IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හිරවී සිටි අජඨාකාශගාමීහු යළි එති

අභ්‍යාවකා යානයක් නොමැතිව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ හිරවී සිටි අජඨාකාශ ගාමීන් තිදෙනා පෘතිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පාලනය රුසියාවේ අජඨාකාශ ගාමී ජෙනඩි පඩුල්කා වෙත භාර දෙන ලද්දේ දින 200ට පසුවය.

ඉන් පසු පෘථිවියට යළි පැමිණි තිදෙනා අතරින් ඉතාලි ජාතික සමන්තා ක්‍රිසිටොෆොරෙටි එක් ගමන්වාරයක දී අභ්‍යාවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව බවට පත්වූවාය. ඔවුන් සොයුස් අභ්‍යාවකාශ යානයෙන් බ්‍රහස්පතින්දා කසකස්ථානයයට ගොඩබසින ලදී.

නාසා අභ්‍යාවකාශ පර්යේණ ආයතනය පවසන්නේ මොවුන්ගේ පැමිණීම පාඨ ග්‍රන්ථයක් වැනි කතාවක් බවයි. කණ්ඩායමේ අණ දෙන්නා වූ ටෙරි වර්ට්ස්, ඇන්ටන් ෂාකප්රෝ සහ ක්‍රිස්ටොෆොරේටි මාස හතකට වඩා වැඩි කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින් විද්‍යාත්මක පර්යේෂණ සහ තාක්ෂණික අධ්‍යයනයන් සිදුකළහ.

නාසා මගින් නිකුත් කරණ ලද පුවත්පත් නිවේදනයේ දැක්වෙන්නේ මෙම අජටාකාශ ගවේෂණ කණ්ඩායම පසුගිය නොවැම්බර් 22 වෙනිදා තම අභ්‍යාවකාශ ගමන ආරම්භයේ සිට සැතපුම් දසලක්ෂ 84 ක් ගමන්කර ඇති බවයි.

මෙම පිරිස පෘථිවියට ලඟාවිමට නියමිත වූයේ මීට මාසයකට පෙරදීය. සැපයුම් අභ්‍යාවකාශ යානා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ගේ පිටත්වීම ප්‍රමාද විය. මිනිසුන් රහිතව පැමිණි ප්‍රෝග්රස් එම් 27 යානය පෘථිවි වායුගෝලයට ඇතුළුවීමේ දී ගිනි ගෙන විනාශ විය.

වයස අවුරුදු 38 ක් වු ක්‍රිස්ටොෆොරේටි සමාජ ජාල වෙබ් අඩවිය මගින් එවන ලද වීඩියෝ ඔස්සේ පෙන්වා දි තිබුනේ ඇය අභ්‍යවකාශයේ ගත කරණ අතර තුරදි ආහාර පීසීම වැනි සරල කටයුතුද ක්‍රියාශීලි ලෙස කළ ආකාරයයි. කෝපි සෑදිමේ යන්ත්‍රය භාවිතා කරමින් ඇය කෝපි පිළියෙල කරන ආකාරය දැක්වෙන වීඩියෝවට මහත් ප්‍රතිචාර ලැබී තිබිණි.

තවත් අජටාකාශ ගාමින් තිදෙනෙක් ලබන ජුලි මාසයේදි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යාමට නියමිතය.



අදහස් (0)

හිරවී සිටි අජඨාකාශගාමීහු යළි එති

කමල් Sunday, 14 June 2015 12:42 PM

දන්නෙ නැති නිසා අහන්නේ. අනෙකුත් අවශතා කිවේ. දන්න කෙනෙක් කියන්න කෝ (බ)

:       0       0

චාමර ඉතාලිය Sunday, 14 June 2015 01:26 PM

ඉතාලි රටේ මෙච්චර අාර්ථික ප්‍රශ්න තියෙන කොටත් එක් අයෙකු වෙනුවෙන් කෝටි ගානක් වැයකර අභ්‍යාවකාශයේට යැවිම අසාධාරණ දෙයක් (බ)

:       0       0

කමල් Sunday, 14 June 2015 01:36 PM

ලක්මාල්, දන්නේ නැති නිසා අහන්නේ, අර අනෙකුත් අවශතා කීව්වේ (බ)

:       0       0

කමල් Monday, 15 June 2015 09:52 AM

මැටිපහන, එච්චරද? වෙන මුකුත් නැතේ (ම)

:       0       0

කැනඩා දිසා Sunday, 14 June 2015 01:11 AM

කවුරුත් අරින්න ඕනෑ නැහැ. අර අපේ අජඨාකාශගාමි පුතා කපිතාන් කරලා ඔය ගමනට ඇරියා නම් නේද හොඳ? (නි)

:       0       0

මැටිපහන Monday, 15 June 2015 04:44 AM

අනෙකුත් අවශ්‍යතා කියන්නේ, නිදියනකොට කතාවක් කියන්න ඕන, ලැට් එකට ගියාම හෝදලා ගන්න ඕන, සතියකට දෙපාරක් නාවන්න ඕන, කන් සුද්ද කරන්න ඕන, නියපොතු කපන්න ඕන, වෙලාවට විටමින් එක දෙන්න ඕන, නෝටි වැඩ කලොත් ගහන්න ඕන, කප්ටන්ට කඩේ යන ලිස්ට් එක ලියල දෙන්න ඕන, ඔන්න ඔය වගේ දේවල්. (ම)

:       0       0

ජයා ඉලුක්කුඹුර Sunday, 14 June 2015 04:20 AM

ලක්මාල් ඉතාලි වගේ (බ)

:       0       0

උදිත් Monday, 15 June 2015 12:22 PM

බලනකොට මොළේ තියෙන්නේ මැටිපහනට විතරයි.අපිට නැහැ (නි)

:       0       0

සුමිත් Monday, 15 June 2015 03:01 PM

ලක්මාල්, මෝඩකම පෙන්නන්න එපා. (නි)

:       0       0

ලක්මල් Saturday, 13 June 2015 06:03 PM

ඉතාලි කාන්තාව එහි ගොස් ඇත්තේ පර්යේෂණ සදහා නොව යානයේ පිරිසිදු කිරීම්, ඉවුම්පිහුම් සහ පර්යේෂකයන්ගේ අනෙකුත් අවශතා ඉටුකිරීමට බව එරටම මාධ්‍ය පැවසීය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site