පසුගිය සතියේ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට 7 වැනි පරිච්ඡේදය යටතේ ඉදිරිපත් කළ යෝජනාව නැවත වරක් රුසියාව සහ චීනය නිශේධ බලය යෙදවීම නිසා ප‍්‍රතික්ෂේප කෙරුණි. අවශ්‍ය වන්නේ නම් ආරක්ෂක මණ්ඩලයට සන්නද්ධ බලය යෙදවීමට ඉඩ සලසන මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප වීම නිසා ජනාධිපති අල් අසාඞ් බලයෙන් ඉවත් කිරීමේ උත්සාහය අවසන් නොවේ. යෝජනාව ප‍්‍රතික්ෂේප වීමෙන් පසු ප‍්‍රකාශයක් කළ එක්සත් ජනපද නියෝජිත සුසාන් රයිස් සිරියාවේ සිදුවෙමින් පවතින මානුෂික ඛේදවාචකය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය විවිධ පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් කළාය. එක්සත් ජනපද විශ‍්‍රාමික හමුදා නිලධාරීන් ඇමතූ ජනාධිපති ඔබාමා සිරියාවේ ජනතාවගේ මූලික අයිතීන් වන සාමය, නිදහස සහ ගරුත්වය තහවුරු කිරීම සඳහා තම මිතුරන්, පාර්ශ්වකරුවන් මෙන්ම සිරියානු රජය හා සටන්වැද සිටින විපක්ෂ කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කරන බව අවධාරණය කළේය. සෞදි අරාබිය හා කටාර් හි මූල්‍ය ආධාරත් එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය යන රටවල අවි ආයුධ හා උපදෙස් ඇතිවත් සටන් කරන සිරියානු නිදහස් හමුදාව පසුගිය සතියේදී හදිසි ප‍්‍රහාර කීපයක් එල්ල කොට තම සටන් ශක්තිය ප‍්‍රදර්ශනය කළේය. මෙතෙක් අවි ගැටුම්වලින් තොරව පැවැති දමස්කස් නගරයට එල්ල කළ ප‍්‍රහාරයකින් අල් අසාඞ්ගේ ආරක්ෂක ඇමැති ඇතුළු සමීපතම නායකයෝ සිව් දෙනෙක් මරණයට පත්වූහ. ඒ සමගම සිරියාවේ ප‍්‍රධාන නගරයක් වන අලෙප්පෝ ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කළ සිරියානු නිදහස් හමුදාව නගරයෙන් විශාල කොටසක් තම ග‍්‍රහණයට නතුකර කර ගත් බව සමහර ඒජන්සි වාර්තාවල සඳහන් විය. කෙසේ වුවත් දැනට ලැබෙන වාර්තා අනුව දමස්කස් නගරයේ පාලන බලය නැවත වරක් තහවුරු කර ගැනීමට අසාඞ් ගේ හමුදාව සමත්ව සිටී. ඇලෙප්පෝ නගරයේ ගැටුම් තවමත් පවතින අතර විපක්ෂ කණ්ඩායම්වලට පහසු ජයග‍්‍රහණයක් ලබා ගැනීම අසීරු විය හැක. මේ සමගම එල්ල කළ ප‍්‍රහාරවලින් තුර්කිය හා ඉරානය සමග ඇති සිරියානු දේශ සීමා පාලන මධ්‍යස්ථාන සටන්කරුවන් අතට පත්ව ඇති බව ද වාර්තා වේ. මෙම ගැටුම් නිසා පසුගිය සති අන්තයේදී පමණක් 125000 කට අධික පිරිසක් ජෝර්දානයට හා ඉරාකයට පළා ගිය බව ද සඳහන් වේ. දමස්කස් හා ඇලෙප්්පො නගරවලට ප‍්‍රහාර එල්ල කිරීමත් රජයේ උසස් නිලධාරීන් සිවු දෙනෙකු මරා දැමීමත් සමගම අල් අසාඞ්ගේ රජයේ අවසානය ළඟා වී ඇතැයි තක්සේරු කළ එක්සත් ජනපදය හා ඊශ‍්‍රායෙලය සිරියාවට ඇතුළු වීමටත් නව රජයක් පිහිටුවීමේදී කිසියම් බලපෑමක් කිරීමට සූදානම් බව පෙනේ. ඊශ‍්‍රායෙලය සිරියාව ආක‍්‍රමණය කිරීමට සූදානම් වන්නේ සිරියාව සතුව ඇතැයි කියන රසායනික අවි සහ මිසයිල ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්වීම වැළැක්වීම සඳහාය යන ප‍්‍රකාශිත අරමුණිනි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පනේටාද සිරියාව සතු රසායනික අවි අන්තවාදීන් අතට පත්වීම වැළැක්වීම සඳහා සැලසුම් සකස් කරන බව නිව්යෝක් ටයිම්ස් වැනි ඇමරිකානු ජනමාධ්‍යවල පළවිණ. මෙම තර්ජනවලට සිරියානු රජය ප‍්‍රතිචාර දැක්වූයේ තම රට ආක‍්‍රමණය කරන හමුදාවලට එරෙහිව රසායනික අවි යොදා ගැනීමට