මහජන උපයෝගීතා කොමිසම තුන්වතාවක් ලිඛිතව දැනුම් දීලා
උපුල් වික්‍රමසිංහ
මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතු වුවත් මේ දක්වා එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව කොමිසමට යොමු කරන ලෙස දන්වමින්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අවස්ථා තුනකදී සිහිකැඳවීම්
ලිපි ලංකා විදුලිබල මණ්ඩලයට යොමු කළ ද ඒ කිසිවකට ප්‍රතිචාර නොලැබුණු බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.
2023 වසරේදීත් 2024 වසරේ මේ දක්වා කාලයේදීත් ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයා ඇති බැවින් එම ලාභය විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීමට ඇති නොකැමැත්ත නිසා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීම පමා කරමින් සිටින්නේ ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වෙන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අප මේ සම්බන්ධයෙන් විමසීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. මේ අතර නම සඳහන් කිරීමට අකමැති වූ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියකු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ එම ගාස්තු සංශෝධන යෝජනාව අවසන් අදියරේ පවතින බවත්, දැනට පවතින මට්ටමේ ම ගාස්තු තබා ගැනීමට හෝ සුළු මුදලකින් වැඩි කිරීමට හෝ ඒ යෝජනාවෙන් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇති බවත්ය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මේ වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල්‍් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකා
මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු
ගමන් බිමන් ආදිය වැඩිපුර යෙදෙන දිනයකි. පොදු සේවා සමාජ සේවා කටයුතු ආදියේ ප්‍රමුඛත්වය ලැබේ. අමතර ලාබ ප්‍රයෝජන හිමිවේ. ඌෂ්ණාධික රෝග පීඩා මතු කරයි.
සුපුරුදු වැඩ කටයුතුවලින් නිදහස්වීමට අවස්ථාව හිමිවේ. ඇසුරු කරන්නන්ගේ සුහදතාව වර්ධනය වේ. හදිසි ධනලාබ ආදියට හේතුයි. සෙම් කෝප වැනි රෝග පීඩා මතුකරයි.
තරගකාරි කටයුතුවල අපේක්ෂිත ජයග්‍රහණ හිමිවේ. ආදායම් මාර්ගවල දියුණුවක් ඇතිවේ. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. ඉක්මන්කාරී ගති හේතුවෙන් ගැටලු
අනාගතය දියුණුව සඳහා සැලසුම් හා තීරණවලට එළැඹීමට හැකියාව ලැබේ. ලාබ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් නිසිඵල ලැබේ. රැකියා අපේක්ෂා ඉටුවෙයි. ව්‍යාපාර ස්ථ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි