IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


FinnFund, NorFund සහ MunichRe විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඇමරිකානු ඩොලර් මිලියන 30ක් (රුපියල් බිලියන 5.6) ආයෝජනය කරයි


ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සංවර්ධන මූල්‍ය ආයතන සමඟ එනම් කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා අරමුදල් ලබා දෙන නෝර්වේජියානු ආයෝජන අරමුදලක් වන NorFund  සන්ධිස්ථානමය ගිවිසුමක් අත්සන් කළ බව ඉතා සතුටින් නිවේදනය කරයි.
 
ඒ අනුව ෆින්ලන්ත අරමුදල වන FinnFund සහ නෝර්වේජියානු අරමුදල වන NorFund සොෆ්ට්ලොජික් සමාගම සමඟ 2020 අගෝස්තු 24 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier II ණය ගනුදෙනුවක් සඳහා ගිවිසුම් අත්සන් කළ අතර එමඟින් සමාගමේ ව්‍යාපාර අරමුණු තවදුරටත් සංවර්ධනය කිරීමට එය යොදා ගනු ඇත- NorFund  සහ FinnFund  යනු පිළිවෙලින් නෝර්වේ සහ ෆින්ලන්ත රජයන් විසින් සහ පුද්ගලික ප්‍රාග්ධන වෙළෙඳපොළවල් මගින් අරමුදල් සපයනු ලබන සමාගම් වන අතර ලොව පුරා වගකිව යුතු සහ ලාභදායී ව්‍යාපාරවල සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම ඒවායේ අරමුණ වේ- මෙම ගනුදෙනු තවත් විශේෂ වන්නේ මුළු ලෝකයටම බලපා ඇති කොවිඞ්-19 මධ්‍යයේ ඒවා සිදු වීමයි.
 
සොෆ්ට්ලොජික් ලයිෆ් 2020 මාර්තු මාසයේදී ලෝකයේ ඉහළම ප්‍රතිරක්ෂණ, ප්‍රාථමික රක්ෂණ හා රක්ෂණය ආශ්‍රිත අවදානමට  විසඳුම් සපයන සැපයුම් ආයතනයන්ගෙන් එකක් වන Münchener Rückversicherungs-Gesellschaft - MunichRe  සමඟ ඇ- ඩො- මිලියන 15ක ගනුදෙනුවක් සිදු කරන ලදී- සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය සතු ඉහල මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන කළඹ සලකා බලා සිදු කරන ලද මෙම ගනුදෙනුව දකුණු ආසියාවේ ප්‍රතිරක්ෂණ ක්ෂේත්‍රයේ නවොත්පාදන මෙන්ම ප්‍රමුඛ පෙළේ ගනුදෙනුවක් ලෙස සැලකේ.
 
ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ සමාගම මෙම සුවිශේෂී ගනුදෙනු හරහා එම සමාගමට මෙන්ම මෙරට සමස්ත ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය හා දියුණුව සඳහා විශිෂ්ට බලාපොරොත්තු තව තවත් උද්දීපනය කරයි- 2020 මාර්තු 31 වන විට සමාගමේ වේගවත් වර්ධනය ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ 16.2%ක කොටසක් හිමි කර ගෙන ඇති අතර පසුගිය වසර පහ තුළ වෙළෙඳපොළ කොටස දෙගුණ කර ගනිමින් ජීවිත මිලියනයකට වඩා ආවරණය කර ඇත- 2019 දී ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 11%ක වර්ධනයට සාපේක්ෂව සමාගම 25%ක වර්ධනයක් පෙන්නුම් කරමින් ජීවිත රක්ෂණ ඔප්පු 247,755 ක් නිකුත් කර ඇති අතර එය රක්ෂණ වෙළෙඳපොළෙහි 33%ක් වන ඉහළම රක්ෂණ ඔප්පු අලෙවි කිරීම ලෙස වාර්තා විය.
 
