IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘ෆේස් බුක්’ මව සොයා දෙයි

තමා බිහි කළ සැබෑ මව ‘ෆේස් බුක්’ ආධාරයෙන් දවස් එකහමාරක් ඇතුළත සොයා ගත් ඉන්දියානා කාන්තාවක් පිළිබඳ වාර්තා වේ. 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස් නැමැති ඇය සිය`ඵ දෙනා හඳුනන්නේ බෙට්සි යන නමෙනි.

කුඩා කාලයේ සිට ඇය හදා වඩා ගෙන ඇත්තේ විශ‍්‍රාමික ගුරුවරියක හා ඇයගේ ස්වාමිපුරුෂයා විසිනි. ඔවුන් ඇය අරන් හදා ගත් බව බෙට්සි  දැනගෙන සිටියාය.

තම සැබෑ මව සොයා ගැනීමට ඇයට අවශ්‍ය විය. මේ සඳහා ඇය හදා වඩා ගත් පියා ජිම් බෝයිස් ඇය ධෛර්යමත් කර උදව් කළේය.

‘ෆේස් බුක්’ යම් කිසි හෝඩුවාවක් ලබා ගත හැකි බව අනුමාන කළ බෙට්සි, ‘බෙට්සිගේ ජෛව සංචාරය’ පිටුවක් ආරම්භ කර ‘මම 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස්ය.

මම 1984 මැයි 29 වන දින ඇමෙරිකාවේ ඉන්දියානාහි ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහලේ උපත ලැබීය. මා බිහි කළ මගේ මව මම සොයමින් සිටියි. එයට උදව් කරන්න’ ඇයගේ කුඩා කළ ඡායාරූපද එම පිටුවට එක් කළාය.

දින එකහමාරක් ඇතුළත ඇගේ සැබෑ සහෝදරයාගෙන්, නැන්දාගෙන් සහ ඥාති සහෝදරයකුගෙන් පණිවිඩ ලැබුණි. ඒ අනුව දුරකථනයෙන් කතා කොට දිනයක් යොදා ඇය තම සහෝදරයා සහ අනෙකුත් ඥාතීන් මුණ ගැසුණාය. ඔවුන් පෙන්වූ බෙට්සිගේ කුඩා කළ ඡායාරූප මගින් ඇය ඔවුන් තමන්ගේ සැබෑ පවුල බව හඳුනාගත්හ. ඇයගේ සිනහව තම මව සේම බව ඇගේ සහෝදරයා සඳහන් කරයි.

ඔවුන්ගේ මව අසනීප තත්වයෙන් පෙළෙන බැවින් මව තවම මුණ ගැසී නොමැති අතර නොබෝ දිනකින්ම මව බැලීමට යන බවත් ‘ෆේස් බුක්’ ආධාරයෙන් තම සැබෑ පියාද තමන් සොයා ගන්නා බව ඇය පැවසීය.

‘බෙට්සිගේ ජෛව සංචාරය’ පිටුව සඳහා මේ වන විට 6000 ක් පමණ කැමැත්ත පළ කර ඇත.

 



අදහස් (0)

‘ෆේස් බුක්’ මව සොයා දෙයි

රජිව් Tuesday, 19 November 2013 11:54 PM

ඔයා හරි සරත් (නි)

:       0       0

රූපවතී Tuesday, 19 November 2013 12:18 PM

තම දෙමාපියන් ,සොයුරන් ,පවුල තරම් සිතට සුවදායක මිනිසුන් තවත් මෙලොව කොහිත් නැත ...? (ස)

:       0       0

රේණුකා Wednesday, 20 November 2013 02:24 AM

ඔක්කොම හරි, හැදු අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕන.මෙපන කලක් ආදරෙන් දුක සැප බලලා ගෙන හදා වඩා.ගත්ත ට.(වැදු වාට වඩා අමාරු දරුවෙකු හදා වඩා ගන්න එක) (අ)

:       0       0

රංජනී Wednesday, 20 November 2013 02:28 AM

අපේ රටට දොස් කියන් එපා අපේ රටත් හෝ දේවල් ඕන තරම් තියෙනවා (අ)

:       0       0

ලංකා Tuesday, 19 November 2013 01:24 PM

ලංකාවෙ නම් මොකද වෙන්නේ ? කවුරු හරි කොහොම හරි මෙයට ගහන් හදයි මොනවා හරි කරලා. (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 19 November 2013 02:20 PM

දෙමාපිය සහ සොයුරු සොයුරියන් ගෙන් ලැබෙන ආදරය ලොවේ කිසි තැනක නැත. (ස)

:       0       0

ශානුක ප්‍රියන්ත Tuesday, 19 November 2013 02:55 PM

ලංකා, හැම වෙලේම අපේ රට අනික් රටවල් එක්ක සංසන්දනය කරලා දොස් කියනවට වඩා, අපේ රටේ තියන දේවල ඉඳලා හිටලවත් අගේ කරන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

නාමල් Tuesday, 19 November 2013 03:06 PM

අප ගැන බලන්න ඉන්නේ දෙමාපියන් පමණි. පිරිසිදු ආදරය තියෙන්නෙත් දෙමාපියන් ළඟ නේද, සොයුරු සොයුරියන් කියන්නේ වෙලාවට විතරයි. මගේ අම්මට බුදු සරණයි. (ස)

:       0       0

සුමනා Wednesday, 20 November 2013 06:33 PM

මව යනු ජීවිතයේ හුගක් වැදගත් චරිතයක් (නි)

:       0       0

සරත් Tuesday, 19 November 2013 03:57 PM

නිමල්ගේ අසහස් වැරදිත් නැහැ. ඒත් සීයට සීයක්ම හරිත් නැහැ. මොකද මැරෙනකම් එකවගේ ඉන්න සහෝදරයොත්, සහෝදරියොත් ඉන්නවා. විවාහයෙන් පස්සේ කුඩා කළ බැදීම් අඩුවෙනවා. එවිට ආවම් විෂමතාවය මත සැමදේම වෙනස් වෙනවා.(නදී)

:       0       0

නිර්මලී Tuesday, 19 November 2013 09:41 PM

ඇයි ඔයාලා හදා වඩා ගත් දෙමුපියන් ගැන මොනවත් කියන්නෙ නැත්තේ? ඔය කියන තරම් දෙමාපියන් හොඳ නම් ළමයව මොකද දුන්නේ. අනිත් දරුවන්ටත් තම ළමයින්ට වගේ ආදරය කරන අයත් ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site