස වැදුණු තවත් ජල පහරකින් තම ඇගේ එල්ලී සිටි දියණිය ඉසබෙලා ගසාගෙන ගිය බව කිම් කියන්නේ කදුළු අතරින්ය.

 

‘මොකද වුනේ කියලා හිතාගන්න බැරිවුනා.මගේ ඇගේ එල්ලිලා හිටිය ඇය එක පාරටම අතුරුදහන් වුනා.නිවස අදුරු පැහැ ජලයෙන් පිරිලා.ඇය කොහේද කියා මා පිස්සියෙක් වගේ හෙව්වා.නමුත් ඇය හමුවුනේ නැහැ‘ ඇය පවසයි.

කිම් ඊළග අවස්ථාවේ ඇස්ඇර බලන විට ඇය සිටි ඇත්තේ රෝහලකය.ඇයගේ පාදයක් දරුණු ලෙස තුවාළ වී තිබුණි.සැමියා ඇය අසළ නොවීය.ඔහුද මියගොස් ඇතැයි ඇය සිතුවත් ඇත්තෙන්ම ඔහු සිටියේ ඉසබෙලා සොයා ප‍්‍රදේශය පිීරමින්ය.

 

දින දෙකක් ගතවීත් තම දියණිය සොයාගත නුහුණු තැන කිම්ගේ සැමියා ටි‍්‍රස්ටන් ඊළගට ගොස් ඇත්තේ රෝහල් වල මෘත ශරීරාගාර පරීක්ෂා කිරීමටය.එක් රෝහලක තිබූ කුඩා මිනී පෙට්ටියක් පරීක්ෂා කිරීමේදී මුළු ලොවම කඩාවැටුණා වැනි හැගීමක් දැනුනු බව ඔහු කියයි.

‘එකෙ හිටියේ මගේ ඉසබෙලා.රෝහලේ නිළධාරීන් මගෙන් එක සැරයක් නොවේ තුන්සැරයක්ම ඇහුවා මේ ඉන්නේ ඔයාගේ දුවද කියලා.මම ඔව් ඔව් කියලා හීනෙන් වගේ උත්තර දුන්නා මතකයි‘ ටි‍්‍රස්ටන් සිහිකැඳවයි.

කිම් සුවය ලැබූ වහා දෙදෙන බි‍්‍රතාන්‍යය බලා පිටත් විය.නමුත් ඔවුන්ගේ හිත තිබුණේ ශී‍්‍ර ලංකාවේය.

අවසාන ප‍්‍රතිඵලය වූයේ ඉසබෙලා නමින් ළමා නිවාසයක් පිහිටුවන්නට ඔවුන් ඉටා ගැනීමය.තම මිතුරන් හා ඥාතීන්ගේ පිහිටෙන් අරමුදලක් පිහිටුවාගත් කිම් හා ටි‍්‍රස්ටන් සැළකිය යුතු මුදලක් එකතු කර ගත්තාය. නැවත ශී‍්‍ර ලංකාවට පැමිණි ඔවුහු දියණිය අහිමිවූ තංගල්ල ප‍්‍රදේශයේම චන්ද්‍රපුර ළමා නිවාසය පිහිටැවූහ.

‘මට අහිමිවුනේ මගේ දුව විතරයි.ඒත් මෙතන ඉන්න සමහර දරුවන්ට ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අහිමිවෙලා.මගේ දුක මට අහිමිවීමේ දුක මම තුනී කරගන්නේ මේ දරුවන්ට පිහිටවෙලා‘ කිම් කියයි.

චන්ද්‍රපුරට මෙදා නත්තල් තෑගිද බරටම ලැබුණි.ඒ සියල්ලට දායකත්වය සපයා තිබුණේ බි‍්‍රතාන්‍යයේ වෙසෙනා කිම් හා ටි‍්‍රස්ටන්ගේ හිතමිතුරන්ය.ඉදිරි කාලයේදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු පහසු කිරීමට පරිගණක කිහිපයක්ද ලබාදීමට සැළසුම් කර තිබෙන බව සඳහන්ය.

ළමා නිවාසයේ සිටින දරුවන් කුඩා ඉසබෙලාව කිසිදිනෙක දැෑසින්වත් දැක නොතිබුණත් ඇයව තම ළගම මිතුරියක් ලෙස සළකන්නෝය.‘.ඉසබෙලා කියන්නේ මගේ මිතුරිය.ඇය නිසා තමයි මට මෙහෙ එන්න ලැබුණේ‘.ඔවුහු කියන්නෝය.

මෙම ළමයින් බලාකියා ගැනීමට භාරකාරිනියක්ද පත්කර ඇත. සුනාමියෙන් අවතැන්වූ දරුවන් සේම වීදියේ අතරමංව සිටි ආදී සමාජයේ නොයෙකුත් පීඩා වලට ලක්වුනු දරුවන්ද මෙතැන සිටින බව ඇය කියයි.

 

‘සුනාමියට හසුවෙලා දෙමව්පියන් නැතිවුනු දරුවන් කාලයක් යනකන්ම මුහුදට බයේ හිටියේ.නමුත් දැන් ඔවුන් සුවපත් වෙලා.සෙල්ලම් කරනවා පාඩම් කරනවා සාමාන්‍ය ළමයි වගේම.ඉසබෙලාටත් ඇයගේ දෙමව්පියන්ටත් තමයි එහි ගෞරවය ලැබෙන්නේ‘

ඇය පවසයි.

ඉසබෙලා නමින් පිහිටුවා තිබෙන අරමුදලට ඔනෑම අයෙකුට දායක විය හැකිය.මේ දරුවන්ට තව තවත් සම්පත් හා සේවා සපයා දීමට ඉන් ලැබෙන මුදල් යොදාගන්නා බව කිම් හා ටි‍්‍රස්ටන් දෙපළ කියයි.



අදහස් (0)

සුනාමි දරුවනට එතෙර කතගෙන් ළමා නිවාසයක්

ශ්‍රීලාල් Monday, 29 December 2014 10:03 PM

මේකෙනුත් කීයක්හරි ගහගන්න හදයිද දන්නෙ නැහැ අපේ කට්ටිය (නි)

:       0       0

ප්‍රියානි වීරකෝන් Monday, 29 December 2014 10:43 AM

මේ දේපල ඉසබෙලා වෙනුවෙන් කරන පරිත්‍යාගය උතුම්.(හේ)

:       0       0

නුවන් Sunday, 28 December 2014 07:42 PM

මට ක්‍රිස්ටිනාගේ ලිපිනය, ඊමේල් ලිපිනය හෝ දුරකථන අංකය ලබාදෙන්නේ නම් මැනවි (නි)

:       0       0

සුමුදු Sunday, 28 December 2014 10:39 PM

සුපිරි වැඩක්! (නි)

:       0       0

රත්නායක Monday, 29 December 2014 12:11 AM

මෙන්න මිනිස්සු! (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 31 December 2014 08:33 PM

මෙන්න මීට වසර 10 ට පෙර සුනාමි ව්‍යයසනය අදත් හද සැළෙන සේ සමරමින් තමන්ට අහිමි වූ සදාදරණීය දියණිය සිහිකරමින්, එදා දෙමාපියන් අහිමි වූ අපේ අසරණ දරුවන්ගේ රැකවරණය නොමසුරුව සළසන ආදර්ශවත් විදේශීය යුවලක්. නරකද අපේ දානපතියනුත් මෙම අරමුදලට දායක වුණොත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2802 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1747 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 638 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2737 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 123 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 251 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site