සූදානම් නමුත් සිරියානු ජනතාවට එරෙහිව එම අවි කිසිසේත් යොදා නොගන්නා බව සඳහන් කිරීමෙනි. කෙසේ වුවත් 2003 දී එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමණය කිරීමට හේතුවක් ලෙස දැක්වූයේ ද රසායනික අවි සතු කර ගැනීම (එහෙත් එවැනි අවියක් මෙතෙක් ඉරාකයෙන් සොයා ගැනීමට එක්සත් ජනපදය අපොහොසත් විය) යන්න සැලකිල්ලට ගැනීමේදී සිරියාව ආක‍්‍රමණය කිරීමට සාධාරණ හේතුවක් එක්සත් ජනපදයට ඇත. ඊශ‍්‍රායෙලයට තම අරමුණු සපුරා ගැනීමට එය ප‍්‍රමාණවත්ය. සිරියාව සතුව රසායනික අවි ඇත්නම් ඒවා අන්තවාදීන් අතට පත්වීමේ අනතුර නිර්මාණය කළේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් බව අමතක නොකළ යුතුය. සිරියානු නිදහස් හමුදාවට අවි ආයුධ පුහුණුව හා සටන් බිමේදී යොදා ගන්නා සන්නිවේදන උපකරණ සපයා දුන්නේ එක්සත් ජනපද ඔත්තු සේවා මගින් බවට සැකයක් නැත. ලිබියාවේ ගඩාෆිට එරෙහිව සටන් කළ කණ්ඩායම්වලටද එවැනි ආධාර හා උපකරණ ලබා දී තිබිණ. දැන් එම කණ්ඩායම් සිරියානු නිදහස් හමුදාව සමග එක්ව අසාඞ්ගේ රජයේ හමුදාවලට එරෙහිව සටන් වදින බවද බොහෝ වාර්තාවල සඳහන් වේ. එම නිසා සිරියාවේ රසායනික අවි ඇත්නම් ඒවා අන්තවාදීන් අතට පත්වීමේ අනතුර නිර්මාණය කර ඇත්තේ එම කණ්ඩායම්වලට මුදල් හා අවි ආයුධ ලබා දුන් රටවල් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දෙවැනි අනතුර වන්නේ අසාඞ්ගේ රජය බිඳ වැටුණහොත් සිරියාවේ වෙසෙන සුළුතර ජන කොටස්වලට අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමය. සිරියානු නිදහස් හමුදාව දැනටමත් ජනාධිපති අසාඞ්ගේ ජන කණ්ඩායම්වල අලවයිට් කොටස් සිය ඉලක්ක බවට පත් කර ගෙන ඇත. මීට අමතරව කි‍්‍රස්තියානු හා තුර්කි ජන කොටස්ද අසාඞ්ගේ පාලනයට සහාය දක්වන නිසා සිරියානු නිදහස් හමුදාව ඉලක්ක විය හැකිය. බොහෝ දුරට ලිබියාවේ හා ඊජිප්තුවේ සුළුතර කණ්ඩායම් මුහුණ දුන් අනතුරුදායක තත්ත්වය සිරියාවේ සුළුතර කණ්ඩායම් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමේ සැබෑ අනතුරක් පවතී. ඒ සුන්නි ආගමිකයන්ගේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අරමුණු සාර්ථක කර ගැනීමටය. එවැන්නක් කිසිසේත් ජනාධිපති ඔබාමා අවධාරණය කරන ආකාරයට සාමය නිදහස හා ගරුත්වය තහවුරු කිරීමක් නොව ලිබියාව ඊජිප්තුව හා ඉරාකය වැනි රටවල ක‍්‍රියාත්මක වන අන්තවාදී ක‍්‍රියා වඩාත් උත්සන්නවීමකි. එය නිසැකයෙන්ම මැදපෙරදිග තත්ත්වය වඩාත් අස්ථාවර කරනු ඇත. සටහන - මහින්ද හත්තක
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිරියාවේ පාලනය වෙනස් කිරීමේ මෙහෙයුමේ අවසන් අදියර?
මදු Friday, 27 July 2012 12:06 PM
ඊස්‍රායලයෙන් ගැලවීමක් නෑ... (නු)
අබ්දුල් රහමන් Saturday, 28 July 2012 09:07 PM
වැඩිකල් ෙනාෙගාස් ෙවනසක් සිදුෙවනවා ඒකාන්තයි.(නු)
සමන් Sunday, 29 July 2012 06:05 PM
රුසියාවට සහ චීනයට ස්තූතියි (අ)
මධු Friday, 27 July 2012 08:57 PM
වෙනස් කල යුතුයි ... (දී)
ප්‍රවීන් Friday, 27 July 2012 02:10 PM
චීනයට සහ රුසියාවට බොහොම ස්තූතියි කෙළින් තීරණ ගන්නවාට. (නි)
ලසිත Friday, 27 July 2012 03:00 PM
කරැණාකරලා ලංකාවෙ මිනිසුන්ට සිරියාවේ මොකද වෙන්නෙ කියලා පැහැදිළි කරලා දෙන්න...(නු)
නිමල් Friday, 27 July 2012 03:48 PM
නියමයි. තව හොදට මරා ගන්නකෝ. (නි)