IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි

මහජන උපයෝගීතා කොමිසම තුන්වතාවක් ලිඛිතව දැනුම් දීලා 


උපුල් වික්‍රමසිංහ


මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතු වුවත් මේ දක්වා එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව කොමිසමට යොමු කරන ලෙස දන්වමින් 
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අවස්ථා තුනකදී සිහිකැඳවීම් 
ලිපි ලංකා විදුලිබල මණ්ඩලයට යොමු කළ ද ඒ කිසිවකට ප්‍රතිචාර නොලැබුණු බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.

2023 වසරේදීත් 2024 වසරේ මේ දක්වා කාලයේදීත් ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයා ඇති බැවින් එම ලාභය විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීමට ඇති නොකැමැත්ත නිසා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීම පමා කරමින් සිටින්නේ ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වෙන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අප මේ සම්බන්ධයෙන් විමසීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. මේ අතර නම සඳහන් කිරීමට අකමැති වූ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියකු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ එම ගාස්තු සංශෝධන යෝජනාව අවසන් අදියරේ පවතින බවත්, දැනට පවතින මට්ටමේ ම ගාස්තු තබා ගැනීමට හෝ සුළු මුදලකින් වැඩි කිරීමට හෝ ඒ යෝජනාවෙන් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇති බවත්ය.

 



අදහස් (0)

විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි

ඔබේ අදහස් එවන්න

Astrology

විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි
2024 මැයි මස 27 193 0

මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු


මීන
2023 මැයි මස 02 814 1

ගමන් බිමන් ආදිය වැඩිපුර යෙදෙන දිනයකි. පොදු සේවා සමාජ සේවා කටයුතු ආදියේ ප්‍රමුඛත්වය ලැබේ. අමතර ලාබ ප්‍රයෝජන හිමිවේ. ඌෂ්ණාධික රෝග පීඩා මතු කරයි.


කුම්භ
2023 මැයි මස 02 747 1

සුපුරුදු වැඩ කටයුතුවලින් නිදහස්වීමට අවස්ථාව හිමිවේ. ඇසුරු කරන්නන්ගේ සුහදතාව වර්ධනය වේ. හදිසි ධනලාබ ආදියට හේතුයි. සෙම් කෝප වැනි රෝග පීඩා මතුකරයි.


මකර
2023 මැයි මස 02 893 0

තරගකාරි කටයුතුවල අපේක්ෂිත ජයග්‍රහණ හිමිවේ. ආදායම් මාර්ගවල දියුණුවක් ඇතිවේ. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. ඉක්මන්කාරී ගති හේතුවෙන් ගැටලු


ධනු
2023 මැයි මස 02 788 2

අනාගතය දියුණුව සඳහා සැලසුම් හා තීරණවලට එළැඹීමට හැකියාව ලැබේ. ලාබ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් නිසිඵල ලැබේ. රැකියා අපේක්ෂා ඉටුවෙයි. ව්‍යාපාර ස්ථ


වෘශ්චික
2023 මැයි මස 02 998 0

අතපසුවෙමින් පවතින වැඩ කටයුත්තක් නිමකර ගැනීමට හැකියාව ලැබේ. රැකියා විරහිත පිරිසට තාවකාලික ආදායම් මාර්ග යෙදේ. වංචනික කටයුතු සඳහා සිත් යොමුවේ. ඇසුරු කරන


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site