IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සයිකල් සූරයාට නඩු

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර වාසිී හෙක්ටර් මාර්ටිනේස් යතුරුපැදි ලෝලියෙකි. යතුරුපැදි වලින් තොර ලොවක් ඔහුට නොවීය.

හෙක්ටර්ට සිය දිවියේ සහකාරිය හමුවන්නේ මෙසේ යතුරුපැදිවලම ඇලී ගැලී සිටිනාතුරදීය.හොදම හරිය නම් පෙගී හර්නැන්ඩ්ස් නම් ඇයත් යතුරුපැදි ලෝලියෙකු වීමයි.මාස කිහිපයක් පෙමින් වෙලී සිට අවසානයේ පෙගීට විවාහයෝජනාවක් ඉදිරිපත් කිරීමට කාලය හරි යැයි තීරණය කරන හෙක්ටර් ඇයව සිය යතුරුපැදියේ හිදුවාගෙන ලොස් ඇන්ජලිස් නුවර අධිවේගී මාර්ගයක රැගෙන යන්නේ මෙයත් සාමාන්‍ය හමුවීමක් බවට ඇයට ඒත්තු ගන්වමිනි.

එක්වරම අධිවේගී මාර්ගය වසාගෙන පැමිණෙන යතුරුපැදි කරුවන් කණ්ඩායමක් හෙක්ටර් හා පෙගී ගමන් කරමින් සිටි යතුරුපැදිය වටකර ගන්නේ අනතුරු ඇගවීමකින් තොරවමය.පෙගී බියපත් වුවද  හෙක්ටර් ඇයව යතුරුපැදියෙන් බස්වා ඇය වටා යතුරුපැදියෙන් ගමන් කරමින් ‘සෙල්ලම් කිහිපයක්‘ පෙන්වා අවසන දණින් වැටී ඇයගේ අත ඉල්ලා සිටින්නේ අනෙක් යතුරුපැදි කරුවනුත් ඔවුන් දෙදෙන වටා ‘නටමින්‘ සිටිනාතුරදීය. මෙය තමන් මවිත කිරීමට හෙක්ටර් ගත් උත්සාහයක් බව එවිට වටහා ගන්නා පෙගී හෙක්ටර්ට සිය කැමැත්ත ලබා දෙන්නේ හෙක්ටර්ගේ උත්සාහය මල්ඵල ගන්වමිනි.

සියල්ල හොදින් සිදුවුවද මේ  දෙස පොලිසිය බලා සිටියේ මුහුණු ඇඹුල් කරගෙනය.‘උත්සවය‘ හමාර වූ පසු හෙක්ටර්ට චෝදනා නැගූ ඔවුන් දැන් ඔහුට අධිවේගී මාර්ගයක රථ ගමනාගමනටය බාධා කිරීම යන චෝදනාව යටතේ නඩු පැවැරීමට යයි. මේ සියල්ල තුට්ටුවකටවත් ගණන් නොගෙන ඇති හෙක්ටර් තමන් හා එක්වූ 710 පමණ වන සෙසු යතුරුපැදි මිතුරන්ට සිය ස්තූතිය පළ කළේය.



අදහස් (0)

සයිකල් සූරයාට නඩු

නිත්‍යා Saturday, 02 February 2013 03:32 PM

ඕවා එයාලට සුළු දේවල්, අපි ගණන් ගත යුතු නෑ (ස)

:       0       0

ගාමිණී Friday, 01 February 2013 08:47 PM

ගනන් ගන්න එපා කොල්ලගෙයි කෙල්ලගෙයි තරුණ වයසනෙ, නඩුව අස්කරගන්න, අපිත් සුභ පතනවා.(නදී)

:       0       0

දමිත් Monday, 04 February 2013 01:40 AM

එයට අපි කියන්නේ ආදරය කියලා. ඔබට ජය සහෝදරයා!.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site