IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සල්ලාල දොස්තරට පාඩමක් උගන්වයි

තමන් කෙළෙසී යැයි තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මරා දමා ඔහුගේ ජනනනේන්ද්‍රිය කපා ඔහුගේ බිරිද වෙත යැවූ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවේ ගොවින්ද් නගර් පොලිසිය සමත් වී තිබේ.

මුලදී තම නිවසට පැමිණ ප්‍රතිකාර කිරීමට පුරුදුව සිටි වෛද්‍යවරයා පසුව තමන්ට ඔහුගේ සායනයේ කටයුතු වලට උදවු වන්නට පැමිණෙන්න යැයි ආරාධනා කළ බවත් දුප්පත්කම නිසා එය පිළිගෙන ඔහු යටතේ සේවය කිරීමට ගිය බවත් සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පවසා ඇත.දිනක් තමන්ව ඛෙහෙතක් විද මත්කළ වෛද්‍යවරයා තමන්ව කෙළෙසූ බවත් එදා සිට දිනපතාම වාගේ ඔහුගේ අතවරයන්ට තමන් ලක්වූ බවත් ඇය කියා ඇත.

වෛද්‍යවරයා තම සොහොයුරිය දෙසටද ඇස ගසන්නට වීම නිසාවෙන් තමන් වැටුනු වළේ ඇයත් නොවැටී රැක ගැනීමේ අරමුණින් වෛද්‍යවරයාගේ කෝපි කෝප්පයට ඖෂධ වර්ගයක් දමා ඔහු  මත් කළ තමා ඔහුගේ ගෙල කපා ඔහුව මරා දැමුවේයැයිද අනතුරුව ඔහුගේ ජනනේන්ද්‍රිය කපා වෛද්‍යවරයාගේ බිරිද වෙත තැපැල් කර හැරියේයැයිද ඇය පවසා තිබේ.

වෛද්‍යවරයාගේ බිරිද කළ දැනුම්වත් කිරීමකට අනුව පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිළධාරීන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මැයට මානසික රෝගයක් පවතින්නේදැයි සොයා බලන බව පොලිසිය කියයි. සැකකාරිනිය නුදුරේදීම අධිකරණය හමුවට ගෙන ඒමට නියමිතය.



අදහස් (0)

සල්ලාල දොස්තරට පාඩමක් උගන්වයි

බන්දු Tuesday, 30 July 2013 07:20 AM

"වැඩේ හොදයි කියලා මම නම් කියන්නෙ නැහැ" ඇයි බය ද තමන්ටත් වෙයි කියල. හරිනම් මුළු සෙට් එකම කපලයි යවන්න තිබුනේ නේද රූපවතී නැන්දේ (අ)

:       0       0

ජයන්ත Monday, 29 July 2013 01:28 PM

ඉතා හොඳයි.(ස)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 08:30 AM

"නමුත් රූපවති සහ චාන්දනි කොහොමද මත්වුණේ? " කතාව අහලනේ (නි)

:       0       0

ඉම්රාන් Monday, 29 July 2013 01:53 PM

නියමයි. (ස)

:       0       0

දයා අළහකෝන් Monday, 29 July 2013 02:01 PM

වැඩේ හොදයි කියලා මම නම් කියන්නෙ නැහැ (නි)

:       0       0

චාරුණි Tuesday, 30 July 2013 09:36 AM

හරිම භයානකයි. මේක අපේ රටේ අය පුරුදු වුණොත් දොස්තරලගෙන් වැඩි කොටස අමාරුවෙ වැටෙනවා. (නි)

:       0       0

ප්‍රදී දුබි Monday, 29 July 2013 11:04 PM

හොද වැඩේ එහෙම තමයි කරන්න ඕන. අනෙක් අයටත් පාඩමක් හිටින්න,, (දී)

:       0       0

චාන්දනී Tuesday, 30 July 2013 10:02 AM

චන්දි, රුපවති, අපි බවලත් වුනාට සාධාරණ වෙන්න ඕනෑ. අපි අපේ පැත්තටම කතාකරන්න හොඳ නැහැ. මම නම් මත් වෙලා නැහැ. ගොඩක් ගැහැණු තමයි පිරිමින්ව අමාරුවේ දාන්නේ. අපේ ගෙදර මමත් එක්ක ගැහැණු 3 දෙනයි. බාල නංගිලා දෙන්නා නිසා එයාලගේ මහත්තුරු අමාරුවේ වැටුනා (නි)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 29 July 2013 02:27 PM

ආත්මාරක්ෂාවට කල බවට ඔප්පු කරන්න. එතකොට සහනයක් ලැබේවි. හොඳ පාඩමක් වල් පිරිමින්ට. (දී)

:       0       0

හමන්ගොඩ Tuesday, 30 July 2013 10:18 AM

වෛද්‍යවරයාට මානසික රෝගයක් පවතින්නේදැයි සොයා බලන්න (නි)

:       0       0

නසාර් Monday, 29 July 2013 02:38 PM

වැඩ නම් වැඩ මෙන්න වැඩ , පක්ස මාරු කරන අයටත් මේ දඩුවම ඉතා වටිනවා....... (දී)

:       0       0

සමන් Monday, 29 July 2013 02:49 PM

මෙවන් අයට පාඩමක් උගන්නන එක්ක සමාජයේ යුතුකමක් (නි)

:       0       0

රුපවති Monday, 29 July 2013 07:13 PM

මමනම් කියන්නේ .. ඒ කාන්තාව කලදේ හොදයි ? ලෝකයේ වෙන දේවල් වල හැටියට කාන්තාවගේ ආරක්ෂාවට වෙන කලයුතු දෙයක් නැත, අපේ රටේ කාන්තාව තවම දරුණු නැතිනිසා... පිරිමින් ජීවතුන් අතර ..?. වල් වැඩ කරමින් අසරණ කන්ත්වෝ සහ දරු පැටව්ගේ ජීවිත බිළිගන්නව, ලගදීම මෙහෙටත් ඔය වයිරසය පාත් වේවි ...? එහෙම උනොත් හොදයි ..! ඔයාලත් ඔන්න පරිස්සමට ...? (දී)

:       0       0

චාන්දිනි Monday, 29 July 2013 03:43 PM

පිරිමින්ටම දොස් නගන්න බැ. අපේ අයත් වැරදි. අපේ අය පිරිමින්වත් පොළඹවාගෙන පස්සේ දොස් කියනවා. ගැහැනියක් කොතනද එතන විනාසයක්. (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 30 July 2013 06:14 AM

වෛද්‍යවරයා සහ සැකකාරිය දෙදෙනාම මත්වෙලා ඉඳලා තියෙන්නේ. නමුත් රූපවති සහ චාන්දනි කොහොමද මත්වුණේ? (නි)

:       0       0

සරත් Monday, 29 July 2013 04:50 PM

අන්න නියම ගැහැණු අදහන්න වටිනවා.(ස)

:       0       0

චන්දි Monday, 29 July 2013 04:57 PM

මේ චාන්දනී, ඔයා බොරු නමකින් නේද අදහස් ලියන්නේ..(ස)

:       0       0

චන්දන හේවගේ Tuesday, 30 July 2013 06:42 AM

නියම දඩුවම නැතිනම් තව කීදෙනෙක් අමාරුවේ වටිද දන්නේ නැහැ. (අ)

:       0       0

සමන් Tuesday, 30 July 2013 06:58 AM

ඔන්න අපේ දොස්තරලටත් හොද පාඩමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site