ලෝ සුපතල ඇමෙරිකාවේ 'ටයිම්' සඟරාව, මෙම 2021 වසරේ ලොව වඩාත් කැපී පෙනෙන පුද්ගලයා ලෙස නම් කර ඇත්තේ, 'ටස්ලා' සහ 'ස්පේස් එක්ස්' යන සමාගම්වල හිමිකරු බිලියනපති ඉලොන් මස්ක්ය.
ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ඒ, 'ඇමසන්' සමාගම පිහිටුවූ බිලියනපති ජෙෆ් බේසෝස් අභිබවා යමිනි.
ඇමෙරිකන් ජාතිකයකු මෙන්ම ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරිකයකු ද වන මස්ක්, උපතින් දකුණු අප්‍රිකානුවෙකි.
මස්ක් අනාගතය ගැන සිහින මවමින් ඒ සිහින සැබෑ කර ගැනීම උත්සාහ ගන්නා ධෛර්යවන්තයෙකි. මස්ක් අඟහරු සවාරියකට ද සූදානම් වෙයි. දිනෙක තමා අඟහරු බලා යන්නේ, යළි පෘථිවියට නොපැමිණීමට බවත්, තමාගේ අවසන් කටයුතු අඟහරු මත සිදුවනු ඇති බවත් මස්ක් අවස්ථා ගණනාවකදී පවසා ඇත.
50 හැවිරිදි මස්ක්ගේ වත්මක් ඉහළ යෑම සිදුවූයේ පසුගිය 'කොවිඩ් 19' වසංගත සමයේ යැයි 'ටයිම්' සඟරාව පවසයි. ඒ, 'ෆෝබ්ස්' ව්‍යාපාරික සඟරාව උපුටා දක්වමිනි. එම කාලයේ මක්ස්ගේ වත්කම් ඇමෙරිකන් ඩොලර් බිලියන 250 ක ඉහළ ගිය බව ද පැවැසෙයි.
'ටෙස්ලා' යනු ඉලොන් මස්ක්ගේ මෝටර් රථ නිෂ්පාදන සමාගමය. අනාගතයට ගැලපෙන නවීන පන්නයේ පරිසර හිතකාමී මෝටර් රථ නිර්මාණයේ ප්‍රමුඛයා වන්නේ 'ටස්ලා' ය. රියදුරන් නොමැති මෝටර් රථ 'ටෙස්ලා' නිර්මාණය කරයි.
'ස්පේස් එක්ස්' යනු අභ්‍යවකාශ ගමන් බිමන් සිදු කරන සමාගමය. මේ වනවිට 'ස්පේස් එක්ස්' පෞද්ගලික ගගන සංචාර පවා ආරම්භ කර තිබේ. 'ස්පේස් එක්ස්' සමාගම ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ. නාසා ගගනගාමීන් සඳහා රොකට්ටු සහ කැප්සියුල නිර්මාණය කර ඇත්තේ ද 'ස්පේස් එක්ස්' සමාගමය.
'ටයිම්' සඟරාවේ කවරය මෙවර හැඩ ගැන්වී ඇත්තේ ද ඉලොන් මස්ක්ගේ රුවිනි. පසුගිය 2020 වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයන් ලෙස 'ටයිම්' සඟරාව දෙදෙනකු නම් කළේය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපතිනී කමලා හැරිස්ය. 'ටයිම්' සඟරාව සෑම වසරකම ලොව කැපී පෙනෙන පුද්ගලයන් නම් කිරීම සිදු කරන්නේ, 1927 වසරේ සිටය.
(රොයිටර්)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
2021 වසරේ පුද්ගලයා ඉලොන් මස්ක්