(යක්කලමුල්ල ජේ.කේ.එල්.චාමින්ද, අහංගම සුමතිපාල දියගහගේ සහ උඩුගම රවි ලියනගේ)
එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සඳහන් කළාය.
ඇය ඉංග්‍රිසි මාධ්‍යයෙන් අ.පො.ස සා.පෙළ විභාගයට පෙනිසිට මෙම ජයග්‍රහණය අත්කරගනු ලැබිය. මෙකි ජයග්‍රහණය පිළිබද අදහස් දක්වමින් ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය මෙසේද කිවාය.
මගේ නැගණිය වන බුද්ධිනි මලිෂා කුමාරතුංග මගේ නිවුන් සහෝදරිය. නංගිත් එක්ක තමයි අධ්‍යාපන කටයුතුවල නිරතවුනේ. අපි දෙදෙනා එකට පාඩම් කළේ. නංගි සහ මම පළමු වසරේ ඉදලා සංඝමිත්තා බාලිකා විද්‍යාලයට තමය අකුරුකිරිමට ගියේ. නංගිට සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගැනිමට නොහැකිවුවන් ඇයත් විෂයයන් නමයටම ඒ සමාර්ථ ලබාගෙන සා.පොළ විභාගය විශිෂ්ඨ අයුරින් සමත්වුනා. අපි දෙදෙනා නිදිමාරගෙන පාඩම් කළේ නැහැ. රාත්‍රි 9.30 වනවිට නින්දට ගියා. උදැසන 5.00ට පමණ අවදිවෙලා පාඩම් කළා. පාසලේ එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා අවසන් කළා. යම්කිසි සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවුණා. අතිරේක විෂයයන් වශයෙන් දෙමළ, ඉතිහාසය තාක්ෂණි යන විෂයයන් තමයි කළේ. ඇත්තටම විභාගයට ඉතා සැහැල්ලුවෙන් මුහුණ දුන්නා. පාසලේදි හොදින් අධ්‍යාපන කටයුතුවල නිරතවුණා. ගුරුවරු පාසලේ උගන්වන වෙලාවට හොදින් අසාගෙන හිටියා. පාසලේ බාහිර වැඩත් කළා. මධ්යා සංගමය, පාසලේ විවාද කණ්ඩායම නියෝජනය කළා. විද්‍යා අංශයෙන්.අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනි සිට වෛද්‍යවරයකු වීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.
මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ගැන සදහන් කිරිමේ දි මගේ අම්මාට සහ තාත්තාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ අම්මා සහ තාත්තා තමයි මේ ජයග්‍රහණය ගන්න ගොඩක් උදව් කළේ. මගේ පාසලේ ගුරුවරු හිටපු විදුහල්පතිනිය වන චාන්දනි උඩුකුඹුර වත්මන් විදුහල්පතිනය වන අසේනි පරණවිතාන යන මහත්මින්. මගපෙන්වු සියලුම ගුරු භවතුන් 11 වසරේ පංතිභාර ගුරුතුමිය වන ඩිලිනි විරක්කොඩි ගුරුතුමිය මේ අවස්ථාවේ දි සිහිපත් කරන්න ඕනේ. මම ඉතා ආශවෙන් ඉගෙනගත් විෂය තමයි විද්යාවා. ඒ කාලපරිච්ඡේදය මගහරින්න මම ගොඩක් අකමැති වුණා විෂයයන් නමයටම ගොඩක් උනන්දු වුණා. ඉතා ආශාවෙන් වැඩකළා. මගේ මිතුරියන් දෙදෙනකු හිටියා ඒ දෙදෙනා නංගිටයි මටයි ගොඩක් උදව් කළා යැයි හිරුණි මල්ෂා දියණිය සදහන් කළාය.
හිරුණි මල්ෂා දියණියගේ පියා ටි .එච් පුන්සිරිකුමාරතුංග වන අතර ඔහු ශ්‍රි.ලං.ගම උඩුගම ඩිපෝවේ සේවය කරන්නේය. මව එම් කේ.ජි කුමාරි ගාල්ල කළේගාන පියතිස්ස විද්‍යාලයේ ගුරුවරියකි. මොවුන් ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දැනට දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය අසල කුලී නිවසක පදිංචිව සිටිති.
අපේ පාසලේ සිසුවියන් දෙදෙනෙකු මෙවර අ.පො.ස සාපෙළ විභාගයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් හිමකරගෙන තියෙනවා. ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සා.පෙළ විභාගයෙන් පළමු ස්ථානය හිමිකරගෙන තියෙනවා. නදුනි සමුදිතා රණවීර දියණිය ලංකාවෙන් සිව්වන ස්ථානය හිමිකරගෙන තියෙනවා. ඇත්තටම මේ සිසුවියන් දෙදෙනා පාසලට කීර්යතක් ලබාදි තියෙනවා යැයි ගාල්ල සංඝමිත්තා බාලිකි විද්‍යාලයේ විදුහල්පතිනය වන අසේනි පරණවිතාන මහත්මිය සඳහන් කළාය.
කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල ප
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් ව
කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තෙන්