තරු පහේ හෝටලයක් බවට කළ සිරගෙදරකි. පිහිටියේ නෙදර්ලන්තයේය.
‘‘හෙට් අරෙස්තුයිස් ‘‘නමින් එදවස හැදින්වූ මේ සිරගෙදර නෙදර්ලන්තවාසීන්ට බිය ගෙන දුන් ස්ථානයක් විය. සිරකරුවන්ට දැඩි දඩුවම් දීම සම්බන්ධයෙන් ප්‍රකට මේ සිරගෙදර එදා දරුණු ගණයේ අපරාධකරුවෝ සිටියහ.
1862 වසරේ ආරම්භ කර එළැඹුණු දශක කිහිපයේ කිහිප වරක් වසා දැමුණු මේ සිරගෙදර 2007 වසරේදී සම්පූර්ණයෙන්ම අත්හැර දැමුණි.අනතුරුව ආරම්භ වූයේ සිරගෙදර හෝටලයක් බවට පත්කිරීම සදහා වන ක්‍රියාවලියයි. ඒ සියල්ල අවසාන් වී දැන් ‘‘සිරගෙදර‘‘ තරුපහේ හෝටලයක් ලෙස විවෘත කර තිබේ.
සිරගෙදර වූ සිරකුටි 105 හෝටල් කාමර 40 ක් බවට පත්කර ඇති අතර සිරකරුවන්ගේ පෙරට්ටු පැවැත්වූ පිටියේ දැන් ඇත්තේ ඉතා අලංකාරව සැකැසූ උද්‍යානයකි.මේවාට අමතරව අවන්හල්,ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී ලෙස හෝටලයේ නවාතැන් ගන්නවුන්ට අවැසි සියලු පහසුකම්ද සපයා ඇත.
තරුපහේ ‘‘සිරකුටියක‘‘සුවය විද ගැනීමට බොහෝ දෙනා පැමිණෙන බව හෝටලයේ බළධාරීන් කියයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිරගෙදර තරුපහේ හෝටලයක්
හේරත් Friday, 01 March 2013 09:45 PM
ඒ වුණාට අපේ හිරගෙවල් වල තියෙන සමහර පහසුකම් මේ හෝටලයේ නැහැ. (නි)
අජිත් කරුණාරත්න Sunday, 03 March 2013 08:02 AM
හිරගෙවල් වලදී දුක සැප ලැබෙන්නේ හිරේ ගිය පුද්ගලයාගේ තරාතිරම අනුවයි කියලා අපි අහලා තියෙනවා. (නි)
හසන්ත Sunday, 03 March 2013 07:06 PM
මාවත් අත්අඩංගුවට ගන්නවද ඔය හිර ගෙදරටම.(නදී)
ගාමිණී Sunday, 03 March 2013 09:45 AM
අපේ රටේ නම් දැන් සිදුවෙන අපරාධ වල වැඩිකමට ඉදිරියේදී හෝටලුත් හිරගෙවල් කරන්න වේවි. (නි)
ලලිත් Friday, 01 March 2013 03:53 PM
ඔය ටික සිරකරුවන්ටත් දුන්නනම් වැහෙන්නේ නෑනේ.....? (ස)
පිටිගල Friday, 01 March 2013 11:17 PM
වැලිකඩ හිරකරුවෝ ටික එළවලා අපිත් හදමුකෝ හෝටලයක්. (නි)
ගයාම් Saturday, 02 March 2013 01:26 AM
සල්ලි තියෙන අයට නම් හිරගෙදරත් ඕවා තියෙනවා. (නි)
රුමී Sunday, 03 March 2013 12:16 PM
ඒ වුණාට හෝටලේ ලංකාවේ හිරගෙවල් ඇතුළේ වගේ ටෙනිස් බෝල සෙල්ලම් කරන්න බැහැනේ. (නි)
සෙනරත් Friday, 01 March 2013 08:14 PM
අපේ වැලිකඩත් හෝටලයක් කරනවාලු නේද? (නි)
රුවන් Friday, 01 March 2013 08:30 PM
මෙහේ ඒවත් වහලා හෝටල් හදමුකෝ... (නි)
ගාමිණී Saturday, 02 March 2013 10:45 PM
මටත් හිරේ යන්න හිතෙනවා (දී)