 FinnFund, NorFund, සහ MunichRe   යන මෙම ආයෝජනයන් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබල ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා අප විසින් කර ඇති කැපවීමේ සාක්ෂියක් වගේම අප සුවිශේෂ දෙයක් සිදු කර ඇති බවට ලැබුණු සහතිකයක් ලෙස සිතීමට අප කැමතියි,” යනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ, සභාපති, අශෝක් පතිරගේ මහතා පැවසුවේය- අන්තර්ජාතික විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් අපගේ මෙහෙයුම් සංවර්ධනය කිරීමට අප සෑම විටම උනන්දු වන අතර සමාගමේ කොටස් හිමියන් වන Leapfrog Investments සමඟ අපගේ ව්‍යාපාරික හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපාරික අවස්ථාවන් අඛණ්ඩව තක්සේරු කරමින් සිටිනවා- ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ව්‍යාප්තියේ අවමභාවය ඉතා සුවිශාල අවස්ථාවක් බව අප ඉතාමත් දැඩිව විශ්වාස කරන අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දැක්විය හැකි දායකත්වය පිළිබඳව අපට ඉහල අපේක්ෂාවන් තිබෙනවා- ඒවගේම, 2019 දී රක්ෂණ වෙළෙඳපොළේ විකුණනු ලැබූ සෑම රක්ෂණ ඔප්පු තුනෙන් එකක්ම සිදු කරන ලද්දේ සොෆ්ට්ලොජික් ලයිෆ් බව පවසන්නේ ආඩම්බරයෙන්- එය අප ආවරණය කරන පාරිභෝගික පිරිස හා අපගේ නිෂ්පාදන විවිධාංගීකරණය පිළිබඳ පැහැදිලි සාක්ෂියක්-” බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
 
මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය සඳහා NorFund සහ FinnFund වෙතින් සිදු කරන පළමු ආයෝජනවලින් එකක් වන අතර මෙයින් ඔවුන් අපේක්ෂා කරනුයේ ආසියාවේ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළවල් මෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ් වැනි තිරසාර ව්‍යාපාරවල ප්‍රාග්ධනය පුළුල් කිරීමයි.
 
“ක්ෂුද්‍ර ව්‍යාපාර මූල්‍ය ආයතනයන්ට ප්‍රවේශය අවහිර වූ පුද්ගලයින්ට ප්‍රාග්ධනය හා මූල්‍ය පහසුකම් සැපයීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා NorFund සහ FinnFund  ආසියාවේ මූල්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර ආයෝජනය ද සිදු කරයි- තිරසාර සංවර්ධනය හා සමගාමීව මෙහෙයවන දේශීය ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් රැකියා උත්පාදනය හා ජීවිත නගා සිටුවීම යන අපගේ අරමුණට සොෆ්ට්ලොජික් ලයිෆ් ද මනාව ගැලපෙනවා,” යනුවෙන් NorFund  හි ආසියානු කලාපීය අධ්‍යක්ෂ, Fay Chetnakarnkul  පැවසුවේය.
 
“සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකරණ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර මෙම එක් වීම තුළින් එහි වර්ධන ගමන්මගට අඛණ්ඩව දායකත්වය ලබා දීමට අප බලාපොරොත්තු වනවා- ඔවුන් සමඟ මෙම එක් වීම අප අගය කරන අතර මෙම අයෝජනය ආර්ථික වර්ධනයට හා ශ්‍රී ලංකාවේ මූල්‍යමය දායකත්වය ඉහළ නැංවීමට ඉවහල් වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා,” FinnFund හි ආයෝජන කළමනාකරු, Ulla-Maija Rantapuska" , පැවසුවේය-
 
“සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ පවතින වසර 15කට වැඩි දිගුකාලීන සම්බන්ධතාව පිළිබඳව MunichRe සමාගම වන අප සතුටු වන අතර ඒ හරහා නිෂ්පාදන මුලපිරීම් ගණනාවක්ම හඳුන්වා දීමට අපට පුළුවන් වුනා- එම බැඳීම ද මෙම හවුල්කාරීත්වයට හේතුවක් වනවා- මෙම මූල්‍ය ප්‍රතිරක්ෂණ ගනුදෙනුව ව්‍යාපාරික සබඳතාවල ඉදිරි පරම්පරාව නියෝජනය කරන අතර එම අනාගතයේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන අප ඉමහත් ලෙසින් සතුටු වන බව,” MunichRe හි ඉන්දියානු ශාඛාවේ ජීවිත හා සෞඛ්‍ය පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, ශ්‍රීනිවාස රාඕ පැවසුවේය.
 
