IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


හිලරි ක්ලින්ටන්ගේ ආසියානු සංචාරය

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් චීනයේ නිල සංචාරයක යෙදීමට ආසන්නයේ දී මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයකු ලෙස හඳුන්වන අන්ධ පුද්ගලයෙක් වන චෙන් ගුවාන්චෙන්ග් ෂැන්ඩොංග් ප‍්‍රදේශයේ තම නිවසින් රහසින් පිටත්ව බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගැනීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. පළමුවෙන්ම චෙන් රැකවල්ලා සිටි තම නිවසෙන් අතුරුදන් වූ බව ජනමාධ්‍ය වාර්තාවල සඳහන්වූ අතර ඉන් පසු ඔහු බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගෙන ඇති බව හෙළි විය. චීනයේ මානව අයිතිවාසිකම් තත්ත්වය එක්සත් ජනපදය නිතරම අවධාරණය කරන අතර වෙළෙඳ කටයුතු පවත්වාගෙන යෑමේ දී හෝ වෙනත් ජාත්‍යන්තර සබඳතාවල දී ද වැදගත් සාධකයක් වන්නේ එයයි. ඒ අනුව රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා භාණ්ඩාගාර ලේකම් ටිමොති ගිත්නර් වෙළෙඳාම මූල්‍ය කටයුතු (එනම් චීන මුදල් ඒකකයේ අගය ඉහළ දැමීම) හා විදේශ ප‍්‍රතිපත්තිය වැනි කරුණු ගැන සාකච්ඡුා කිරීමට බීජිං වෙත පැමිණෙන විට චෙන් ගුවාන්චෙන්ගේ සිද්ධිය උණුසුම් මාතෘකාවක් වීම කැපී පෙනෙන කාරණයකි. මෙසේ මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සිද්ධිය අවසන් වූයේ හිස් වෙඩිල්ලක් සේය. රාජ්‍ය ලේකම්වරිය බීජිං නගරයේ සිටියදීම රැුකවරණය පතා පැමිණි චෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත කෙරිණ. ඒ සමඟම චෙන්ට අවශ්‍ය නම් එක්සත් ජනපදයට යෑමට ඉඩ ලබා දීමට චීන රජය සූදානම් බව ද ප‍්‍රකාශයට පත් කෙරිණ. ඒ සඳහා උපාය මාර්ගය වන්නේ නිව් යෝර්ක් නගරයේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ඔහුට අවස්ථාවක් ලබා දීමට එහි විශ්වවිද්‍යාලයක් ඉදිරිපත් වීමය. ඒ අනුව චීන රජය හා එක්සත් ජනපදය අතර හට ගැනීමට ආසන්නව තිබූ බරපතළ රාජ්‍යතාන්ති‍්‍රක අර්බුදයක් විසඳිණි. වැදගත් වන්නේ චීන රජය අනුගමනය කරන එක පවුලකට එක දරුවෙක් ප‍්‍රතිපත්තියට එරෙහි වීම නිසා මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයෙක් ලෙස විශ්ව අවධානයට ලක්වූ චෙන් සිද්ධියෙන් සැබැවින්ම කියවෙන්නේ කුමක් ද යන්නයි. මෙම වසරේ අග දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද සටනේ යෙදී සිටින රිපබ්ලිකන් පක්ෂයේ නායක මිට් රොඞ්නි මෙම සිද්ධිය ඇමරිකාවට සිදුවූ අවධානයක් ලෙසින් හැඳින්වුව ද එක්සත් ජනපදය සැබැවින්ම මානව අයිතිවාසිකම් ගැන අවංකවම උනන්දු වන්නේ ද යන්න සැකයට තුඩු දෙන කාරණයකි. සැන්ඩියාගෝහි සිර භාරයේ පසු වන 23 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වන ඬේවිඞ් චාන්ග් ද ෂැන්ඩොංග්හි නිවාස අඩස්සියට පත් කර සිටි චෙන් මෙන්ම මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයෙක් ලෙස හැඳින්විය හැක. ඔහු දින පහක් ආහාර හෝ වතුර නැතිව අඳුරු කුටියක සිරගත කොට තැබීම නිසා සිය දිවි නසා ගැනීමට උත්සාහ කෙළේය. එක්සත් ජනපදය විසින් ඉරාකයේත්, ඇෆ්ගනිස්ථානයේත් සිදු කරන ලද යුද අපරාධ යැයි හැඳින්විය හැකි සිද්ධීන් විකිලික්ස් පති‍්‍රකා මගින් හෙළි කිරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන ඇති බ‍්‍රැඞ්ලි මැනින්ට සිර කඳවුර තුළ දී සලකා ඇත්තේ කුරිරු අමානුෂික හා අවමන් කටයුතු ආකාරයෙන් බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු සිය වාර්තාවේ සඳහන් කළේය. එක්සත් ජනපදයේ සිර ගෙවල්වල දශ ලක්ෂ 2.3ක ජනතාවක් සිටින අතර ඉන් 80,000ක් ම සිරගත කොට ඇත්තේ හුදකලාවය. එම නිසා එක්සත් ජනපදයත් එහි රාජ්‍ය ලේකම්වරියත් සැබැවින්ම මානව අයිතිවාසිකම් ගැන උනන්දු වන්නේ නම් මේ සිරකරුවන්ගේ තත්ත්වය ගැන ද සොයා බැලිය යුතුය. එහෙත් යථාර්ථය වන්නේ වෙළෙඳ කටයුතු හා ආර්ථික පහසුකම් ඊට වඩා ප‍්‍රමුඛ වීමය. හිලරි ක්ලින්ටන්ගේ චීන සංචාරයේ සැබෑ අරමුණ වන්නේ චීන පාරිභෝගික හා මූල්‍ය වෙළෙඳපොළ ඇමරිකානු සමාගම්වලට විවෘත කරගැනීමය. චීනයේ කොටස් වෙළෙඳපොළ ලෝකයේ දෙවන විශාල වෙළෙඳපොළ වන නිසා කොටස් වෙළෙඳපොළ කි‍්‍රයාත්මක වන ගෝල්ඞ්මන් සැක්ස් ජේපි මෝගන් චේස් වැනි සමාගම්වලට චීන කොටස් වෙළෙඳපොළ ඉතා වැදගත්ය. රාජ්‍ය ලේකම්වරියගේ එක ඉල්ලීමක් වූයේ විදේශීය වෙළෙඳ සමාගම්වලට කොටස් වෙළෙඳපොළ කි‍්‍රයාත්මක වන සමාගම්වල අයිතිය සියයට 49 දක්වා වැඩි කරගැනීමට ඉඩ සැලසිය යුතුය යන්නයි. එවැනි ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන්නේ නම් මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයෙක් එතරම් වැදගත් වන්නේ නැත. හිලරි ක්ලින්ටන්ගේ ආසියා සංචාරයේ දෙවැනි නැවතුම වූ බංග්ලාදේශ් ගමනේ අරමුණ වන්නේ ද එක්සත් ජනපද සමාගම්වල ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමය. ඒ සඳහා ආයෝජන හා වෙළෙඳ රාමුවක් පිළිබඳ ගිවිසුමක් අත්සන් කළ අතර ඉන් බංග්ලාදේශයේ ගෑස් කර්මාන්තයේ ආයෝජනය කිරීමට ඇමරිකානු සමාගම්වලට වැඩි අවස්ථාවක් හිමි කරගත හැකිය. දැනටමත් ඇමරිකානු සමාගම් දෙකක් වන චෙච්රොන් හා කොං කෝ පිලිප්ස් බංග්ලාදේශයේ ගෑස් කර්මාන්තයේ ප‍්‍රමුඛයන් බවට පත්ව සිටී. චෙව්රොන් සමාගම දැනට බංග්ලාදේශයේ ගෑස් අවශ්‍යතාවලින් අඩකට වඩා සපයයි. කොං කෝ පිලිප්ස් සමාගම බෙංගාල බොක්ක මුහුදු සීමාවේ ගෑස් නිධි ගවේෂණය කරයි. ඇමරිකානු බලශක්ති සමාගම්වලට බංග්ලාදේශයේ ආයෝජනය කිරීම සඳහා විවෘත කරගැනීමට යොදා ගන්නා වැදගත්ම සාධකය වන්නේ දෙරට අතර පවතින වෙළෙඳාමයි. බංග්ලාදේශය එක්සත් ජනපදයට වාර්ෂිකව ඩොලර් කෝටි 5100ක අපනයනය කරන අතර ඉන් වැඩිම ප‍්‍රමාණයක් නිමි ඇඳුම්ය. අනෙක් අතට බංග්ලාදේශයට එක්සත් ජනපදයෙන් කෙරෙන ආනයන වන්නේ ඩොලර් දශ ලක්ෂ 676 ක් පමණි. එම නිසා බංග්ලාදේශ් ගෑස් කර්මාන්තයේ ආයෝජනය කිරීමට වඩාත් වැඩි අවස්ථා ඉල්ලා සිටීමට එක්සත් ජනපදයට ප‍්‍රබල හේතුවක් ද පවතී. මීට අමතරව අතුරුදන් කිරීම් හා ග‍්‍රාමින් බැංකු ව්‍යාපාරයේ නිර්මාතෘ මොහමඞ් යුනුස් ඉන් ඉවත් කිරීම වැනි කරුණු ද ක්ලින්ටන් මහත්මියගේ අවධානයට ලක්වූ බව වාර්තා වේ. එම නිසා මානව අයිතිවාසිකම් ලොව දෙවන විශාල ආර්ථිකය වන චීනය සමඟ ගනුදෙනු කිරීමේ දී මෙන්ම ලොව දුප්පත්ම රටවලින් එකක් වශයෙන් හැඳින්වෙන බංග්ලාදේශය සමඟ ද කටයුතු කිරීමත් එක්සත් ජනපදයට එක සේ වැදගත්ය.

