IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිරියාවේ ගැටුම්වලින් 3,500 ක් මියගිහින්

සිරියාවේ පවතින ගැටුම්වලින් මේ වනවිට සිවිල් වැසියන් 3,500 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ට බලයෙන් ඉවත් වන්නැයි බලකරමින් සිරියාවේ ගැටුම් ඇරැඹුනේ මීට මාස 8 කට පෙරය. ඒ, ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ ලිබියාවේ විරෝධතා ඇරැඹීමත් සමඟය.විරෝධතාකරුවන් මර්දනය කිරීමට සිරියා ජනාධිපති අසාද් හමුදාව යොදා ගන්නා අතර අවි අතට ගත් විරෝධතාකරුවෝ හමුදාවට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරති. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට දරුණු අවි ගැටුම් පවතින්නේත් මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝනය වන්නේත් හෝම්ස් නුවරය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු සම්බන්ධ මහ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ පෙරේදා (09) ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය.සිරියා රජය පවසන්නේ විරෝධතා පවත්වන්නේ ෂියා මුස්ලිම්වරුන් අතලොස්සක් පමණක් බවය. තවමත් දහස් ගණනක් සිරියා වැසියෝ ජනාධිපති අසාද්ට පක්ෂපාතීව කටයුතු කරන අතර බවත් ඔවුන් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් රැලි පවත්වන බවත් සිරියා රජය පවසයි.සිරියාවේ මානව හිමිකම් සුරකින ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොව අරාබි ලීගය ද සිරියා ජනපතිවරයාගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇත. කෙසේ නමුත් අසාද්ට පාලන බලය අහිමි වුවහොත් ඔහුට රැකවරණ දෙන්න තමන් සූදානමින් සිටින බව ද අරාබි ලීගය දැනුම් දී තිබේ.



අදහස් (0)

සිරියාවේ ගැටුම්වලින් 3,500 ක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site