(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)
ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් විදුහලේ ආදි ශිෂ්‍ය ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) වන දා එම විදුහලේ දී පැවැත්වුණි.
දුමින්ද සංජීව බාලසුරිය , නිරෝෂණ ගොඩැල්ලගේ සහ ඇලෝෂියස් විදුහල්පති පුබුදු සම්පත් යන මහත්වරුන් ඇතුලු අමුත්තන් පිරිසක් පොල් තෙල් පහනක් දල්වා චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කළහ.
ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ චිත්‍ර නිර්මාණ 270 ක් මෙම ප්‍රදර්ශනයට තබා ඇත. ජාතික මට්ටමේ චිත්‍ර තරගවලින් ජයගත් සිසුන්ගේ චිත්‍ර නිර්මාණද මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
එම විදුහලේ ප්‍රාථමික අංශයේ චිත්‍ර කලා ආචාර්ය බන්දුල පෙරේරා මහතාගේ මෙහෙයවීම මත චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. චිත්‍ර ප්‍රදර්ශනය අද (04) සහ හෙට (05) පැවැත්වේ.
ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම
කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල
ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුද
සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ
දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූ
උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට
සදමිත Monday, 04 November 2024 06:34 PM
හොඳට තිබුණා... හරිම ලස්සනයි..