සටහන - මහින්ද හත්තක
හිලරිගේ බංග්ලාදේශ සංචාරයට විරෝධය දක්වන පිරිසක් චීන ජනාධිපති හිලරිගේ චීන සංචාරය හිලරිගේ බංග්ලාදේශ සංචාරය



අදහස් (0)

හිලරි ක්ලින්ටන්ගේ ආසියානු සංචාරය

මන්ජුල Tuesday, 15 May 2012 12:19 PM

අපේ රටට නම් ගෙන්න ගන්න එපා...

:       0       0

අසන්ක Saturday, 12 May 2012 10:59 AM

මානව හිමිකම් රැකීමට නම් සීතල කාමර වසා දැමිය යුතුයි

:       0       0

අසන්ක Saturday, 12 May 2012 11:04 AM

අළුත් චිත්‍රපටයක් හදමුද?

:       0       0

තරිදු Friday, 11 May 2012 05:26 PM

මානව හිමිකම් යනු වෙළද අධිරාජ්‍යයේ අත පල්ලෙන් වැටුණු ඉඳුල් පමණයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය
2025 ජනවාරි මස 15 248 0

තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප


ඔස්ටේලියා අගමැතිගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
2025 ජනවාරි මස 15 89 0

ඔස්ටේලියා අගමැති ඇන්තනි ඇල්බනීස්, රුසියාවට දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කළේය. ඒ, රුසියන් යුක්රේනයේ දී යුක්රේන හමුදාවට එක් වී රුසියන් හමුදාවට එරෙහිව සටන් වද


බටහිර ඉවුරට ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 58 0

බටහිර ඉවුරේ ත්‍රස්ත ඉලක්ක කීපයකට ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගියේ එකම පවුලේ සහෝදරයෙකු සහ ඔහුගේ බාල සහෝදරයන්


යුක්රේනයෙන් රුසියාවට දිගට හරහට ගුවන් ප්‍රහාර
2025 ජනවාරි මස 15 119 0

යුක්රේන හමුදා ඊයේ (14), රුසියාවේ ඉලක්කවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කළේය. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට වසර 3 ක් ගත වී ඇති අතර, යුක්රේන හම


සුඩාන හමුදා ප්‍රහාරයන් සිවිල් වැසියෝ 120 ක් මරුට
2025 ජනවාරි මස 15 31 0

සුඩාන හමුදාව, ඔම්ඩුරාමන් නගරයේ බෙදුම්වාදී කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එයින් සුඩාන සිවිල් වැසියන් 120 දෙනකු ජී


කියුබාව ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ නෑ
2025 ජනවාරි මස 15 38 0

කියුබාව, ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන රටක් නොවන බව පවසමින්, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඩවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 227 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 555 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 306 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site