සිරියාවේ නායක බෂාර් අල් අෂාඩ් පවුලට අයත් ප‍්‍රංශයේ පැරීස් නුවර පිහිටි වර්ග මීටර 788ක් පමණ වූ ඉඩමක් පසුගියදා ප‍්‍රංශ රජය විසින් පවරා ගන්නා ලදී. පැරීසියේ කලාප අංක 16 ලෙස සැලකෙන භූමි ප‍්‍රමාණය ලෝකයේ බොහෝ රටවල ධන කුවේරයන්ගේ පරාදීසයකි.
මෙම කලාපය ඉතාමත්ම මිල අධික ප‍්‍රදේශයක් ලෙස ලෝකයේම ප‍්‍රසිද්ධය. පැරීසියේ පෞරාණික සිද්ධස්ථාන බොහෝමයක් මෙම වපසරිය තුල පිහිටා තිබීම එයට හේතුවයි. එබැවින් බොහෝ රටවල රාජ්‍ය නායකයන්, ධන කුවේරයන්, රජවරු ,කුමරු, කුමරියන් සතු ඉඩකඩම්, නිවාස බොහෝමයක් මෙම ප‍්‍රදේශයෙන් මිලදී ගෙන ඇත්තේය. එලෙස මිලයට ගත් ඉහත වර්ග ප‍්‍රමාණයට අයත් භූමි භාගයක් සිරියාවේ බෂාර් අල් අෂාඞ් පවුලටද ඇත්තේය.
පසුගියදා පැරීසියේ නගර සභා නියෝජිත සභා වාරයකදී ඉහත ඉඩම පවරා ගැනීමේ යෝජනාවක් සියලූ දෙනාගේ කැමැත්තෙන් සභා සම්මතවූ අතර ඉන්පසු සිදුකළ අධිකරණ ක‍්‍රියාවලියකින් පසු ඉහත ඉඩම රජයට පවරා ගැනීම සිදුවිය. ඒ අනුව වාහන 14කට ඉඩ පහසුකම් ඇති රථ වාහන ගාලක් සමඟ ළදරු පාසැලක් ඉදි කිරීමට පැරිස් නගර සභාව සැලසුම් කොට ඇත. වර්ෂ 2020 දී එම ඉදිකිරීම් අවසන් වීමට නියමිතය.
මහජන උද්ඝෝෂණ ඉදිරියේ රටින් පලා ගිය ටියුනිසියානු හිටපු නායක බෙන් අලී පවුලට හා ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිට අයත් නිවෙස් හා ඉඩම් පසුගිය වසරේදී මෙලෙසම රජයට පවරා ගන්නා ලදී. තම රටේ රාජ්‍ය ධනය සොරකම් කොට ලබා ගත් මෙවැනි දේපොල පැරීසියේ තවත් ඇති අතර ඔවුන්ගේ රටවල සිදුවන දේශපාලන වෙනස්වීම් වලට සාපේක්ෂව ප‍්‍රංශ රජය විසින් එම දේපොලද ඉදිරියේදි පවරා ගැනීමට බොහෝ ලෙස ඉඩ කඩ පවතින බව ඉහත සිද්ධීන් සනාථ කරයි.
සමහර රටවල ඒකාධිපති පාලකයන්ට අයත් මෙවැනි දේපොල විකුණා එම මුදල් එම රට වලට ලබා දෙන බව ප‍්‍රංශය පැවැසුවද මෙතෙක් එවැන්නක් සිදුවූ බවක් නම් දැන ගැනීමට නොමැත.
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ
ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිරියා නායකයාගේ ඉඩමක් ප්‍රංශ රජය පවරා ගනී
විජේවීර Thursday, 17 November 2016 01:56 AM
ප්‍රංශයේ ඕවා වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ! මේක මුතු ඇටයනේ .(හේ)
රූපවතී Wednesday, 16 November 2016 11:54 AM
මේ නළලේ පොට්ටු තියාගෙන ඉන්න සේරමලා අශාඩ් ගේ පවුලේ බෂාඩ් ලද? (බ)
බණ්ඩාර කුවේට් Wednesday, 16 November 2016 12:55 PM
අපේ පැරදුන රජවරුන්ගේ සහ අැමතියෝගේ දේපල නැතිද දන්නේ නැහැ (බ)
විජේකෝන් මීරිගම Wednesday, 16 November 2016 01:46 PM
අපේ හිටපු රජතුමාට අයත් දේවල් පැරිසියේ නැද්ද? මෙහේ දේවල් රාජසන්තක නොකරන එකේ, ඔහේ තියෙන දේවල්වත් රාජසන්තක කරගන්න. අපේ අයට එහෙම දෙයක් බැහැනේ. අනේ අපොයි! (නි)
දුමින්ද දර්මසිරි Thursday, 17 November 2016 12:19 AM
බණ්ඩාර කුවේට්, එහෙම අයට පක්ෂයේ කට්ටියගේ දේපොළ තියෙන්නත් බැරි නැහැ . හොයලා බැලුවොත් නරකද? (නි)