IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


හිලරි ක්ලින්ටන්ටත් දඩ කොලයක්

හිටපු ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මෝටර් රථයටත් දඩ කොළයක් නිකුත් කිරීමට තරම් නිර්භීත වූ පොලිස් නිළධාරියෙකු ගැන බි‍්‍රතාන්‍යයේ වෙස්මිනිස්ටර් ප‍්‍රදේශයේ සිටී.

හිටපු රාජ්‍ය ලේකම්වරිය බි‍්‍රතාන්‍යයට පැමිණ තිබෙන්නේ තමන්ට ප‍්‍රදානය කෙරෙන සම්මානයක් ලබා ගැනීමටය.එම උත්සවයට සහභාගී වී සිටිනාතුර තමන් පැමිණි මෝටර් රථය අසල රථ ගාලක නතර කළාය.

මෝටර් රථය නියමිත වේලාවද ඉක්මවා රථ ගාලේ නතර කර තිබෙනු දුටු පොලිස් නිළධාරියෙක් ඒ බැව් සටහන් කර මෝටර් රථයේ වීදුරුවේ දඩ කොළයක් රැදවීය.

එක්වනම අසල පිහිටි වෑන් රථයකින් පිටතට පැනගත් ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු මේ හිලරි ක්ලින්ටන්ගේ රථය යැයිද එවැනි  ප්‍රභූවරියකට දඩ කොළ නිකුත් නොකළ යුතු යැයිද පවසමින් පොලිස් නිළධාරියා ඉදිරියේ ගෝරනාඩු කර ඇත.

නමුත් ඔවුන් තඹයකටවත් මායිම් නොකළ ඇති පොලිස් නිළධාරියා පවසා ඇත්තේ නීතිය සැමට එක සමාන බවයි.

පොලිස් නිළධාරියා කැදවා ප‍්‍රශ්න කිරීමට බි‍්‍රතාන්‍යය බුද්ධි අංශ කටයුතු කර ඇතත් වෙස්මිනිස්ටර්හි නගරාධිපති පවසන්නේ පොලිස් නිළධාරියා කිසිදු වරදක් කර නොමැති බවයි.

සමාජයේ කුමන තලයක සිටියද කුමන තනතුරු දැරුවද නීතිය නම් සැමට එක සේ කි‍්‍රයාත්මක විය යුතුම බව නගරාධිපතිගේ අදහසයි.

 

 



අදහස් (0)

හිලරි ක්ලින්ටන්ටත් දඩ කොලයක්

ස්කාස් Wednesday, 16 October 2013 08:28 PM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපෙ කට්ටිය බිමින් යන්නේ නෑ. ඒක හින්දා දඩ ගහන්නේ නෑ (නි)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 01:24 PM

"පොලිස් නිළධාරියා කැඳවා ප‍්‍රශ්න කිරීමට බි‍්‍රතාන්‍යය බුද්ධි අංශ කටයුතු කර ඇතත් " මේකෙන් තේරෙන්නේ නීතිය නම් සැමට එක සේ කි‍්‍රයාත්මක නොවන බැව් නේද? ඇයි නිළධාරියා කැදවා ප‍්‍රශ්න කිරීමට බි‍්‍රතාන්‍යය බුද්ධි අංශ කටයුතු කලේ? (ස)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 01:49 PM

බමුණු, "බුද්ධි අංශය" මෙයාව කැඳවිය යුතුමයි නේද? විනය පරීක්ෂණ තියන්න නෙමෙයි. මෙයා කිසියම් කෙනෙකුගේ හෝ සංවිධානයක බලපෑම හෝ උවමනාව මත කල දෙයක් ද යන්න ඔවුන් සොයා බැලිය යුතුමයි. මේක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට බල පෑ හැකි ප්‍රශ්නයක් නිසා. ඔබ කියන දේ නෙමෙයි එතන සිදු වෙන්න ඇත්තේ. (ස)

:       0       0

රාමා Wednesday, 16 October 2013 01:53 PM

මේ නීතිය ලංකාවෙත් සක්‍රීය වෙනවා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. (ස)

:       0       0

දර්ශන් Wednesday, 16 October 2013 01:53 PM

හොඳ පොලිස්කාරයෙකුයි, නගරාධිපති කෙනෙකුයි නියමයි. (ස)

:       0       0

සුමනා මානදුව. Wednesday, 16 October 2013 01:55 PM

හරියට ලංකාව වගේමයි. නීතිය කාටත් එකයි. (ස)

