IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සිවිල් වැසියන් ඝාතනය කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහාම අත්හිටුවනු

නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ඝාතන වහා නතර කරන්නැයි ඇමෙරිකානු රජයට බල කරමින් නිව්යෝක් නුවර ඊයේ (4) දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
විරෝධතාව සංවිධානය කළේත් ඊට සහභාගී වූයේත් ඇමෙරිකානු සාම කි‍්‍රයාකාරීන්ය.
ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි, සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකානු හමුදාව, ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන ඝාතන වහා නැවැත්විය යුතු බවත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් විරෝධතාකරුවෝ චෝදනා කළහ.
විරෝධතාකරුවන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ඝාතන වහා නවත්වා දමන ලෙසටය.
සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකානු හමුදාව විදේශවල ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින්ම විරෝධතාවක් හටගත් ප‍්‍රථම අවස්ථාව මෙයයි.
”ඇමෙරිකා රජය පවසන්නේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් තමන් ‘ත‍්‍රස්තවාදීන්’ ඝාතනය කරනවා කියලයි. ඒත් සිදුවන්නේ සිවිල් වැසියන් ඝාතන වීම යැයි විරෝධාතාවට එක් වුණු එක් සාම කි‍්‍රයාකාරිකයෙක් පැවැසීය.
ලන්ඩන් නුවර පාදක කර ගත් ගවේෂණාත්මක මාධ්‍ය කාර්යංශය එළිදැක්වූ වාර්තාවක දැක්වෙන්නේ ඇමෙරිකා හමුදා පාකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල සිදු කළ ඩ්‍රෝන ප‍්‍රහාර 366 කින් 3,581 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි. එයින් 884 දෙනෙක් සිවිල් වැසියෝ වෙති.
මේ වසර මුලදී දෙවැනි ධුරය ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපති බැරැුක් ඔබාමා කියා සිටියේ ලබන වසරේ එනම් 2014 දී ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ කි‍්‍රයාත්මක සටන්කාමීන් ගැන වැඩි අවධානයක් යොමු කරන බවය.



අදහස් (0)

සිවිල් වැසියන් ඝාතනය කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහාම අත්හිටුවනු

දිලිප් Friday, 05 April 2013 01:44 PM

ඇෆ්ගන් වලින් දැන් තෙල් ගත්ත ඇති. දැන් යමු පාකිස්තානෙ පෑත්තට. (නි)

:       0       0

දිසානායක Friday, 05 April 2013 02:08 PM

දිලිප් ඔබ හරි. ලංකාවේ අපි වාසනාවන්තයි. (නි)

:       0       0

සේරා Sunday, 07 April 2013 04:19 PM

පල නොදෙන විපාකයක් ලොව නැත . අමතක කරන්න එපා "චක්කාන්ත වහතෝ පදන්ග් " (නදී)

:       0       0

ලක්ෂිත Sunday, 07 April 2013 02:25 AM

කෝ මානව හිමිකම්? අපි සද්දේ දාන්නා ඕනෑ නේද ඇමරිකාවට? (නි)

:       0       0

අමිල Monday, 15 April 2013 11:37 PM

මේවට ජිනීවා කට්ටිය කෑගහන්නේ නැද්ද අනේ. ලංකාවේ දේවල් ගැනමනේ හොයන්නේ.... මේවට තමයි කියන්නේ තමන්ගේ ඇහේ තියෙන පරාලේ ගැන හොයන්නේ නැතුව අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද ගැන හොයනවා කියලා (නි)

:       0       0

චාමර Sunday, 07 April 2013 10:30 AM

අපේ රටට කරපු අපහාසයට කවද හරි ඇමෙරිකාවට පඩිසන් දෙනවා අපේ ඇස ඉදිරියේම.(නදී)

:       0       0

අජිත් Sunday, 07 April 2013 10:31 AM

ජිනීවා කට්ටියට මේවා පේන්නේ නැතිද? (නදී)

:       0       0

උපාලි Friday, 05 April 2013 03:57 PM

ආශ්චර්යක්. ඇමෙරිකාව තුළින්ම විරෝධතාවක්.(නදී)

:       0       0

ගාමිණී Friday, 05 April 2013 10:38 PM

ඔය ඩ්‍රෝන යානා උතුරු කොරියාවෙත් තියෙන බව ඇමෙරිකාව හිතුවොත් හොදයි. (නි)

:       0       0

සමන් Sunday, 07 April 2013 01:26 PM

මේවා අර කෑගහන කට්ටියට පෙනෙන්නෙ නැද්ද? (නි)

:       0       0

ඇසළ Friday, 05 April 2013 01:16 PM

ඇමෙරිකාව මානව හිමිකම් උල්ලංගනය කරන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා. කිසිම රටකට මේ ගැන පැමිණිලි කල නොහැකියි. නමුත් වෙනත් රටවල් සදහා ඇමෙරිකාවට පැමිණිලි කළ හැකියි. මේකත් ආශ්චර්යක්. (නි)

:       0       0

සිල්වා-පැරිස් Saturday, 06 April 2013 08:41 PM

කෝ මෙම තීරුවට ලියන ඇමරිකන් ගැත්තන්.(නදී)

:       0       0

කැටවල Saturday, 06 April 2013 08:57 PM

ලෝකයම නැති කරන ඇමරිකාව ස්වභාව ධර්මයෙන් දවසක පාඩමක් ඉගෙන ගනීවි. ඉවසමු ඉවසමු ඉවසමු ..... (නි)

:       0       0

නිල්මිණී Friday, 05 April 2013 05:49 PM

අර අපේ ඊලම හදන්න ඕනේ කට්ටිය යවමු එහෙට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 85 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1181 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 155 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1469 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 241 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 146 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site