IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


සිරියානු හමුදා ප‍්‍රහාරවලින් සිවිල් වැසියෝ 200 ක් මරුට

සිරියා රජය හමුදා ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ යුද ටැංකි යොදා ගනිමින් එරට හාමා ප‍්‍රාන්තයේ නගරයකට පෙරේදා (13) එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 200 දෙනකු මියගොස් ඇතැයි සිරියානු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. ප‍්‍රහාරය එල්ල වූයේ ටෙ‍්‍රයිම්සා නමැති නගරයටය. එහි 7,000 ක් පමණ ජනතාවක් ජීවත් වූ බවත් ප‍්‍රහාරයෙන් මියගිය 200 දෙනාගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් සිරියානු මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ප‍්‍රධානී රාමී අබ්දෙල් රෙහ්මාන් ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා ඇත. සිරියා හමුදා එම නගරයට  පහර දී ඇත්තේ රජයට එරෙහිව අවි ගෙන සටන් වදින ‘නිදහස් සිරියානු හමුදාව’ යනුවෙන් හැඳින්වෙන කැරැලිකරුවන්ට නායකත්වය දෙන අබ් මොහොමඞ් සොයමින්ය. කෙසේ නමුත් සිරියා රජයට අයත් ‘සානා’ පුවත් සේවය වාර්තා කර ඇත්තේ සිරියා රජය ‘ත‍්‍රස්තවාදීන්’ සමඟ දරුණු සටනක් සිදුකළ බවය. තමන් එල්ල කළ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මිය නොගිය බවත් මියගියේ අල් කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් බවත් සිරියා රජය කියා සිටී. සිරියාවේ කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලයයි. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා ඇත්තේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය තවත් සමූල ඝාතනයක් සිදු කර ඇති බවය. මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධානය පවසා ඇත්තේ සිරියා රජය තහනම්කර ඇති  පොකුරු බෝම්බ යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවය.



අදහස් (0)

සිරියානු හමුදා ප‍්‍රහාරවලින් සිවිල් වැසියෝ 200 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2702 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1696 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 609 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2726 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 123 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 251 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site