:       0       0

මර්වින් Wednesday, 16 October 2013 02:21 PM

ලංකාවේ ඔහොම උනා නම් ඇඩ්රසුත් නැහැ. (ස)

:       0       0

කමල් Wednesday, 16 October 2013 02:23 PM

හිලරිට ආචාර්ය උපාධියක් තිබ්බොත් පොළිස් නිලධාරියාට වන දේ සිතා ගන්නවත් බෑ (ස)

:       0       0

මිනිපෙ Wednesday, 16 October 2013 10:08 PM

ජයරංග, ඒ එක කට්ටියකට පමණයිනේ. (නි)

:       0       0

ගයාන් Wednesday, 16 October 2013 02:48 PM

එහේ එහෙමයි. මෙහේ මෙහෙමයි . (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 16 October 2013 03:13 PM

සැමටම එක ලෙස නිතිය ඉෂ්ට කිරීමට ක්‍රියා කරන නිසා තමයි මෙම රටවල හොරකම් , මැරකම් , දුෂණ අඩුවී රටවල් දියුණු වෙලා තිබෙන්නේ. (ස)

:       0       0

ධනුෂ්ක Wednesday, 16 October 2013 11:49 PM

ලංකාවේ එහෙම වුණත් එන්ගලන්තෙ එහෙම වෙලා නැහැ (නි)

:       0       0

ගයන් Thursday, 17 October 2013 12:06 AM

ඕක කවදාවත් එංගලන්තයේ සුදු මිනිහෙක් නම් කරන්නේ නැහැ. එංගලන්තය හා ඇමෙරිකාව ගජ මිතුරන් නේ... (නි)

:       0       0

තිලක් Wednesday, 16 October 2013 03:57 PM

ඒකනේ උන්ට සුද්දෝ කියන්නේ... (ස)

:       0       0

උදය Wednesday, 16 October 2013 04:11 PM

සමහර විට ඇමෙරිකාවෙ නිතිය බල්ලන්ට ගිහින් ඇති. උන් කොහොමත් එකක් කියලා තව එකක් කරන උන් නේ. (ස)

:       0       0

චමත් Thursday, 17 October 2013 12:27 AM

අන්න මිනිස්සු (නි)

:       0       0

රහුමාන් ඩාවූඩ් Wednesday, 16 October 2013 04:17 PM

අද හෙටම ..සුද්දන්ට එන්ඩ කියමු, අපෙ රට බලන්ඩ කියමු, බලා ලා ඉගෙන ගන්න කියමු අපි. (ස)

:       0       0

ලක්ෂ්මන් Thursday, 17 October 2013 12:43 AM

මෙන්න ත්‍රිවිධ හමුදාවට,පොලිසියට, විශේෂයෙන් ඇමතිවරුන්ට දෙන්න ඕනෑ නියෝගය හෝ පණිවුඩය. (නි)

:       0       0

පෙරේරා Wednesday, 16 October 2013 04:31 PM

සුදු වැන් වලින් ද කට්ටිය බැස්සේ..... (ස)

:       0       0

සෙයිලනිකස් Wednesday, 16 October 2013 04:45 PM

බමුණු, බුද්ධි අංශ මේ ගැන බලන්න ඇත්තේ ආරක්ෂාව පැත්තෙන් වෙන්න පුළුවන් බොහෝවිට. නැතුව ඒ පොලිස් නිලධාරියට විරුද්ධව ක්‍රියා කිරීමේ අරමුණෙන් නොවේ. (ස)

:       0       0

රනිල් Wednesday, 16 October 2013 05:09 PM

දඩ කොළ නෙවෙයි දණ්ඩකින් දෙන්නයි වටින්නේ(දිල්)

:       0       0

චමත් [ලංකාව] Friday, 18 October 2013 09:52 PM

ඇත්තටම මේ දඩ කොලය නිකුත් කල තැනැත්තා පොලිස් නිලදාරියෙකු නොවේ. ඔවුන් හදුන්වනු ලබන්නේ රථ ගාල් පරීක්ෂකවරු හැටියටයි. ඔවුන් සේවය කරනු ලබන්නේ ප්‍රදේශයේ නගර සභාවට අනුබද්දිතවයි.මොවුනේ රාජ කාරිය වනුයේ කාලය ඉක්මවා රථ ගාල් වල නවතා ඇති වාහන ,වැරදි ස්ථාන වල නවතා ඇති වාහන වලට දඩ කොළ නිකුත් කිරීමයි. මොහු අතේ ඇති කුඩා ප්‍රමාණයේ පරිගණකයට වාහනයේ සියලුම විස්තර [වේලාව,ස්ථානය] ඇතුලත් කරයි. ඉන් පසු එම සියලුම දත්ත චන්ද්‍රිකා [සැටලිට්] මාර්ගයෙන් නගර සභාවේ ඇති පරිගණකය වෙත යවනු ලබයි. ඔහුගේ පරිගණකයට එම දත්ත ඇතුලත් කිරීමෙන් පසු , රියදුරන් පැමිණ කොතරම් පින්සෙන්ඩු වුවත් ඔහුටවත්, එම දඩ කොලය නැවත වෙනස් කිරීමට බැරිය.ඒ මන්ද සියලු විස්තර නගර සභාවේ පරිගකයේ සටහන්වී අවසානය. ප්‍රදේශයේ නගරාධිපති මේ සිද්දියට සම්බන්ද වන්නේ ඒ නිසාය. (ස)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 06:58 PM

