ක්‍රිෂාන් ජීවක ජයරුක්
මාතර සමුපකාර රෝහලට අනුබද්ධිතව අකුරැස්ස නගරයේ ඉදි කළ නව සමුපකාර රෝහල 11 වැනිදි විවෘත කළේය.
මාතර දිස්ත්‍රික් සමුපකාර රෝහල් ජාලයේ සභාපති චමින්ද ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව ඉදි කළ අකුරැස්ස සමුපකාර රෝහල විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.ටී.කේ.රාජපක්ෂ මහතායි.
බාහිර රෝගී අංශය, නේවාසික ප්‍රතිකාර ඒකකය, ෆාමසී, රසායනාගාරය, චැනලින්, ස්කෑන් පරීක්ෂණ, ගිලන් රථ සේවා ආදී සියලු පහසුකම්වලින් සමන්විත නව රෝහල පැය 24 පුරා රෝගීන් වෙනුවෙන් විවෘතව පවතී.
සේවකයන් 25 දෙනකුටත් අඩු ගණනකට වැටුප් ගෙවා ගත නොහැකිව වසා දමා තිබූ මාතර සමුපකාර රෝහල සංවර්ධනය කොට දිස්ත්‍රික්කය පුරා රෝහල් ශාඛා ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වත්මන් සභාපති චමින්ද ගුණසේකර මහතායි.
ඔහුගේ නායකත්වය යටතේ අද වන විට මාතර සමුපකාර රෝහලේ සේවක සේවිකාවන් 500 කට අධික පිරිසක් සේවය කරන අතර සියලු පහසුකම් වලින් ද එම රෝහල ශක්තිමත් කර ඇත.
මීට මාස තුනකට පෙර කඹුරුපිටිය නගරයේ ද නව සමුපකාර රෝහලක් මාතර සමුපකාර රෝහලට අනුබද්ධිත විවෘත කෙරිණි. ඊට අමතරව හක්මන නගරයේ හා අපරැක්ක ප්‍රදේශයේ ද තවත් සමුපකාර රෝහල් දෙකක් ඉදි කර තිබෙන අතර එම රෝහල් දෙකද මෙම මාසය අවසානයේ දී විවෘත කිරීමට නියමිතය.
උත්සව සභාව අමතමින් සීමාසහිත අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.ටී.කේ රාජපක්ෂ මහතා මෙසේ කීය.
“අකුරැස්ස පුරවරයට අද සුවිශේෂී දවසක්. සෞඛ්‍ය හා අධ්‍යාපනය කියන්නේ ජනතාවට අත්‍යවශ්‍ය සාධක දෙකක්. වල්වැදිලා සේවක පඩි නඩි ගෙවා ගන්න බැරිව අර්ථ සාධක ගෙවා ගත නොහැකිව වසා දමා තිබු මාතර සමුපකාර රෝහල අතට ගෙන අද වන විට සුරපුරයක් වගේ තැනක් බවට පත් කළේ වත්මන් සභාපති චමින්ද ගුණසේකර මහතායි. අකුරැස්ස, දෙනියාය, කඹුරුපිටිය, හක්මන ආදී දුර බැහැර ප්‍රදේශවල ජනතාවගේ ලොකු ඉලීලීමක් තිබුණා මාතරට එන්න දුර බැඩියි. ඒ නිසා රෝහල් ශාඛා ඒ ප්‍රදේශවල ආරම්භ කරනාන කියලා.
ඒ අනුවයි චමින්ද ගුණසේකර සභාපති තුමා අද අකුරැස්ස නගරයේ මේ වගේ රෝහලක් ආරම්භ කළේ.මීට අමතරව කඹුරුපිටිය, හක්මන හා අපරැක්ක නගර වලත් රෝහල් ඉදි කර තිබෙනවා. මේක සුවිසල් වැඩක්. මේ වගේ වැඩක් චමින්ද ගුණසේකර සභාපතිතුමාට හැර වෙන කෙනෙක්ට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. අකුරැස්ස හා දෙනියායේ මිනිසුන්ට සෞඛ්‍ය සේවාව ලබා ගන්න මාතරට හෝ ගාල්ලට යනාන සිද්ධ වුණා.
දැන් එහෙම ඕන නෑ. ඒ වගේම මේ ප්‍රදේශවල තරගකාරී මිලක් තිබුණේ නෑ. ඒකාධිකාරීත්වයක් ගොඩ නැගී තිබුණේ. අකුරැස්ස නව සමුපකාර රෝහලෙන් අඩු මුදලට වගේම වඩා උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න ජනතාවට පුළුවන්.ඒ වෙනුවෙන් මම සුබ පතනවා.”
මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය මානෙල් ප්‍රශාන්ති, සිංගර් සර්විස් කළමනාකරු සනත් ජයසේකර, මාතර සමුපකාර රෝහලේ සාමාන්‍යාධිකාරී ඒ.සමරවික්‍රම, මානව සම්පත් කළමනාකාරිනී කල්පනී භාග්‍යා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අකුරැස්ස නගරයට සමුපකාර රෝහලක්