IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’

(මනීෂා වීරසිංහ)

මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් මේ තරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ යැයි මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම දෙවන ස්ථානය හිමිකරගත් කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවිය සඳහන් කළාය.

ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුළුණි මෙත්සරා සිසුවිය මෙසේද කීවාය.

මම පළමු වසරේ සිට අ.පො.ස සා.පෙළ විභාගය දක්වාම අධ්‍යාපනය හදාරනු ලැබූවේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. මගේ විභාගය සඳහා සූදානම් වීම ගත්තහම මම කිසිම අමතර පන්තියකට සහභාගී වුණේ නැහැ. පාසලෙන් තමයි මම ලබපු ජයග්‍රහණයට ශක්තිය ලැබුණේ. විශේෂයෙන් මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු විෂයන් සියල්ලම ඉගැන්වූ ගුරුවරු සියලුම දෙනා විශාල සහයෝගයක් දැක්වූවා. මට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ගුරුවරු හමුවෙලා මගේ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාවක් ලැබුණා.

ඒ වගේම තමයි මම පාසල් ඉවර වෙලා ගිහින් විෂයන් කටපාඩම් කිරීමට සීමා නොවී ස්වයං අධ්‍යනයක් කරමින් පාඩම් කටයුතුවල නිරත වුණා. ඒ වගේම විෂයයක් විෂයක් විදිහට දකින්නේ නැතිව විෂයක් තමන් ආස කරන තවත් එක් දෙයක් විදිහට අවබෝධ කරගන්න පුරුදු වුණා. මම අධ්‍යාපන කටයුතුවලට අමතරව මම විෂය බාහිර කටයුතු සමඟ සම්බන්ධ වෙලා කටයුතු කළා. මම ඉදිරියේ දී ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා.

සාර්ථක ප්‍රතිඵලය ලැබපු කෙනෙක් විදිහට ඉදිරියේ විභාගයට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලාට කියන්න තියෙන පණිවිඩය තමයි, මට විභාගයට පාඩම් කරන තැනේ ඉඳන් මේ දක්වා මට සහය වූ දෙයක් තමයි සතිමත් බව නැතිනම් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම. පාඩම් කරන වේලාවේ වගේම, විභාගයට මුහුණ දෙන වෙලාවෙත් එළඹ සිටි සිහියෙන් කටයුතු කලොත් මානසික පීඩනය, මානසික ආතතියෙන් මිදිලා මනස නිරවුල්ව තබාගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ දේ ඔවුන්ගේ ජීවිතවලට ද ප්‍රායෝගිකව යොඳා ගැනීම තුළින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්න තියෙන්නේ.

වෛද්‍ය නන්දික රොෂාන් මහතා කුළුණි මෙත්සරා සිසුවියගේ පියා වන අතර මව වෛද්‍ය දීපිකා දමයන්ති මහත්මියයි. සිය දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මව වන වෛද්‍ය දීපිකා දමයන්ති මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.

මගේ දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තියෙන්නේ නිහතමානී සතුටක්. දුවට පාසලෙන් ලැබුණ සහයෝගය, මගපෙනවීම වගේම දුවගේ උත්සහය නිසා තමයි අද මේ ජයග්‍රහණය ලබා ගත්තේ.

මියුසියස් විදුහලේ විදුහල්පතිනි සංජීවනි බණ්ඩාර මහත්මිය,

අ.පො.ස සාපෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රමුඛයන් අතරට එන එක සාමාන්‍යකාරණයක් නෙමෙයි. එනිසා අප විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවියගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විදුහල්පතිතුමිය විදිහට ආඩම්බර වෙන වගේම සමස්ත ගුරු මණ්ඩලය ඇය ලැබූ ජයග්‍රහණයට සුබ පතනවා.

ඊට අමතරව කුළුණි සම්බන්ධයෙන් ආඩම්බර වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි කුළුණි අධ්‍යාපනයට විතරක් නෙමෙයි පාසලේ පෙරදිග සංගීත අංශයට ලොකු දායකත්වයක් දැක්වූ දුවෙක්. මැය තමයි පාසලේ පෙරදිග සංගීත අංශයේ නායිකාව වගේම පෙරදිග සංගීත වෘන්දයේ නායිකාව. ඒ වගේම පාලි හා සංස්කෘත භාෂාවන් හැසිරවීමේ හැකියාවක් තියෙනවා. වැදගත්ම කාරණාව තමයි මෙම දියණිය භාවනාවට නැඹුරු වුණ කෙනෙක්. දැන් ඉන්න දරුවන් එක්ක ගත්තහම මේ දැරිය හරිම සුවිශේෂී වන්නේ ඒ නිසා.

ඒ වගේම අමතර පන්තිවලට සහභාගී නොවී කොහොමද මේ ජයග්‍රහණය ලබාගත්තේ යන්න සම්බන්ධයෙන් අපි පුදුම වුණා. ඒ අවස්ථාවේ දියණිය කියා සිටියේ ගුරුවරුන්ගේ හැකියාව, ස්වයං අධ්‍යයනය වගේම එයාට ලැබුණු අවස්ථා වලදී විෂයන් ආවරණය කරගත් බවයි. මේ දියණියගේ ජයග්‍රහණය පසුපස මම දකින සුවිශේෂීම දෙය තමයි ඒ නවයක්, විශිෂ්ට ස්ථානයක් ඕනෑම දරුවෙකුට ගන්න පුළුවන් නමුත් ගුණවත් දරුවෙක් වෙන්න හැමෝටම බැහැ යනුවෙන් මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය සජීවනී බණ්ඩාර මහත්මිය අප සමඟ පැවසීය.

ඡායාරූප : (සුමුදු හේවාපතිරණ)



අදහස් (1)

’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’

Daniel Fernando, Ph. D. Wednesday, 30 October 2024 04:06 AM

කුළුණි මෙත්සර මහත්මියට සුභ පැතුම්. තව තවත් බැබලේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

Ape School

විශාකා බාලිකාවෝ සරුංගල් යවති
2024 දෙසැම්බර් මස 02 2543 9

කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .


පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක්
2024 නොවැම්බර් මස 13 870 0

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 159 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 506 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට
2024 නොවැම්බර් මස 04 1084 1

ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් ව


කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04
2024 ඔක්තෝබර් මස 31 129 0

කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 46 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 33 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site