සිරියාවට යුධ අවි අපනයන තහනම ඉවත් කිරීම කෙරෙහි යුරෝපා සංගමය සළකා බලමින් සිටී. යුරෝපා සංගමය මේ තහනම පැනැවූයේ 2011 වසරේ මැයි මාසයේදීය. ඔවුන්ගේ අරමුණ වන්නේ සිරියා ජනපති බෂීර් අල් අසාඞ් ගේ රජයට එරෙහිව සටන් වැදි කැරලිකරුවන්ට අවි සැපැයීමෙන් හෝ සිරියාවේ දැන් 20 වැනි මාසය පුරාත් ඇවිළි යන ගැටුම් නැවැත්වීමටයි. සිරියාවේ නව විපක්ෂයද මේ අදහසට එකගත්වය පළ කරයි. ප‍්‍රංශය මේ යෝජනාවට එකගත්වය පළ කර ඇත.ප‍්‍රංශයේ අදහස වන්නේ කැරලිකරුවන්ට සිය ආරක්ෂාව සළසා ගැනීමට අවි සැපැයීමේ වරදක් නොමැති බවයි.බෂීර් අල් අසාඩ්ගේ හමුදා ඉවක් බවක් නැතිව එල්ල කරණා ප‍්‍රහාර කිසිසේත් සාධාරණ කළ නොවන බව ප‍්‍රංශය පවසයි. බි‍්‍රතාන්‍යය තවමත් සිටින්නේ කැරලිකරුවන්ට අවි නොසැපපිය යුතුය යන ස්ථාවරයේය.නමුත් සිදුවන ව්‍යසනය හමුවේ තවදුරටත් බලා සිටීමටද නොහැකි බව එරට ආරක්ෂක ලේකම් විලියම් හෙග් පවසයි.ගැටලූවට නිසි විසදුමක් දීම බි‍්‍රතාන්‍යයේ අරමුණ බවත් ලේ වැගිරීම් සිදුකිරීමට කිසිදු පාර්ශවයකට හෝ සහය නොදෙන බවත් හෙතෙම කියයි. අවි සැපැයීම කෙසේ වුවත් ගැටලූව ඇත්තේ කැරලිකරුවන් අතට ඒවා ලැබීමට සැළැස්වීම බව යුරෝපා සංගමයේ ප‍්‍රකාශකයෙක් සදහන් කරයි.එම නිසා ඉදිරිපත් වී ඇති යෝජනාව තවදුරටත් විමර්ෂණය කළ යුතු වීමේ අවශ්‍යතාවය ඔහු කියයි. රුසියාව මේ යෝජනාවට විරොධය පළ කරන්නේ බටහිර රටවල් සිරියා කැරලිකරුවන්ට අවි සැපැයීම ආරම්භ කළහොත් එය ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කිරීමක් වනු ඇතැයි කියමිනි.මෙසේ පවසන රුසියාවම බෂාර් අල් අසාඞ්ගේ රජයට අවි සපයන්නේ ඒ ගැටුම් වලට පෙර එළැඹ සිටි වෙළද ගිවිසුම් නිසා යැයි පවසමිනි.වරෙක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට අවි අපනයනය කිරීමේ තහනම් කිරීමේ යෝජනාවක් ගෙන අරාබිය ආරක්ෂ මණ්ඩලයේ නිෂේධ ඡුන්ද බලය හිමි රුසියාව හා චීනය ඊට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කිරීම නිසා එය නිශ්ප‍්‍රභ විය. වාර්තා පෙන්වා දෙන පරිදි සිරියාවේ ගැටුම් වලින් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 40000 ඉක්මවයි.අවතැන් වී ඇති සංඛ්‍යාව 600,000 කට ආසන්නය. කො.වී
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිරියා කැරැලි කරුවන්ට අවි යුරෝපා හවුලෙන්?
මාධව Tuesday, 20 November 2012 05:53 PM
අනේ හොදයි
සුනිල් Tuesday, 20 November 2012 12:58 PM
අවි ආයුධ දෙන්න එපා
කිර්ති Wednesday, 21 November 2012 11:12 AM
අනුමත කල හැකිද
මුතු Tuesday, 20 November 2012 01:13 PM
ලාල් ඇයි මේ පහුගිය කාලයේ ලාංකිකයෝ ලාංකිකයන්ටම පහර දුන්නේ ?? (ස)
ලාල් Monday, 19 November 2012 06:57 PM
ඇයි මේ එයාලා එයාලගේ ජාතියටම පහරදෙන්නේ? (නි)
ෂිරාශ් Tuesday, 20 November 2012 01:34 PM
මධූ නිවැරදියි. (නි)
මධූ Monday, 19 November 2012 01:51 PM
හොඳයි (ස)
මුතු Monday, 19 November 2012 02:08 PM
බෂිර් අල් අසාඩි තමන්ගේ රට රජය ආරක්ෂා කර ගැනීම සදහා තමන් සතු බලය යෙදවීම තමන් සතු වගකීමක් වන්නේය.(ස)