රජය අපේක්ෂා කරන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීම අපහසු වී ඇත්තේ තම සභාග රජයට අයත් ඇතැම් පක්ෂවල දළදඬු ප‍්‍රතිපත්ති නිසා යැයි ඉන්දීය අගමැති මන්මෝහන් සිං පෙරේදා (19) පාර්ලිමේන්තුව ඇමැතූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය. අගමැති සිංගේ එම ප‍්‍රකාශය, ඉකුත් ඉරිදා (18) ඉන්දීය දුම්රිය සේවා ඇමැති දිනේෂ් ති‍්‍රවේදි ඉල්ලා අස්වීමේ සිද්ධියට ප‍්‍රතිචාර දැක්වීමකි. ති‍්‍රවේදි, ඉන්දියාවේ කුඩා පක්ෂයක් වන තෘණමූල පක්ෂයේ මන්තී‍්‍රවරයෙකි. බටහිර බෙංගාල මහ ඇමැතිනී මම්තා බෙනර්ජිගේ නායකත්වයෙන් යුත් තෘණමූල පක්ෂය ඉන්දීය සභාග රජයේ කොටස්කරුවෙක් ද වේ. සභාග රජයේ සියලූම පක්ෂවලට පිළිගත හැකි අයුරින් ආර්ථික ප‍්‍රතිපත්ති සකස් කළ යුතු යැයි පැවැසූ අගමැති සිං වැඩි දුරටත් කියා සිටියේ දුම්රිය සේවය පිළිබඳ අයවැය සකස් කිරීමේදී හටගත් මතභේද නිසා ඇමැති ති‍්‍රවේදි ඉල්ලා අස්වූ බවය. ඉන්දීය රජය, භාණ්ඩ මිල සහ දුම්රිය ගාස්තු වැඩි කිරීම දුප්පතාට එරෙහි වීමක් යැයි මම්තා බෙනර්ජි පවසා ඇති අතර තෘණමූල පක්ෂයේ ද බෙදීමක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ති‍්‍රවේදි ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත්තේ ද බෙනර්ජිගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. කෙසේ නමුත් ති‍්‍රවේදිගේ ඉල්ලා අස් වීම ඉතා කනගාටුවෙන් බාරගත් බව ද අගමැති සිං වැඩි දුරටත් කියා සිටියේය. ආසියාවේ දෙවැනි විශාලතම ආර්ථික බලවතා වන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට සහාය දෙන්නැයි අගමැතිවරයා පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන්ම ඉල්ලීමක් ද කළේය. පටු අදහස් පසෙකලා ජාතියක් වශයෙන් සියල්ලන්ම එකමුතු වීමට කාලය එළැඹ ඇතැයි ද අගමැති සිං අවධාරණය කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හවුල් පක්ෂවල දළදඬු ප‍්‍රතිපත්ති ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට බාධාවක්