IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හමුදා ඇඳුමින් පැමිණි සටන්කාමීහු පාකිස්තාන ගුවන් කඳවුරට පහරදෙති

හමුදා නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීන් පිරිසක් ඊයේ (16) අලූයම පාකිස්තානයේ මින්හාස් ගුවන් හමුදා කඳවුරට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 15 දෙනක් තුවාල ලැබූහ. පාකිස්තාන ගුවන් හමුදාවට අයත් මිග් සහ ජේ එෆ් 17 වර්ගයේ ප‍්‍රහාරක යානා රඳවා ඇත්තේත්, ඒවායේ අලූත් වැඩියා කටයුතු සිදු කරන්නේත් මින්හාස් ගුවන් හමුදා කඳවුරේය. සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් මිග් යානා දෙකකටත් හානි සිදුවී ඇතැයි වාර්තා වේ. සටන්කාමීන් කඳවුරට ඇතුළු වී ඇත්තේ අලූයම 2 ට පමණය. හමුදා නිල ඇඳුමින් පැමිණි නිසා ඔවුන්ට පහසුවෙන් කඳවුරට යෑමට හැකි වී ඇතැයි ආරක්ෂක අංශ පවසයි. සටන්කාමීන් බෝම්බ කබාවලින් සැරසී, ආර්.පී.ජී. සහ ස්වංකී‍්‍රය ගිනි අවි අතැතිව පැමිණ ප‍්‍රහාරය එල්ල කළ බව ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී. ප‍්‍රහාරය එල්ල වෙද්දී පාකිස්තාන හමුදා වහා කි‍්‍රයාත්මක වී ඇත. ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි ඇතැයි ආරක්ෂක අංශ පවසයි. පාකිස්තාන හමුදා එල්ල කළ ප‍්‍රහාරයෙන් සටන්කාමීහු අටදෙනාම ජීවිතක්ෂයට පත් වූහ. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගෙන නැත. පාකිස්තාන රජය පවසන්නේ එය, තලේබාන් හෝ අල් කයිඩා හෝ සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයක් විය හැකි බවය. ප‍්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන/ඇෆ්ගන් ගෝත‍්‍රික ප‍්‍රදේශවල සැඟවී සිටින සටන්කාමීන් සොයමින් පාකිස්තාන හමුදා පෙරේදා (15) සිට දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමඟය. 2011 වසරේදී ද මේ අයුරින්ම හමුදා නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීහු පිරිසක් පාකිස්තානයේ කරච්චි නුවර ගුවන් හමුදා කඳවුරට කඩා වැදී පහර දුන්හ. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ සහ සටන්කාමීන් අතර පැය 17 ක් තිස්සේ දරුණු සටන් පැවැතිණි. එම ප‍්‍රහාරය එල්ල කළේ තලේබාන් සටන්කාමීන්ය. ප‍්‍රහාරයෙන් පසු කඳවුරේ ආරක්ෂාව තහවුරු කර ඇති අයුරු



අදහස් (0)

හමුදා ඇඳුමින් පැමිණි සටන්කාමීහු පාකිස්තාන ගුවන් කඳවුරට පහරදෙති

හනීෆා Sunday, 19 August 2012 04:32 AM

මතකයි නේද අනුරාධපුරේට ගහපු හැටි එල්.ටී.ටී.ඊ එක..!!(නු)

:       0       0

මාර්කස් Sunday, 19 August 2012 07:09 AM

හොඳ ප්‍රවෘත්තියක්නේ. අද දවසම ලස්සන දවසක්. මේ සියල්ලන්ම ලෝකයෙන් ඉක්මණටම තුරන් වේවා! (නි)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 07:15 PM

සම්පත්, ඔයා පාකිස්තානුවෙක්ව ආශ්‍රය කරලා තියෙනවද? (නි)

:       0       0

මධු Friday, 17 August 2012 12:32 PM

ගහලා ගහලා මුහුදට දානකම්ම දන්නේ නැති ජාතිය, මෙහෙමවත් තුරන් වේවා! (නි)

:       0       0

නාමල් Sunday, 19 August 2012 09:32 AM

මධූ, ඔයාට දවස හොද වෙන්නේ කවුරුහරි මැරුණයි කියලා ඇහුවහමද? (නි)

:       0       0

නාමල් Sunday, 19 August 2012 09:37 AM

සම්පත් හරියටම හරි. පුලුවන් නම් මධූව මැදපෙරදිගට ගෙනිහින් පෙන්නන්නකෝ. (නි)

:       0       0

මධු Friday, 17 August 2012 09:03 PM

මේ වීඩියෝ එක අන්තර්ජාලය හරහා නරඹන්නත් පුලුවන්. (නි)

:       0       0

අස්මිර Saturday, 18 August 2012 03:46 PM

මේ මේ, අපේ නානලාට ඕනෑ නැති පාට් දාන්න එන්න එපා හරිද? (නි)

:       0       0

අස්මරා Saturday, 18 August 2012 03:43 PM

පාකිස්තානයට ජයවේවා (අ)

:       0       0

චාමික Friday, 17 August 2012 10:20 PM

අනේ මන්දා බැලුවහම හැමෝම ජාතිවාදියෝ..(ස)

:       0       0

චානක Friday, 17 August 2012 10:47 PM

පාකිස්තානය තමයි ලංකාවේ යුද්දේට ගොඩක් උදවු කලේ කියලා දන්නේ නැද්ද ?(ස)

:       0       0

සම්පත් Friday, 17 August 2012 03:21 PM

මධු, ඔහොම කියන්න එපා. මැද පෙරදිග ඉන්න හුගක් සිංහල කාන්තාවන් ඉන්නේ ඔය පාකිස්ථානුවන් එක්ක තමයි. (නි)

:       0       0

නුවන් Saturday, 18 August 2012 08:45 PM

හොද පුවතක් හෙටත් අහන්න ලැබේවා..!!(නු)

:       0       0

ජනිත් Saturday, 18 August 2012 08:54 PM

අපේ අයට ඔක උනා නම් ගුවන්යානා ටික ඔක්කොම නැති කරගෙන තමා ඉවර වෙන්නේ.....(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1921 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site