IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිසිවන වුවන ඉඟ සුඟ ගත හැක මිටින

නිරූපිකාවක් වීමට අඩු බර සුනම්‍ය දේහයක් තිබිය යුතුයැයි බොහෝ දෙනා අතර පවතින මතය බිද හෙළන්නීය ඇමරිකා ජාතික නිරූපිකා වෙල්වෙඩ් ඩී‘අමෝර්.

දැන් 38 වැනි වියේ පසුවන ඇය රාත්තල් 300 ක් බරය. ඒ බරටම සමාන විසල් දේහයක්ද ඇයට ඇත.එසේ වුවත් ඇය නිරූපිකාවක් ලෙසට නමක් දිනාගෙන ඇත්තීය.

මතකය අවදි කරන වෙල්වෙට් තමාට නිරූපිකාවක් වීමේ උණ වැළදුනේ වයස 21 වැනි නව යොවුන් අවදියේ බව පවසන්නීය.එදවස යන්තම් රාත්තල් 117 බරැති සිහින් සිරුරකින් යුතු වූ තමා බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත්වූ බවත් බොහෝ බලාපොරොත්තු තබාගෙන නිරූපිකාවන් බදවා ගන්නා ඒජන්සියක් වෙත ගියද ඔවුන් තමාගේ බර වැඩියි යැයි කියූ නිසා ආපසු හැරී ඒමට තමාට සිදුවූ බව ඇය කියන්නීය.

තමාගේ සිරුර තමාටම එපා වූ බව කියන වෙල්වට් නිරූපණ කලාව පැත්තකට දමා අනතුරුව ප්‍රගුණ කර ඇත්තේ ඡායාරූප කලාවය.එයත් නිරූපිකාවන්ගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙනි.

‘මම නිරූපිකාවන් බොහෝ දෙනෙකු ඡායාරූප ගත කර තිඛෙනවා.මම හිතන් හිටියේ ඔවුන් අප සියලූ දෙනාට වැඩිය ලස්සන නිසා ඔවුන් සතුටින් ඇතැයි කියලා.නමුත් ඒක නොවෙයි ඇත්ත.ඔවුන් සෑම වෙලාවෙම ඉන්නේ දුකෙන්.පෙනුම ගැන කරදර වෙනවා වුවමනාවටත් වඩා.‘ ඇය කියන්නීය.

මෙනිසා තම පෙනුම ගැන වද වීම අත්හල දමා තමාට මේ හෝ පෙනුමක් ලැබී තිබීම ගැන සතුටු වන්නට වෙල්වට් පුරුදු වී ඇත්තීය.දිනක් ඇය තමන් ඡායාරූප ගත කළ නිරූපිකාවන්ගේ ඡායාරූප ගොන්නක්ද රැගෙන පැරිස් නුවර නිරූපිකාවන් බදවා ගන්නා ඒජන්සියක් වෙත යන්නේ ඡායාරූප ශිල්පිනියක ලෙස එහි සේවයට බැදීමටය.

‘ඔවුන් මට දුන්නේ ඉල්ලූව රැකියාව නොවේ. ඔවුන් පැවසුවා ඔවුන්ගේ නිරූපිකාවක ලෙස සේවය කරන්නය කියලා.‘ වෙල්වට් පවසන්නීය.

එදා සිට නිරූපිකාවක් ලෙස සේවය කරන ඇය නිරූපණ ක්ෂේත්‍රයේ හොද නමක් රදවා ගැනීමට සමත්ව ඇත්තීය.තමන් නියෝජනය කරන්නේ තරබාරු කාන්තාවන් යැයි කියන ඇය ඔවුන්ටත් මේ ලෝකයේ තැනක් ඇති බව පෙන්වීමට හොදම විදිය මේ යැයි පවසන්නීය.

‘මට අනිත් කාන්තාවන්ට කියන්න තියෙන්නේ පෙනුම ගැන වදවෙන්න එපා කියලා.තමන්ගේ පෙනුම ගැන සතුටින් ඉන්න.අනිත් අයට ඒක හොද වුනත් එකයි නැතත් එකයි.තමන් සතුටින් ඉන්නවනම් එච්චරයි.බලන්න මා දිහා.දැනට ඉන්නවට වඩා හොද පෙනුමක් මට තියෙද්දී කවුරුවත් මාව ගණන් ගත්තේ නැහැ.නමුත් දැන් මම නිරූපිකාවකුත් වෙලා.‘

ඇතැමුන් තමන්ට තරබාරු බව වෙළදාම් කරන්නේයැයිද කාන්තාවන්ට තරබාරු වීම හොද යැයි ඒත්තු ගන්වන්නේ යැයිද චෝදනා කරන බව ඇය කියන්නීය.

තම අරමුණ වන්නේ එවැන්නක් නොව කාන්තාවන්ට තමන්ගේ තිඛෙන පෙනුම ගැන සතුටු වන්නයැයි ඒත්තු ගැන්වීම බව ඇය පවසන්නීය.

 



අදහස් (0)

සිසිවන වුවන ඉඟ සුඟ ගත හැක මිටින

ලාල් Tuesday, 19 November 2013 10:50 PM

පෙරලුනාම .. හා හා ..... පෙරලුනාම පෙරලුන පිට හොදයි කියනවා . (නි)

:       0       0

සිරියලතා Wednesday, 20 November 2013 03:34 PM

බමුණු, අහ එකටද එහෙම කියන්නේ? ඔක් ඔක් (ස)

:       0       0

මහේෂ් Tuesday, 19 November 2013 11:17 PM

කියලා වැඩක් නැහැ. නියමයි (නි)

:       0       0

සඳුන් Thursday, 21 November 2013 08:54 AM

සිරියලතා සිරියලතා මගේ සිතගත් සුදු කෙල්ලේ... මගේ පෙම් ලෝව එලිය කලේ. (ස)

:       0       0

බමුණු Wednesday, 20 November 2013 11:44 AM

"දැක්කොත් පද්මාවතී.... ආලේ නොකරා බැරී......." මට ආපු අදහසම අජිත් ටත් ආපු එක තමයි වැඩේ. ඒකට තමයි කියන්නේ ෆූල්ස් නෙවර් ඩිස් ඇග්රී කියලා. (ස)

:       0       0

දොන්සේතං Tuesday, 19 November 2013 05:57 PM

ෂා.... නියමයි.(නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 19 November 2013 06:04 PM

පව්...පව්...ඒ ළමයාගේ හැකියාව සහ උත්සාහය අගය කළ යුතුයි. (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 21 November 2013 09:36 AM

ශාන්ත - හෝමාගම, ඔසරි මාල වළලු අඳින මේ වගේ සිරුරු ඇති කාන්තාවන් කොපමණ ඉන්නවද ඔබ දැක නැතුවට? මේ වගේ කාන්තාවන්ටයි ඔසරිය ඇන්දම වඩාත් තේජස් පෙනුමක් ලැබෙන්නේ. නමුත් ඔසරිය ඇන්දම සිරුරේ හැඩය හොඳින් පෙනෙන නිසා ලැමට වඩා උදරය ඉදිරියට නෙරා ඇත්නම් ඔසරිය කැතයි, එහෙත් පෙනුම තේජස්.මට කිසිම තරහක් නෑ. මට ඇති සිරුර ගැන මම දුක් වෙන්නේ නෑ. එය නිරෝගිව ශක්තිමත්ව තබා ගැනීම තමා මම කරන්නේ. ඉතින් එහෙම කරද්දී මගේ සිරුර මේ වගේ තරබාරුවට හැදෙන්නේ නෑ. තවත් දෙයක් කියන්නද? මෙයාගේ කේශ දන්ත චවි වයඃ කල්‍යාණත් තියෙනවා. ඒ කියන්නේ මෙයා පංච කල්‍යාණියක්. (ස)

:       0       0

සිරියලතා Tuesday, 19 November 2013 06:20 PM

මම නම් එච්චරම මහත නැහැ. උත්සාහයක් කරලා බලන්න ඕනෑ (නි)

:       0       0

අජිත් Tuesday, 19 November 2013 06:26 PM

දැක්කොත් පද්මාවතී.... ආලේ නොකරා බැරී........ (නි)

:       0       0

දොන්සේතං Wednesday, 20 November 2013 10:18 PM

සිරිය ලතා සිරිය ලතා මා ආදර සුදු කෙල්ලේ (අ)

:       0       0

සුනිල් Wednesday, 20 November 2013 09:12 AM

මට නම් බය හිතෙනවා. (නි)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 09:15 AM

අම්මෝ! දුවමු.... (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 20 November 2013 09:16 AM

මාංශ කල්‍යාණිය යනු මෙයයි (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 November 2013 02:39 AM

සිරියලතා,හා ... කියන්න දැන් ඔයා මේකේ මොන ඇදුම ඇදගෙනද යන්නේ කියලා. (නි)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 09:23 AM

කුමාරිහාමි නම් තරහෙන් කතා කරන්නේ. ඔයාට ඉතින් ඔහොම සිරුරක් නැති එකට මොකද කරන්නේ? ඒක හොදයි අනේ! නැත්නම් ඔයා කොහොමද ඔසරි මාල වළලු අදින්නේ? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 20 November 2013 09:54 AM

මේ තැනැත්තියගේ අරමුණ නම් අගය කල යුතු එකක්. (ස)

:       0       0

අසෝකා Thursday, 21 November 2013 04:11 AM

ලද දෙයින් සතුටුවීම නිසා එයා පරාජය වුණෙත් නැහැ. ලෙඩ වුණෙත් නැහැ. නොලැබෙන දේ පස්සේ අඩ අඩා දුක් වුණෙත් නැහැ. එකම එයාගේ ජයග්‍රහණය වුණා (නි)

:       0       0

ධර්මසේන Wednesday, 20 November 2013 02:51 PM

ගෑනු ළමයා ....හරිම හදින්නේ.... . (ස)

:       0       0

කැලුම් Tuesday, 19 November 2013 04:40 PM

රෑට දැක්කොත් බය වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site