IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අනුර මැදි විදුහලේ නිවාසන්තර ක්‍රීඩා උළෙලින්

(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

යක්කල අලුත්ගම අනුර මධ්‍ය මහා විද්‍යාලයේ 2024 වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළලේ සමස්ත ශූරතාවය ‘ගැමුණු‘ නිවාසය හිමිකරගත් අතර අනුශූරතාවය ‘පරාක්‍රම‘ නිවාසයට හිමිවිය. ‘විජය‘ නිවාසය තෙවැනි ස්ථානයටද, ‘තිස්ස‘ නිවාසය සිවුවෙනි ස්ථානයට ද හිමි විය.

විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැති මෙම උළෙලට පාසලේ ආදි ශිෂ්‍යයකු වන පුත්තලම යුද හමුදා බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් විරාජ් කුමාරසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

පෙරදිග තූර්ය වාදක සංදර්ශනය, යුද හමුදා ශිෂ්‍යභට සංදර්ශනය, බටහිර තූර්ය වාදක සංදර්ශනය, පොලිස් ශිෂ්‍යභට සංදර්ශනය, පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදක සංදර්ශනය යනාදී විශේෂාංග වලින් උළෙල විචිත්‍රවත් විය.

ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියන්ති දීපිකා නානායක්කාර, යක්කල අනුර ප්‍රාථමික කනිටු විදුහල්පති අනුරුද්ධ සමරසිංහ, වීරඟුල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ජේ.ඒ.එස්.කේ. ජයකොඩි, එහි අංශ ප්‍රධානීන් වන උ.පො.ප. බී.එන්. මහිපාල (රථවාහන), උපපොලිස් පරීක්ෂක චන්දන ශාන්ත ගිරිතලේ (ප්‍රජා) යන මහත්ම - මහත්මීන් ඇතුළු ආරාධිතයෝ රැසක් උළෙලට සහභාගි වූහ.

අනුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්.ඒ. ජගත් නිහාල් ප්‍රින්ස් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සහ එහි නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන එච්.එම්. සමන් (පරිපාලන), ජේ.ඒ. රක්ෂිතා කරුණාරත්න (සංවර්ධන), ජේ.ඒ.කේ.යූ. ඕපාත, සනත් නන්දන විතානගේ යන මහත්ම - මහත්මීන්ගේ මෙහෙයවීම මත පාසල් ක්‍රීඩා ගුරුවරුන් වන එස්.ටී.යු.එස්. පෙරේරා, එන්.එස්. මුතුකඩ, ඩබ්ලිව්.ජී.එම්. සන්දීප යන තිදෙනා ප්‍රමුඛ ගුරු පිරිසක් විසින් උළෙල සංවිධානය කර තිබුණි.



අදහස් (1)

අනුර මැදි විදුහලේ නිවාසන්තර ක්‍රීඩා උළෙලින්

ගංගා නිලානි රණවිිර Tuesday, 23 April 2024 08:58 AM

අනුර විද්‍යාලයේ වත්මන් විදුහවිදුහල්පතිතුමා , ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ 1983 අවධියේ මාගේ පාසල් මිතුරා සතුටුයි,ආඩම්බරයි. ප්‍රින්ස් කියන්නේ ගැම්මක් තමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

Ape School

බගවන්තලාව ධර්මකිර්ති විදුහලට 75 යි
2024 සැප්තැම්බර් මස 05 79 0

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකිර්ති සිංහල මහා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් සපිරිම නිමිත්තෙන් අද (05) එම විද්‍යාලයේදි පිරිත් ස


කැටයම් අංශයේ ප්‍රථම ස්ථානය සිතුම් තිලකරත්නට
2024 අගෝස්තු මස 14 182 0

සමස්ත ලංකා නර්තන තරගයේ ගොක්කොල හා කැටයම් අංශයෙන් 2024 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අනුරාධපුර තලාව හිරිගොල්ලේගම විදුහලේ එකළොස් වැනි ශ්‍රේණි


නීති සිසුහු ජනපති හමුවෙති
2024 අගෝස්තු මස 07 1813 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය


කොළඹ සරසවියේ 500 වැනි සනාථන මහ සභාව
2024 අගෝස්තු මස 01 304 2

කොළඹ විශ්වවිද්‍යාලයේ 500 වන සනාථන සභා රැස්වීම ඊයේ (31) පස්වරුවේ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


’’ X ban - 2024 ජනපති සුරතින් විවෘත වෙයි
2024 ජුලි මස 24 1094 0

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ’’ X ban - 2024 ප්‍රදර්ශනය ඊයේ (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුනු අතර මෙම මස 28 වෙනි දින දක්වා මෙය


බණ්ඩාරනායක ‘‘x-Ban‘‘ ප්‍රදර්ශනය හෙට සිට
2024 ජුලි මස 23 197 0

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ’’ X - ban ’’ 2024 ප්‍රදර්ශනය හෙට සිට මෙම 28 වෙනි දින දක්වා පැවැත්වෙන අතර මෙහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site