ලොව පුරා අතිශය ජනප්‍රිය ෆේස්බුක් වෙබ් අඩවියයේ ප්‍රචාරය වන දේවල් සඳහා ‘අකමැත්ත‘ (ඩිස්ලයික් ) ප්‍රකාශ කිරීම සඳහා ඩිස්ලයික් බොත්තමක් අලුතින් හඳුන්වා දී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කැලිෆෝනියා ප්‍රාන්තයේ මෙන්ලෝහි පැවැති ප්‍රශ්නෝත්තර වැඩසටහනකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙතෙක් කලක් ෆේස්බුක් අඩවියේ ‘ලයික්‘ බොත්තම මගින් කැමැත්ත ප්‍රකාශ කිරීමට හා තමාගේ අදහස් දැක්වීමට කොමෙන්ට්ස් බොක්ස් එකක් තිබුණි. ඊට අමතරව අකමැත්ත දැක්වීමට මෙසේ අලුතින් ඩිස්ලයික් බොත්තමක් හඳුන්වා දී ඇත.
වසර ගණනක සිට බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ බවත් සකර්බර්ග් පවසා සිටියි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ෆෙස්බුක් අඩවියට ‘ඩිස්ලයික්‘ එයි
සෙනරත් Thursday, 17 September 2015 04:30 AM
ධනුෂ්ක ප්‍රතික්ෂේප කරන්නේ අලුත් බොත්තමද? (නි)
විජේතුංග Thursday, 17 September 2015 02:42 PM
එහෙනම් දැන් අපිට පුළුවන් අකමැත්ත ප්‍රකාශ කරන්න (නි)
ඉෂාන් Thursday, 17 September 2015 02:41 PM
ඇත්තටම ඒක හොඳයි (නි)
ධනුෂ්කා බුද්ධික පෙරේරා Wednesday, 16 September 2015 03:38 PM
මමත් ප්‍රතික්ෂේප කරනවා. (අ)
දිනේෂ් Thursday, 17 September 2015 10:02 AM
දැන් පුලුවන් ලංකාවේ දේශපාලනය ගැන දාන මෝඩ ෆේස්බුක් පෝස්ට් වලට ඩිස්ලයික් කරන්න.(හේ)
චතුර Friday, 18 September 2015 05:43 PM
අපිටත් පුළුවන්නේ අපේ වෙබ් අඩවි වලට කැමති , අකමැති සලකුණු හඳුන්වාදෙන්න. (නි)
රාධා Wednesday, 16 September 2015 09:34 PM
ධනුෂ්කා ,කාවද ප්‍රතිෂේප කරන්නේ? (නි)
දුමින්ද Thursday, 17 September 2015 11:12 AM
කැමති -අකමැති මොනවා වුනත් මෙතන තියෙන්නේ වෙළදාමක් (හේ)
සිල්වි Thursday, 17 September 2015 12:23 PM
ඕක විතරයි අඩුවෙලා තිබුනේ (නි)
රත්න Sunday, 20 September 2015 01:29 AM
ලංකාවේ ඡන්ද වලටත් මේ ක්‍රමය හඳුන්වා දෙන්න බැරිද? මනාප සහ අමනාප ලෙස (නි)