IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි

(ගයාන් සූරියආරච්චි)

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝලටයේ ග්‍රෑන්ඩ් මාර්ක් හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කිරිමෙන් අනතුරුව වැඩිදුර උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සහ පාසල් හැරගිය රැකියා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට, සිසුන්ගේ මවුපියන් හෝ භාරකරුවන්ට, ගුරුවරුන්, දේශකයන් සහ අධ්‍යාපන අවස්ථා පිළිබදව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට මෙම ප්‍රදර්ශනය විවෘත වේ.

‘ෆියුචර් X‘ අධ්‍යාපන ප්‍රදර්ශනය තුළින් දේශීය හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සහ විද්‍යාල, ව්‍යාපාරික පාසල්, උපාධි ආයතන, තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතන, පරිගණක හා තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන, වෛද්‍ය හා හෙද විද්‍යාල, ඉංජිනේරු විද්‍යාල, සත්කාර සහ සූපශාස්ත්‍ර කලා පාසල්, භාෂා සහ සන්නිවේදන ආයතන, වෘත්තීය සංවර්ධන ආයතන, නිර්මාණාත්මක කලා සහ අධ්‍යාපන උපදේශකයන් සහ මාර්ගෝපදේශන සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සිටින වෘත්තීයමය නිපුනත්වයෙන් යුත් විශේෂඥ දැනුම මෙම ප්‍රදර්ශනය තුළින් ලබාගැනීමට හැකියාව ලැබේ.

එහිදී අදහස් දැක්වූ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉම්රාන් හසන් මහතා කියා සිටියේ ලබන දෙසැම්බර් මාසය අවසන්වන විට බොහෝ දුරට උසස් පෙළ විභාගය අවසන් වන අතර ඉන් අනතුරුව ජනවාරි මාසයේ අග මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය පැවැත්වීම නියම කාලයට අනුව සංවිධානය කර ඇති බවත් එම සිසුන්ට උසස් අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට මහගු මගපෙන්වීමක් ලබාදීමට මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය ඉවහල් වන බවය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂයකට අධික සිසුන් අතරින් සියයට 20 ක් පමණක් විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන අතර සියයට 80 ක් පමණ සිසුන් විභාගය සමත් වුවත් විශ්වවිද්‍යාල වරම් නොලැබෙන බවත් ඔවුන් වෙනුවෙන් උසස් අධ්‍යාපනයෙන් ඉහළට යාමට අපි මග පෙන්වීම සූදානම් බවත් හසන් මහතා කීය.

ලංකාවේ පිළිගත් උසස් අධ්‍යාපන ආයතනවලට මෙම ප්‍රදර්ශනයට සහභාගිවී සිසු සිසුවියන්ට ඉදිරි අනාගතය ගොඩනගා ගැනීමට උපදෙස් ලබාදීම සදහා අවස්ථාව සලසා දී තිබෙන අතර මේවන විට මෙරට පිළිගත් වෘත්තීය හා අධ්‍යාපන ආයතන සියයට 80 ක් පමණ මෙම ප්‍රදර්ශනයට සම්පත් දායකත්වය ලබාදෙන බවද ඉම්රාන් හසන් මහතා පැවැසීය.

එහිදී ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රුක්ෂාන් කුරු උතුම්පාල, නියෝජ්‍ය පාලක අසංක පෙරේරා යන මහත්වරු අදහස් දැක්වූහ.



අදහස් (0)

ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

Ape School

ක්‍රිස්තුරාජ විදුහලේ සිසු නියමුවෝ
2025 අප්‍රේල් මස 17 90 0

ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම


සිරිමාවෝ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස් වෙයි
2025 අප්‍රේල් මස 07 129 0

කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල


ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ
2025 පෙබරවාරි මස 24 420 0

ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුද


සීවලියේ කළඑළි මංගල්‍යය
2025 පෙබරවාරි මස 17 270 1

සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ


ඔරු පැදිමේ තරඟාවලියෙන් විශාඛාවට ජය
2025 පෙබරවාරි මස 04 409 0

දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූ


උහන කණිෂ්ඨයෙන් වාර්තාවක්
2025 ජනවාරි මස 26 484 2

උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 874 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site