මහනුවර පිළිමතලාව හැරමිටිගල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ 8 වැනි කලා මංගල්‍යය ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලැත්තෙන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා එම විද්‍යාලයේදී පැවැත්විණ.
ආදිවාසීන්ගේ සාම්ප්‍රදායක ශාන්තිකර්මයක් වන කිරි කොරහා නැටුමෙන් විද්‍යාලයේ දූ දරුවන් ඇතුළු සපැමිණි සියලුම දෙනාට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් කලා මංගල්‍යයය ආරම්භ කෙරිණි.
විද්‍යාලයේ දරු දැරියන් විසින් සංගීත, නර්ථන, චිත්‍ර, නාට්‍ය, ඉංග්‍රීසි භාෂා ඇතුළු විවිධ අංගයන්ගෙන් කුසලතා ඉදිරිපත් කිරීම විශේෂ ලක්ෂණයක් විය. එහිදී 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා තරග ශීර්ෂ 14 ක් යටතේ කුසලතා දැක්වූ ජයග්‍රාහකයන්ට ආදිවාසී නායක වන්නිලැත්තතන් අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.
ධීරානන්ද විද්‍යාලයේ විදුහල්පති ඊ.ජේ.එම්.පී.ජී.ජී බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ සහයෝගීතාවයෙන් මෙම කලා මංගල්‍යය සංවිධානය කෙරිණි.
කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් ව
කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ධීරානන්දයේ කලා මංගල්‍යය