සිය ස්වාමියාගේ සිතැගි තේරුම් ගෙන කි‍්‍රයාත්මක විය හැකි රොබෝ ‘‘බොටලේරුවකු‘‘ නිපදවීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් සමත් වුහ.
පිපාසයෙන් සිටී නම් බීමක් ගෙන දීමටද,කුසගිනිව සිටී නම් මයික්‍රොවේව් (ක්ෂුද්‍ර තරංග) උදුනට ආහාරයක් දමා රත් කර පිළිගැන්වීමටද මේ රොබෝ බොටලේරුවා සමත්ය. සිය ස්වාමියාගේ මුහුණේ සටහන් වන හැගීම් දෙස බලා ඔහු කුසගිනිව සිටීද,පිපාසයෙන් සිටීද, යන්න තීරණය කර අවශ්‍යතාව අනුව කි‍්‍රයාත්මක වීමට මේ රොබෝවාට හැකි බව සදහන්ය.
පරීක්ෂණ වලදී සියයට අසූදෙකක පමණ නිරවද්‍ය තාවයකින් මිනිස් මුහුණේ සටහන් වන හැගීම් හදුනාගැනීමට මේ රොබෝවාට හැකියාව ඇති බව හෙළිව තිබේ.
රොබෝවාගේ ‘‘ඇස්‘‘ ලෙස කි‍්‍රයාකරනුයේ ති‍්‍රමාණ දර්ශන ලබාදෙන කැමරාය.මේවා ආධාරයෙන් මිනිස් මුහුණේ සටහන් වන හැගීම් හොදින් නිරීක්ෂණය කිරිමේ හැකියාව රොබෝවාගේ පරිගණක පද්දතියට ලැබෙන බව රොබෝවා නිර්මාණය කළ සිසුන් පිරිස කියයි. මුලින් රොබෝවා සැළැසුම් කළේ හිස් වතුර කෝප්පයක් පුරවා දීම වැනි වැඩකටයුතු වලට වුවද පසුව කි‍්‍රයාකාරීත්වය වැඩිදියුණු කළ බව ඔවුන් පවසයි.
බීම පිළිගැන්වීම,කෑම පිළිගැන්වීමට අමතරව ගේදොර පිරිසිදු කිරීම ආදියටද මේ යකඩ බොටලේරුවා දස්කම් දක්වයි.
සැබැවින්ම රොබෝවෙකු කි‍්‍රයාකාරී විය යුත්තේ මිනිස් සිතැගි හදුනාගෙන බව කොර්නෙල් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ප‍්‍රධානී මහාචාර්ය ඇසුටොෂ් සැක්සෙනා පවසයි.නමුත් එය සංකීර්ණ කි‍්‍රයාදාමයකි.
මේ නිර්මාණය ඒ අභියෝගය ජයගැනීමට මහගු පිටිවහලක් වනු ඇති බව ඔහුගේ අදහසයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හාම් පුතාගේ සිත හදුනන රොබෝවෙක්
මැල්කම් Saturday, 01 June 2013 10:47 PM
බලාගෙන. බැරි වෙලාවත් ස්වාමියා ස්වර්ගය ගැන හිත හිතා හිටියොත්??? (නි)
විමල් Sunday, 02 June 2013 07:51 AM
කවුරුත් දැනගන්න කැමැති වෙන එකක් නැහැ ඔළුවල තියන කැත අදහස්. රොබෝ දැනගත්තොත් අයිතිකාරයව මරලා දානවා (නි)
මොහමඩ් Saturday, 01 June 2013 03:45 PM
මොන රොබෝ එක ආවත් , ඒවා හදන්නේ මිනිසා . මිනිසා අබිබවා යෑමට හැකි රොබෝ වරුන් නොමැත. බට හිර සිනමාවේ සමහර විට ඕවා දැකීමට ඇත. (ස)
බිෂාන් Sunday, 02 June 2013 05:44 PM
පිට රට විශ්ව විද්‍යාල සිසුන් කොච්චර දියුණුද ? අපේ මිනිස්සු දන්නේ බෝර්ඩ් ලෑලි උස්සන් කෑ ගහන්න වීතරයි.(නදී)
හේරත් Saturday, 01 June 2013 07:35 AM
මම හදනවා රොබෝ කෙනෙක්. ඒකා ස්වාමි පුරුෂයාගේ ඕනෑකම් හඳුනන ස්වාමි දියණියක්. (නි)
නෙතුමි Monday, 03 June 2013 08:38 AM
හොඳ නිපැයුමක් මෙය අගය කල යුතුයි, කෙසේ හෝ මිනිසාගේ බුද්ධියෙන් ගතහැකි මෙවැනි නිර්මාණ උපයෝගී වනවාසේම ඉතාමත් නිර්මාණශීලී මෙයටත් ජාති බෙදා නොදාගත්තොත් හොඳයි නේද? (ස)
සජිත් Sunday, 02 June 2013 07:38 PM
මුස්ලිම් වුනාට කමක් නැහැ දිලීප්, බෞද්ධ වෙන්නෙ නැතුව. කපනවා කොටනවා, මරාගෙන මැරෙනවා... මොනවද මේ ? (නි)
දිලිප් Saturday, 01 June 2013 08:19 PM
රෝබෝලත් මුස්ලිම් වේයිද?(නදී)
උපාලි Sunday, 02 June 2013 01:54 PM
අපිව හමුවෙන්න ගෙදරට එන අයගේ සිතැඟි දැනගෙන අපට කියන්න පුළුවන් රොබෝවෙක් හදල දෙන්න බැරිද? (නදී)
ගාමිණී-සිරි Friday, 31 May 2013 09:33 PM
අපිට නම් වටින්නේ කෑම,බීමට වඩා, සාක්කුව ගැන තේරුම් ගෙන , අමාරුවේ වැටුණු වෙලාවට සල්ලි ටිකක් අච්චු ගහලා හරි දෙන්න පුළුවන් රොබෝලා !! (නි)
සමන් Saturday, 01 June 2013 10:36 PM
දිලිප්, වුවමනා නැති වචන කතා කරන්න එපා. (නි)