IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’

(මනීෂා වීරසිංහ)

මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් මේ තරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ යැයි මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම දෙවන ස්ථානය හිමිකරගත් කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවිය සඳහන් කළාය.

ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුළුණි මෙත්සරා සිසුවිය මෙසේද කීවාය.

මම පළමු වසරේ සිට අ.පො.ස සා.පෙළ විභාගය දක්වාම අධ්‍යාපනය හදාරනු ලැබූවේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. මගේ විභාගය සඳහා සූදානම් වීම ගත්තහම මම කිසිම අමතර පන්තියකට සහභාගී වුණේ නැහැ. පාසලෙන් තමයි මම ලබපු ජයග්‍රහණයට ශක්තිය ලැබුණේ. විශේෂයෙන් මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු විෂයන් සියල්ලම ඉගැන්වූ ගුරුවරු සියලුම දෙනා විශාල සහයෝගයක් දැක්වූවා. මට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ගුරුවරු හමුවෙලා මගේ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාවක් ලැබුණා.

ඒ වගේම තමයි මම පාසල් ඉවර වෙලා ගිහින් විෂයන් කටපාඩම් කිරීමට සීමා නොවී ස්වයං අධ්‍යනයක් කරමින් පාඩම් කටයුතුවල නිරත වුණා. ඒ වගේම විෂයයක් විෂයක් විදිහට දකින්නේ නැතිව විෂයක් තමන් ආස කරන තවත් එක් දෙයක් විදිහට අවබෝධ කරගන්න පුරුදු වුණා. මම අධ්‍යාපන කටයුතුවලට අමතරව මම විෂය බාහිර කටයුතු සමඟ සම්බන්ධ වෙලා කටයුතු කළා. මම ඉදිරියේ දී ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා.

සාර්ථක ප්‍රතිඵලය ලැබපු කෙනෙක් විදිහට ඉදිරියේ විභාගයට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලාට කියන්න තියෙන පණිවිඩය තමයි, මට විභාගයට පාඩම් කරන තැනේ ඉඳන් මේ දක්වා මට සහය වූ දෙයක් තමයි සතිමත් බව නැතිනම් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම. පාඩම් කරන වේලාවේ වගේම, විභාගයට මුහුණ දෙන වෙලාවෙත් එළඹ සිටි සිහියෙන් කටයුතු කලොත් මානසික පීඩනය, මානසික ආතතියෙන් මිදිලා මනස නිරවුල්ව තබාගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ දේ ඔවුන්ගේ ජීවිතවලට ද ප්‍රායෝගිකව යොඳා ගැනීම තුළින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්න තියෙන්නේ.

වෛද්‍ය නන්දික රොෂාන් මහතා කුළුණි මෙත්සරා සිසුවියගේ පියා වන අතර මව වෛද්‍ය දීපිකා දමයන්ති මහත්මියයි. සිය දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මව වන වෛද්‍ය දීපිකා දමයන්ති මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.

මගේ දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තියෙන්නේ නිහතමානී සතුටක්. දුවට පාසලෙන් ලැබුණ සහයෝගය, මගපෙනවීම වගේම දුවගේ උත්සහය නිසා තමයි අද මේ ජයග්‍රහණය ලබා ගත්තේ.

මියුසියස් විදුහලේ විදුහල්පතිනි සංජීවනි බණ්ඩාර මහත්මිය,

අ.පො.ස සාපෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රමුඛයන් අතරට එන එක සාමාන්‍යකාරණයක් නෙමෙයි. එනිසා අප විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවියගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විදුහල්පතිතුමිය විදිහට ආඩම්බර වෙන වගේම සමස්ත ගුරු මණ්ඩලය ඇය ලැබූ ජයග්‍රහණයට සුබ පතනවා.

ඊට අමතරව කුළුණි සම්බන්ධයෙන් ආඩම්බර වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි කුළුණි අධ්‍යාපනයට විතරක් නෙමෙයි පාසලේ පෙරදිග සංගීත අංශයට ලොකු දායකත්වයක් දැක්වූ දුවෙක්. මැය තමයි පාසලේ පෙරදිග සංගීත අංශයේ නායිකාව වගේම පෙරදිග සංගීත වෘන්දයේ නායිකාව. ඒ වගේම පාලි හා සංස්කෘත භාෂාවන් හැසිරවීමේ හැකියාවක් තියෙනවා. වැදගත්ම කාරණාව තමයි මෙම දියණිය භාවනාවට නැඹුරු වුණ කෙනෙක්. දැන් ඉන්න දරුවන් එක්ක ගත්තහම මේ දැරිය හරිම සුවිශේෂී වන්නේ ඒ නිසා.

ඒ වගේම අමතර පන්තිවලට සහභාගී නොවී කොහොමද මේ ජයග්‍රහණය ලබාගත්තේ යන්න සම්බන්ධයෙන් අපි පුදුම වුණා. ඒ අවස්ථාවේ දියණිය කියා සිටියේ ගුරුවරුන්ගේ හැකියාව, ස්වයං අධ්‍යයනය වගේම එයාට ලැබුණු අවස්ථා වලදී විෂයන් ආවරණය කරගත් බවයි. මේ දියණියගේ ජයග්‍රහණය පසුපස මම දකින සුවිශේෂීම දෙය තමයි ඒ නවයක්, විශිෂ්ට ස්ථානයක් ඕනෑම දරුවෙකුට ගන්න පුළුවන් නමුත් ගුණවත් දරුවෙක් වෙන්න හැමෝටම බැහැ යනුවෙන් මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය සජීවනී බණ්ඩාර මහත්මිය අප සමඟ පැවසීය.

ඡායාරූප : (සුමුදු හේවාපතිරණ)



අදහස් (0)

’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’

ඔබේ අදහස් එවන්න

Ape School

’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’
2024 ඔක්තෝබර් මස 01 664 0

මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා වි


සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තෙන්
2024 ඔක්තෝබර් මස 01 299 0

එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ල


කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන උපන් දිනය සමරන්න යයි
2024 සැප්තැම්බර් මස 17 265 0

කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්


උසස් පෙළින් පසු වැඩලෝකයට අත්වැළක්
2024 සැප්තැම්බර් මස 11 175 0

උසස් පෙළ හදාරණ දූදරුවන්ට සිය පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා බහුල ක්‍ෂේත්‍ර වලින් තෝරා ගැනීමට වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීමේ ක්‍ෂෙත්‍ර චාරික


බගවන්තලාව ධර්මකිර්ති විදුහලට 75 යි
2024 සැප්තැම්බර් මස 05 202 0

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකිර්ති සිංහල මහා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් සපිරිම නිමිත්තෙන් අද (05) එම විද්‍යාලයේදි පිරිත් ස


කැටයම් අංශයේ ප්‍රථම ස්ථානය සිතුම් තිලකරත්නට
2024 අගෝස්තු මස 14 232 0

සමස්ත ලංකා නර්තන තරගයේ ගොක්කොල හා කැටයම් අංශයෙන් 2024 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අනුරාධපුර තලාව හිරිගොල්ලේගම විදුහලේ එකළොස් වැනි ශ්‍රේණි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 535 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site