දුම්රිය මාර්ගයෙන් යුරෝපා රටවලට අනවසර සංක්‍රමණිකයන් ඇතුළුවීම වැළැක්වීමට හංගේරියාව ගත් තීරණයට විරෝධය දක්වමින් බුඩාපෙස්ට් දුම්රිය ස්ථානයේ උද්ඝෝෂණ අද දින ද පැවැත්විණි.
බුඩාපෙස්ට් හි කෙලෙටි දුම්රිය ස්ථානයේ සිටින මේ විරෝධතා කරුවන් පවසන්නේ හංගේරියාව ඔස්සේ යුරෝපයට ඇතුළුවීමට දුම්රිය අවසර පත්‍ර රැගෙන තිබිය දීත් තම ගමන වැළැක්වීම වරදක් බවයි. ජර්මනිය වෙත යාමට අවසර දෙන්නැයි මේ උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති. සිරියාවේ දී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී දිවි පරදුවට තබා පැමිණ ඇති බවත් දැන් කෑම හෝ නින්දක් නොමැතිව අසරණව සිටින බවත් ඔවුහු කියති.
මෙසේ පැමිණි පිරිස් අතර ඇෆ්ගනිස්තානය, ඉරාකය ආදී වශයෙන් වර්තමානයේ අර්බුදයන්ට ලක්ව ඇති රාජ්‍යයන්ගේ සංක්‍රමණිකයන්ද සිටින බව විදෙස් වාර්තා පවසයි. වාර්තා පෙන්වාදෙන්නේ සංක්‍රමනිකයන් 4000ට වැඩි පිරිසක් දැනටමත් ග්‍රීසිය වෙත පැමිණ ඇති බවයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සරණාගතයෝ දුම්රිය නැවතුමේ උද්ඝෝෂණයේ
ලක්මාල් Thursday, 03 September 2015 04:37 AM
ඉතාලිය මෙම සරණාගතයන් පැමිණීම වැළැක්වීමට කිසිදු පියවරක් නොගැනීම නිසා ඔවුන්ගේ පැමිණීම දිනෙන් දින වර්ධනය වේ. පසුගියදා යුරෝපා සාමාජිකත්වය නැතිවීමට ඔන්න මෙන්න තිබුන ග්‍රීසියත් දැන් දැන් මෙම ප්‍රශ්නය ඉදිරියට දමා ආරක්ෂා වී සිටිනවා. නමුත් මෙය පාලනය නොකර කපටි පිළිවෙත් අනුගමනය කිරීමෙන් අහිංසක ජීවිත සහ රජයන් අතර ප්‍රශ්න ඇතිවීමට මෙය හේතුවක් වෙලා. ඉතාලිය හදන්නේ ලෝකයට හොඳ මුහුණ පෙන්නගෙන අසරණ අහිංසකයන් බිල්ලට දීම. (නි)
උදාර Thursday, 03 September 2015 04:39 AM
බාරගත්තා වගේ නෙමෙයි, ඊටපස්සේ මුහුණදෙන්න වෙන ප්‍රශ්න (නි)
දිලිප් Thursday, 03 September 2015 05:49 AM
මේ රටට නම් කිසිම රටක අය බාරනොගත යුතුයි (නි)
මාගලී ෆොන්සේකා Thursday, 03 September 2015 06:38 AM
එන එක වැළැක්වුවොත් අපේ අයත් අනාථයි කියන එකත් මතක තියාගන්න හැමෝම.යුරෝපයේ දවසකට ලංකාවේ අය කීදෙනෙක් එනවද? කීදෙනක් අහුවෙනවද? (නි)
දර්ශ Thursday, 03 September 2015 07:04 AM
සංක්‍රමණික නාමයෙන් කරන යුද්ධ නැති ආක්‍රමණ. (නි)
ඉනෝකා Wednesday, 02 September 2015 09:49 PM
මේ අසරණ මිනිසුන්ගේ අසරණබාවයත් විඩාවට සහ කුසගින්නෙන් හඬන කුඩා දරුවනුත් රූපවාහිනියෙන් දැකීම මහත් වේදනා උපදවන දසුනකි.යුරෝපයටම එන්න හදන මේ මිනිසුන්ව යුද්ධයක් නැති අනෙකුත් අරාබි රටවල් බාර නොගන්නේ ඇයිදැයි මට නම් ප්‍රහේළිකාවකි. ඒ රටවල් තමන්ගේම ජනතාව මෙසේ ප්‍රතික්ෂේප කරන්නේ මන්ද.....? (නි)
සුකිරි Thursday, 03 September 2015 07:29 AM
ඉනෝකා අහන ප්‍රශ්නයම තමා මටත් අහන්න තියෙන්නේ. ලෝකේ සුද්දන්ගේ රටවලට වඩා සල්ලිත් තියාගෙන ඉඩකඩත් තියාගෙන හිටියට තමන්ගේ ජාතියටවත් වැඩක් නැහැ. ඇයි සෞදියට,ඩුබායි වලට මේ අය බාරගන්න බැරි.අඩුම ගානේ වැඩටවත්. (නි)
සමන්තිකා Thursday, 03 September 2015 12:42 PM
හංගේරියාවේ සිට ඊයේ දුම්රියකින් විශාල පිරිසක් ජර්මනියේ මුනිච් නගරයට පැමිණ තිබුනා.දරාගැනීමට අපහසු ලෙස විශාල පිරිසක් දැනටමත් ජර්මනියට පැමිණ තිබේ. (නි)