ජීවිත රක්ෂණයේ නවෝත්පාදකයෙකු වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෑතකදී ෆෝබ්ස් ඒෂියා සඟරාවේි්ි ‘Asia’s ‘Best Under A Billion  2019’යන ලැයිස්තුවේ ශ්‍රේණිගත විය- එය ස්ථාවර ආදායම් හා ලාභ වර්ධනයක් පෙන්නුම් කරන ඇමරිකා ඩොලර් බිලියන 1ට වඩා අඩු ආදායමක් සහිත ආසියාවේ ඉහළම කාර්යසාධනයක් සහිත ලැයිස්තුගත සමාගම් 200ක් ඇතුලත් වන ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමකි- මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් එකම ශ්‍රී ලාංකික සමාගම සොෆ්ට්ලොජික් ලයිෆ් වන අතර එම ශ්‍රෙිණිගත කිරීමට ඇතුලත් වූ ආසියාවේ රක්ෂණ සමාගම් දෙක අතරින් එකක් වූයේ ද සොෆ්ට්ලොජික් ලයිෆ් ය.
 
NorFund පිළිබඳව
 
භදරත්‍මබා යනු සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අරමුදල් ලබා දෙන නෝර්වේජියානු ආයෝජන අරමුදලකි- භදරත්‍මබා හි කාර්යභාරය වන්නේ රැකියා උත්පාදනය කිරීමත් ව්‍යාපාරවල තිරසාර සංවර්ධනය ඇති කිරීම සඳහා ආයෝජනය කිරීමෙන් ජීවිත සාර්ථකත්වයට පත් කිරීමයි- භදරත්‍මබා හි හිමිකාරීත්වය සහ අරමුදල් සපයනු ලබන්නේ නෝර්වේජියානු රජය වන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳුකම පිටුදකිමින් පුද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා එම රජය සතු වැදගත්ම ආයතනය වන්නේ භදරත්‍මබා ය- උප සහරානු අප්‍රිකාල ගිනිකොනදිග ආසියාව සහ මධ්‍යම ඇමරිකාව පුරා විසිරුනු සමාගම් 1000කට වැඩි ගණනක සෘජු හා වක්‍ර ආයෝජන සමඟ භදරත්‍මබා හි වෙළෙඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2-8ක් වෙයි.
 
Finfund  පිළිබඳව
 
ත්‍සබබත්‍මබා යනු කර්මාන්ත සංවර්ධනය සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ වෘත්තීයමය ආයෝජන සමාගමකි- සංවර්ධනය වෙමින් පවතින රටවල වගකිවයුතු හා ලාභදායී ව්‍යාපාරවල ආයෝජනය කිරීම මෙම සමාගමේ කාර්යභාරයයි- පුනර්ජනනීය බලශක්තිය, තිරසාර වන සංවර්ධන විද්‍යාව, තිරසාර කෘෂිකර්මාන්තය සහ මූල්‍ය ආයතන පිළිබඳව අවධානය යොමු කරමින් එම සමාගම සෑම වසරකම ව්‍යාපෘති 20-30ක් සඳහා යුරෝ මිලියන 200-250ක මුදලක් ආයා්ජනය කරයි- අද වන විට ත්‍සබබත්‍මබා හි ආයෝජන වටිනාකම යුරෝ මිලියන 957ක් වන ඉන් හරි අඩක්ම ආයා්ජනය කරනු ලබන්නේ අප්‍රිකාවේය- වැඩි විස්තර සඳහා www.finnfund.fiවෙත පිවිසෙන්න.
 
සොෆ්ට්ලොජික් ලයිෆ් පිළිබඳව
 
සොෆ්ට්ලොජික් ලයිෆ් රක්‍ෂණ සමාගම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අලෙවි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත්‍රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ සාමාජිකයෙකු වන සොෆ්ට්ලොජික් කැපිටල් පී.එල්.සී හි හිමිකාරීත්වය යටතේ පවතී. සමාගමේ සැලකිය යුතු කොටස්හිමි සමාගමක් ලෙස එක්සත් රාජධානියේ ඛැ්චත්‍රදට ආයෝජන සමාගම පෙන්වා දිය හැකිය.



අදහස් (0)

FinnFund, NorFund සහ MunichRe විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඇමරිකානු ඩොලර් මිලියන 30ක් (රුපියල් බිලියන 5.6) ආයෝජනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 

You may also like

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ
2025 ජනවාරි මස 23 92 0

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM


“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී
2025 ජනවාරි මස 08 773 0

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.


HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.
2024 දෙසැම්බර් මස 24 742 2

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ


ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි
2024 දෙසැම්බර් මස 20 359 0

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය


2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”
2024 දෙසැම්බර් මස 20 249 0

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ


සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි
2024 දෙසැම්බර් මස 18 207 0

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site