IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිරියානු අර්බුදය විසඳන්න ඉරානයෙන් උදවු ගන්නවා

සිරියානු අර්බුදය විසඳීමට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත්, බලයෙන් ඉවත් වන්නේ නම් ජනපති බෂීර් අල් අසාද්ගේ ආරක්ෂාව ගැන තමන් වගබලා ගන්නා බවත් සිරියානු විපක්ෂ නායක මෝසා අල්කටීබ් පවසයි.
සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් 67,000 කට වැඩි පිරිසක් ජීවත්ක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීමය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී ඉරානය, චීනය සහ රුසියාව බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය පළ කරයි.
සිරියා විපක්ෂය පවතින අර්බුදයට පිළියම් සෙවීමේ අරමුණින් ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කළ ප‍්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි.
ඉරානය සමඟ සාකච්ඡුා පැවැත්වීමට තමන් සූදානම් යැයි සිරියානු විපක්ෂ නායක මෝසා අල්කටීබ් කියා සිටියේ ඇමෙරිකානු උප ජනපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදීය.
සිරියානු ජනපති අසාද් රජය නියෝජනය කරමින් ඔහුගේ දෙවැනියා වන උප ජනපති හමුවීමට ද තමන් සූදානම් යැයි ද මෝසා අල්කටීබ් එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.
සිරියානු කැරැලිකරුවන්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් පිහිටුවා ගත් දේශපාලන හඬ වන්නේ සිරියානු ජාතික පාලක මණ්ඩලයයි.
ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් සිරියානු ජනතාවගේ සැබෑ හඬ ලෙස පිළිගන්නේ එම පාලක මණ්ඩලයයි.
ඔවුන් එක් වී අවස්ථා ගණනාවකදී සිරියානු අර්බුදයට පිළියම් ඉදිරිපත් කළ අතර, එය බටහිර රටවල් විසින් පිළිගනු ලැබුණි. කෙසේ නමුත් ඉරානය, රුසියාව සහ චීනය සිරියානු රජයත් සමඟ එක් වී ඊට එරෙහි විය.
 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ලිබියාවට කළාක් මෙන් යෝජනාවලියක් සම්මත කර, සිරියාවට හමුදා ප‍්‍රහාර එල්ල කිරීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළ නමුත්, ආරක්ෂක මණ්ඩලයේ සෙසු නිත්‍ය සාමාජිකයන් වන චීනය සහ රුසියාව ඊට විරුද්ධ වූයේ නිෂේධ බලය පාවිච්චි කරමිනි.

අල්කටීබ් (වමේ) ඇමෙරිකානු උප ජනපති බයිඩන් හමුවී...

 



අදහස් (0)

සිරියානු අර්බුදය විසඳන්න ඉරානයෙන් උදවු ගන්නවා

මරේ Thursday, 07 February 2013 02:21 PM

කොහොම හරි කමක් නැහැ, ආරවුල් නම් එපා (දී)

:       0       0

ස්‍රක්‍රියා Thursday, 07 February 2013 02:22 PM

සිල්වා , යුරෝපය විවේචනය කර කර එහේ ඉන්නේ නැතුව එන්නකෝ ලංකාවට .(ස)

:       0       0

සුභාෂිනි Thursday, 07 February 2013 02:24 PM

තමන්ගේ රටේ ප්‍රශ්න තමන්ම විසඳ ගන්න ඕනේ. (දී)

:       0       0

සුදීර Thursday, 07 February 2013 02:25 PM

කොහොම හරි අර්බුදය සාමකාමිව විසඳ ගනන්යි අවශ්‍ය. (දී)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 05:27 PM

රොශාන්, එකඟ නොවුනත් සත්‍යය එයයි. යුරෝපා රටක ජීවත්වන මට එය හොදට තේරෙනවා.හොදම උදාහරණය අපේ රටේ යුද්ධය අවසන්වීම ගැන ඔවුන්ගේ බලවත්  විරෝධය.(නදී)

:       0       0

ලාල් Wednesday, 06 February 2013 06:12 PM

මේ සිරියානු ත්‍රස්තවාදීන්ට මරණ දන්ඩනය දිය යුතුයි.(නදී)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 01:44 PM

රටක අර්බුද ඇතිකර ආයුධ විකිණීම බටහිරයන්ගේ ක්‍රමයයි. අහිංසක මිනිසුන්ගේ ජීවිත  බිල්ලට දී සැප විදින ජාතියක්. (නි)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 03:18 PM

රටක අර්බුද ඇතිකර ආයුධ විකිණීම බටහිරයන්ගේ ක්‍රමයයි.අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලටදී සැප විදින ජාතියක්. uno එක දුප්පත් රටවලට නොයෙකුත් ආකාරලව බලපෑම් කිරීමට යොදා ගන්නා ඔවුගේ මෙවලමක් පමණයි. (ස)

:       0       0

රොශාන් Wednesday, 06 February 2013 03:40 PM

සිල්වා සමග මම එකඟ නොවෙමි (ස)

:       0       0

නියාස් Thursday, 07 February 2013 03:41 AM

ඊශ්‍රායලයට ඔනේ කලාපයේ ස්‍රපිරි බලවතා වෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1930 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site