(ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු , ඔවුන් ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (22) පැමිණියහ .
මෙම තරගාවලිය සහ ප්‍රදර්ශනය ඇමෙරිකා එක්සත් ජනපදයේ , ලොස් ඇංජලීස් නුවර ඉකුත් 11 සිට 17 දක්වා ලෝකයේ රටවල් 67 ක ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 1,700 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙහිදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නදීශ ප්‍රතිභාන සිසුවා විසින් ඉදිරිපත් කළ රණවරා මල් වලින් දියවැඩියාව සුව කිරීමේ හැකියාව සොයා බැලීමේ පර්යේෂණ නිබන්ධනය සදහා " Comiunity Inovater " සම්මානය හිමි වී තිබුණි .
එසේම කුළියාපිටිය සාරානාත් විද්‍යාලයේ චිරාත් සේනානායක නිර්මාණය කර ඉදිරිපත් කළ කරාමයකින් වතුර නිකරුණේ පිටතට ගලා යාම සහ ජල කරාමයක් අලුත්වැඩියා කිරීමේ දී ප්‍රධාන ජල සැපයුම් පාලන කරාමය ( Gate Valve ) වසා නොදමා අලුත්වැඩියා කර ගත හැකි වැඩි දියුණු කළ පර්සෙස් සොකට් එකක් නිර්මාණය කිරීම වෙනුවෙන් තිරසර සංවර්ධන භාවිතය සදහා වූ සම්මානය පිරි නමා තිබුණි .
එමෙන්ම නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ හර්ෂ මඩවල දිගු කාළීනව ඇදන් මත වැතිර ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට වැළදෙන ඇද තුවාල ඇති වීම වලක්වා ගැනීම සදහා හැකියාව ඇති මෙට්ට කවරයක් නිර්මාණය කිරීම සදහා සම්මානයක් හිමි වී තිබේ .
කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්
උසස් පෙළ හදාරණ දූදරුවන්ට සිය පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා බහුල ක්‍ෂේත්‍ර වලින් තෝරා ගැනීමට වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීමේ ක්‍ෂෙත්‍ර චාරික
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකිර්ති සිංහල මහා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් සපිරිම නිමිත්තෙන් අද (05) එම විද්‍යාලයේදි පිරිත් ස
සමස්ත ලංකා නර්තන තරගයේ ගොක්කොල හා කැටයම් අංශයෙන් 2024 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අනුරාධපුර තලාව හිරිගොල්ලේගම විදුහලේ එකළොස් වැනි ශ්‍රේණි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය
කොළඹ විශ්වවිද්‍යාලයේ 500 වන සනාථන සභා රැස්වීම ඊයේ (31) පස්වරුවේ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමෙරිකාවේදී සම්මාන දිනූ සිසුන් තිදෙනා මෙරටට
BBC Wednesday, 22 May 2024 12:26 PM
Comiunity Inovater ! බුදු අම්මෝ... මොකක්ද ඒ?
Marikkar Wednesday, 22 May 2024 01:39 PM
මේ ළමයින් තුන්දෙනාටම හා මේ ළමයින්ගේ දෙමාපියන්ටත් අපේ උණුසුම් ප්‍රණාමය...!
Lalla Wednesday, 22 May 2024 03:21 PM
ලාංකීය ව්‍යවසායකයින් අවශ්‍ය මේ වගේ නිර්මාණ වෙළෙඳපලට ගෙන යන්න. නැතිව ඒවා වාණිජ මට්ටමට ගන්න ක්‍රම රජයකට හෝ මේ නිර්මාණශීලි දරුවන්ට තනිවම කරන්න බෑ.