අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබිය දී ගෝතමාලාවේ හිටපු ජනාධිපති ඔටෝපෙරස් මොලිනා සිරගතකරන්නැයි එරට අධිකරණයක් නියෝග කැර ඇත.
පසුගිය අඟහරුවාදා එරට කොන්ග්‍රස් මණ්ඩලය මොහුගේ බලය අත්පත්කරගෙන ඇත්තේ මොහුට විරුද්ධව බරපතල අපරාධ චෝදනා එල්ල කරමිනි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටියි.
එරට උප ජනාධිපති රාජ්‍ය නායකයා ලෙස දිව්රුම් දී ඇත්තේ එන ඉරිදා එරට මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදීය.
මැතිවරණයෙන් ජයගන්නා පුද්ගලයා ගෝතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස ලබන වසරේ ජනවාරි 14 වැනි දින දිව්රුම් දෙනතෙක් උප ජනාධිපති ඇලෙජැන්ඩ්රෝ මැල්ඩොනඩෝ එරට පාලනය කිරීමට බලාපොරොත්තු වෙයි.
මැල්ඩොනඩෝද උප ජනාධිපතිවරයා ලෙස ගිය මැයි මස මැද භාගයේදී පත්වූයේ හිටපු උප ජනාධිපති රොක්සනා බැල්ඩෙඩිටද දූෂණ චෝදනා එල්ල වීමෙන් පසු ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිටපු ජනපති හිරේට
සිරි Sunday, 06 September 2015 03:48 AM
සත්‍යා, ඔබේ කියමන නියමයි. අන්න ඒ විනිසුරු ලංකාවට ගෙනාවා නම්? (නි)
නන්දන Saturday, 05 September 2015 04:11 AM
ගෝතමාලාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
රෝහණ Saturday, 05 September 2015 05:57 AM
අපේ නම් හිරගෙදර ඉන්න ඕනෑ මහතුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ (නි)
අජිත් කරුණාරත්න Monday, 07 September 2015 08:58 AM
අපේ රටේ නම් කවදාවත් නොවෙන දෙයක්.(ම)
සුනිල් Tuesday, 08 September 2015 07:24 AM
හප්පේ මගේ පපුව! කියවලා ඉවරවෙනකොට තමයි දැනගත්තේ ඒ ගෝතමාලාවේ මිසක් ලංකාවේ නොවේ කියලා. (නි)
සසංක Saturday, 05 September 2015 08:54 AM
හැම රටේම මේක කරන්න ඕනෑ. එහෙම වුණොත් නියමයි නේද? (නි)
සල්ගාදු පැරිස් Saturday, 05 September 2015 10:19 AM
එම රටේ එහෙම වුණත් අපේ රටේ ඕවා වෙන්නේ නැහැ. අල්ලස් ගත්තාට , ජාතික දේපොළ සහ මුදල් සොරකම් කළාට අපේ අය දිගු කාලයක් යහතින් සුරක්ෂිතව වැජඹෙනවා (නි)
මනිරාජ් Monday, 07 September 2015 10:05 AM
අපේ රටේ මෙම නිතිය නැති නිසා සංතොෂයි (අ)
පිටබැද්දර ජයා Saturday, 05 September 2015 12:18 PM
මේකාගේ අවාසනාවට ගෝතමලාවේ ඉපදුනේ. මෙහෙ ඉපදුනා නම් නුඹත් රජෙකි පුතුනේ .....! (නි)
දුමින්ද Monday, 07 September 2015 10:22 AM
දැන් සමහරුන්ට උපන් රටට වඩා හැම දේම උතුම් (ම)
ලලිත් Saturday, 05 September 2015 01:54 PM
කලබලයට මට පෙනුනේ අපේ රටේ වගේ (නි)
දර්ශන Monday, 07 September 2015 11:35 AM
ගෝතමාලාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
ඉමේෂ් Wednesday, 09 September 2015 04:15 AM
අපේ ඉන්න අය එවන්නද ගෝතමාලාවට? එයාල හිටියානම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ. ඕව අධිරජ්‍යවාදී කුමන්ත්‍රණ. ඉඩ දෙන්න එපා ඕවට.(අ)
සමන්ති Sunday, 06 September 2015 01:12 AM
පිටබැද්දර ජයා,මෙහෙ රජවරු දැන් මාළිගාවේ නැහැ.රජවරු ඉන්නේ ස්වාසිලන්තේ. (නි)
සත්‍යයා Sunday, 06 September 2015 01:36 AM
ඒකට අපේ අය! උපදින්න තිබුනේ ගෝතමාලාවේ. කිසිම බලවතෙකුට ලංකාවේ ඉපදී පව් ගෙවන්න බැහැ. දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. ජනතාව හැමදාම පරාදයි. (නි)