ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ කඳු ගැටයක යකඩ අට්ටාලයක සවි කර ඇති ‘හොලිවුඞ්’ යන වදන් පෙළ, නව අවුරුදු උදාවත් සමඟ කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ‘හොලිවීඩ්’ යනුවෙන් වෙනස් කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
‘වීඩ්’ යනු ගංජා ආදී මත්ද්‍රව්‍යයි. ඇමෙරිකාවේ ජනපද කිහිපයක් මේ වනවිට මෙවැනි මත්ද්‍රව්‍ය කිසියම් නීතිමය රාමුවක් යටතේ නීතිගත කර ඇත. එසේ මත්ද්‍රව්‍ය නීතිගත කළ ජනපද අතරට කැලිෆෝනියා ජනපදය ද මෙම නව වසරේ සිට එක් වෙයි.
හොලිවුඩ් පුරය ‘මත්ද්‍රව්‍ය තෝතැන්නක්’ යන අදහසින් ‘හොලිවුඩ්’ යන වදන් පෙළ ‘හොලිවීඩ්’ යනුවෙන් වෙනස් කිරීමට පිරිසක් කටයුතු කර ඇතැයි කියති.
ඔවුන් වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ලොස් ඇන්ජලීස් පොලිසිය කියයි.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හොලිවුඩ් පුරයේ නම කෙළෙසති
ජනහිත Tuesday, 03 January 2017 05:48 PM
ගංජා මා අසා ඇති හැටියට ඖෂධයක්. එ්ත් එ්ක හැමෝටම හොඳ නැහැ. නිසි වෛද්‍යවරයෙකුගේ අවසරය ඇතුව එය නිකුත් කළයුතුයි. නීතිගත කළා කියල හැමෝටම මෙය ගන්නත්, විකුණන්නත් බැහැ. වවන්නත් බැහැ. (නි)
ජයාත් Tuesday, 03 January 2017 01:25 AM
මේ දේශපාලුවෝ ටිකයි මේ පාතාලයයි මේ විදියට සම්බන්ධවෙලා හිටියොත් ළඟදීම මේකටත් ශ්‍රී වීඩ් නැත්නම් වීඩ් ලංකා වගේ නමක් දමන්න වෙයි මගේ හිතේ (නි)
නිමන්ත පතිරණ Tuesday, 03 January 2017 03:29 AM
අනෙකුත් සියලුම මත්ද්‍රව්‍ය එක්ක සංසන්දනය කරලා බලනකොට ගංජා කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී මත්ද්‍රව්‍යයක්. (නි)
පේදුරු Wednesday, 04 January 2017 01:01 AM
ගංජා කියන්නේ බෙහෙතක්. මානසික ලෙඩුන්ට වගේම පිළිකා වලටත් ගොඩක් හොඳ ඔසුවක්. නමුත් ඕනෑම දෙයක් සීමාවක් ඇතුව ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනෙක් මත් දේවල් එක්ක බැලුවම ගංජා කියන්නේ ඉතාම හොඳ දෙයක්. (නි)
නිසල් - නිව් යෝර්ක් Monday, 02 January 2017 02:35 PM
ඇමරිකාවෙ ගංජා නීතිගත කිරීම බුද්ධිමත් පියවරක් ලෙස බොහෝ අය දකිනවා... මොකද ගංජා ,හෙරොයින් හෝ කොකේන් තරම් විනාෂකාරී මත්ද්‍රව්‍යක් නොවේ... අනෙක ගංජා නීතිගත කිරීමෙන් එහි මිල අනෙක් මත්ද්‍රව්‍යන්ට සාපෙක්ෂව අඩුවෙන නිස මිනිස්සු වෙනත් මත්ද්‍රව්‍ය කරා ඇදෙන එක අඩුවෙනවා..(අ).
ද සිල්වා Monday, 02 January 2017 03:41 PM
ලංකාවෙත් ගංජා නීති ගත කරමුද ? (අ)