කොහොම වුණත් හරි දේ සිදුවෙලා තිබෙනවා. මෙය පළමු වතාව නොවෙයි. අගමැති බිරිඳක් ටිකට් නොමැතිව දුම්රියේ ගොස් දඩ ගෙවුවා මතකද? (නි)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 07:01 PM

කොහොම වුණත් අපි අතරේ පොඩි සංවාද ඇතිවීමට ඉඩදීම ගැන ලංකාදීපයට ස්තූති කරනවා. නැත්නම් ලිවීම නීරස වෙනවා. (නි)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 07:04 PM

" බුද්ධි අංශ මේ ගැන බලන්න ඇත්තේ ආරක්ෂාව පැත්තෙන් වෙන්න පුළුවන් බොහෝවිට. නැතුව ඒ පොලිස් නිලධාරියට විරුද්ධව ක්‍රියා කිරීමේ අරමුණෙන් නොවේ". ඇයි මේ වගේ දේවල් මීට ප්‍රථම වෙලා නැතුවාද? (නි)

:       0       0

නිපුණ Wednesday, 16 October 2013 07:08 PM

උපාලි, මොකක්ද නියම සුද්දා සහ ගොඩ සුද්දා කියලා කියන්නේ? මොකද ඔයා එංගලන්තයේ ඉන්න නිසාද? (නි)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 12:04 PM

ඔන්න පාඩම් අපිට ගන්නවා නම් නියම බ්‍රිතාන්‍ය සුද්දන්ගෙන්. හිලරි එක්ක ආපු ඇමෙරිකන් ගොඩ සුද්දෝ වාද කරලා නා ගත්තා. (ස)

:       0       0

මිනිපෙ Wednesday, 16 October 2013 07:34 PM

මෙතන නිර්බිත කමක් නැ.රථය පාක් කරලා තිබුන තැන වැරදි නිසා දඩ කොලේ ලිවුවා.වැරදි තැන රථය නවතා තිබෙනවා දැක දැක අහක බලාගෙන යන්න බැනේ.මේ දඩ කොලය ලිවේ හිලරි නෝනට එරෙහිව නොවේ,රියදුරාට විරුද්දවයි.අපේ රටේ මෙවැනි නිත්‍ය ක්‍රයාත්මක නොවන්නේ,දෙසපලකයන් ගේ රියදුරෝ සහ ආරක්ෂකයෝ චන්ඩි නිසා.(අ)

:       0       0

තාරක Wednesday, 16 October 2013 12:40 PM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)

:       0       0

අන්ස්ලම් Wednesday, 16 October 2013 12:49 PM

හිරේට දාන්න තිබුණේ මැද පෙරදිග කෑවා........... (ස)

:       0       0

ජයරංග Wednesday, 16 October 2013 07:59 PM

ඔයාලා දන්නේ නෑ දැන් ලංකාවෙත් ඔහෝම වෙනවා (අ)

:       0       0

සෙනෙවි Wednesday, 16 October 2013 01:04 PM

දියුණු රටවල් හැම එකකම මේ වගේ හොඳ නීතියක් තියෙනවා. පදනම නීතිය සැමට එකයි. බටහිර රටවලට බැන බන සංස්කෘතිය හොඳ නෑ කිය කියා අපි කොහෙද ඉන්නේ. (ස)

:       0       0

නිමල් Wednesday, 16 October 2013 01:17 PM

නීතිය හැමොන්ටම එක වගේ ක්‍රියාත්මක කරනවා කියන මෙයාල ලංකාව එක විදිහකටත් අනිත් රටවලට වෙන විදිහකටත් සලකනවා කියන එක අපි දන්නවා, (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2702 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1696 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 609 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2726 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 123 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 251 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site