IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිරියාවට එරෙහි තීරණයක් ගන්න වෙලාව ඇවිල්ලා

සිරියාවේ ඩමැස්කස් අගනුවර පෙරේදා (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට එරට ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු බිලිවීමත් සමඟ සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට වහාම පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ඊයේ (19) ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය. සිරියා රජයට එරෙහි තීරණයක් ගැනීමට වෙලාව පැමිණ ඇති බවත් එරටට තව තවත් සම්බාධක දැමිය යුතු බවත් මහ ලේකම්වරයා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලිබියාවට කළාක් මෙන් සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සහ දරමින් සිටී. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන බි‍්‍රතාන්‍යය එම යෝජනාවලිය කෙටුම්පත් කළ අතර ඇමෙරිකාව සහ ප‍්‍රංශය ඊට කැමැත්ත පළ කර සිටී. සිරියාවේ ඩමැස්කස් අගනුවර ගැටුම් හට ගැනීම ඇරැඹුණේ මීට දින කිහිපයකට පෙරය. සිරියානු කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු හමුදාව’ පවසා ඇත්තේ ජනපති බෂීර් අල් අසාද්ගේ ඒකාධිපති පාලනයෙන් සිරියානු අගනුවර මුදා ගැනීමට දිගටම සටන් කරන බවය. සිරියාවේ ඩමැස්කස් අගනුවර ජාතික ආරක්ෂක මූලස්ථානයට පෙරේදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූයේ සිරියා රජයේ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ විශේෂ හමුවක් පැවැත්වෙද්දීය. එම හමුවට ජනාධිපති බෂීර් අල් අසාද් ද සහභාගී වීමට නියමිතව සිටි නමුත් පසුව එම තීරණය වෙනස් කර ඇත. එම බෝම්බ ප‍්‍රහාරයෙන් එරට ආරක්ෂක ඇමැති ඩවුඞ් රාජා, ජනපති බෂීර් අල් අසාද්ගේ මස්සිනා මෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ද වන අසෙෆ් ෂව්කාත්, රජයේ උපදේශකවරයකු වන ජනරාල් හසන් ටර්ක්මේනී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ ජාතික ආරක්ෂක ප‍්‍රධානී ජනරාල් හිෂාම් ඉක්තියාර් මිය ගියහ. ප‍්‍රහාරයෙන් මියගිය ආරක්ෂක ඇමැති ඩවුඞ් රාජා (වමේ) හසන් ටර්ක්මේනී (මැද)සහ අසෙෆ් ෂව්කාත්



අදහස් (0)

සිරියාවට එරෙහි තීරණයක් ගන්න වෙලාව ඇවිල්ලා

මදුෂාන් Friday, 20 July 2012 09:54 PM

අන්න හරි අපි ගම්මු තීරණයක්. මේ මොකද්ද අනේ සිරියාව කියන්නේ (දී)

:       0       0

aaa Sunday, 22 July 2012 11:19 AM

සිරියාවට ඉක්මනට සාරිය ගෙන්න ඕනෑ . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site