IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අත්යන්ත්‍ර - බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනපති තීරණය කරයි

අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

එම කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නඟා සිටුවමින් ඒවාට තවත් නිෂ්පාදකයන් ආකර්ශනය කරගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ.
රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ අද (15) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇත.

ආනයනික රෙදි භාවිතයෙන් නිපදවන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එමඟින් විදේශවලට ඇචී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ද හැකියාව ලැබේ.

පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡවේදී පෙන්වා දුන්නේය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යොදවන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කිහිපදෙනකු සතු රෙදිපිළ නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් පෙන්වාදුන්නේය.

නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.

විදේශවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණවල ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්,  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහූ සහ ඇගළුම් සහ රෙදි පිළී ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
055

 

 



අදහස් (27)

අත්යන්ත්‍ර - බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනපති තීරණය කරයි

siri Monday, 15 June 2020 06:51 PM

අපට නම් පෙනී යන්නේ ඒකටත් හමුදාව යොදවා ගැනීමේ අරමුණක් තියෙන බවයි. පාසල් ඇතුළු සියලුම නිල ඇඳුම් සඳහා ඉහළ ප්‍රමිතියකින් යුතු රෙදි නිෂ්පාදනය කිරීම ගැන විපරම් කෙරෙන "සුපරීක්ෂක කණ්ඩායම " ගැන කතා කළ වෙලාවේ ජනාධිපතිවරයා කියනවා ඇහුණා හමුදාවට ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා. අනේ මන්දා "හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න" කියලා කිව්වා තමයි. ඒ වුණාට අර හැට දෙලක්ෂයෙන් කීදෙනෙක් හමුදා පාලනයක් ඉල්ලුවාද කියලා නම් හරියටම ෂුවර් නැහැ.

:       2229       903

Prabha Monday, 15 June 2020 07:31 PM

ඔය තහනම කොච්චර කාලයකටද?

:       1510       161

BamunuarachchiTuesday, 16 June 2020 04:38 AM

රටකට ලොකුම විනාශය තමයි මෙවන් සෘණ අදහස් දරන මිනිසුන් ජීවත් වීම... මේ ගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න ඕනේ රුසියාවේ ස්ටාලින්ගේ නීතිය..

:       335       1630

BamunuarachchiTuesday, 16 June 2020 04:57 AM

මෙවන් අදහස් ඉදිරිපත් වෙනවිට යහපාලන ද්‍රෝහීන්ට හරිම අමාරුයි. ඉසතරම්ම කලිසම්, කමිස, සාරි නිපදවන කර්මාන්ත ශාලා විනාශ කලේ මේ දහදුරා එජාප ආණ්ඩුයි. පිට රැටියන්ට අපේ කර්මාන්ත බිලිදුන්නේ මොවුන්. ජෙප්පන් රටේ සිටි විජාතික කර්මාන්ත කරුවනට කළ තර්ජන, ගර්ජන නිසා ඔවුන් ඒ කර්මාන්ත බංගලිදේශය වැනි රටවලට ගෙන ගියා. දැන් මොවුන් ආයෝජකයින්ට අඬගසනවා. දැන්වත් අපි අපේ අත්යන්ත්‍ර හා විදුලි යන්ත්‍ර කර්මාන්තය නගා සිටවමු.

:       191       1501

samTuesday, 16 June 2020 05:22 AM

දේශීය කර්මාන්තයක් සහ ව්‍යාපාරයක් වූ දාස සමූහ ව්‍යාපාරය නැතිකළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. අපේ රට ගොඩගන්න බැරි අපේ අය නිසාමයි.

:       2       1427

ranilTuesday, 16 June 2020 06:41 AM

අන්කල්, පොඩ්ඩක් බයිලා දොඩන එක නවත්තලා කියන්නකෝ, අන්තිම වතාවට පාරෙයන ඇස්පේන්නේ නැති, අඳ, ගොලු, බිහිරි පාසලේ අයගෙන් බෙඩ් ශීට් එකක් සල්ලි වලට ගත්තේ කියලා... නිකන් දොඩවන්න එපා..

:       1365       48

BamunuarachchiTuesday, 16 June 2020 08:18 AM

සෑම්, ඕන ජෙප්පෙකුට නැතිනම් එජාප බයියෙකුට තද වෙලා... උපන් අවුරුද්ද කියන්න මම මෙයාගේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නම්...

:       58       1374

PrabhaTuesday, 16 June 2020 09:39 AM

පාට කණ්ණාඩි ගලවලා ලෝකෙ බලන්න පුරුදු වෙමු. ගත් තීරණ කීයක් නැවත වෙනස් කළාද?

:       1396       43

චමින්ද Tuesday, 16 June 2020 01:41 AM

මේ ගමන්ම එක්දහස් නවසිය අසූ ගණන්වල වසාදැමූ පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබූ බලවේග පෙහෙකම්හල් ටිකත් ආපසු පටන්ගත්තොත් නරකද? ඒකාලෙ ඒවා වසා පුද්ගලික අංශයට ගොඩනැගිලි බදු දුන්නා. බදුකරුවන්ගෙන් නැවත බදුගත්ගත් ආයතන සමහර ගොඩනැගිලි කාමර ලෙසට ගොඩනැගිලි සකස්කර ඉහල ගණන්වලට බදුදීලා විශාල ලෙසට ආදායම් උපයනවා. මම හිතන්නේ මෙම දේපලවලින් රජයට ආදායමක් නැහැ කියලා. මේවායේ කුමන හෝ නිෂ්පාදන ආයතන ඇතිකර රැකියා ප්‍රශ්ණයට විසදුමක් යෙදීමත් සුදුසුයි කියා හිතෙනවා.

:       0       1423

Thilina Tuesday, 16 June 2020 04:57 AM

සිරි මහතා වෙත, ඔව් ඇත්තටම අපි ඡන්දය භාවිතා කලේ මේ රට කොහොමහරි ගොඩ ගන්න මිසක් ආපහු පස්සට යවන්න නෙමෙයි.. මම අදටත් විශ්වාස කරනවා දැඩි පාලනයකින් තොරව මේ රට ගොඩනගන්න බැහැ. යුද්ධය ඉවර කරනකොට කොරෝනා මඩින්න වැඩ කරනකොට ඔවුන් තමයි මානුෂියම හමුදාව... හැබැයි රටේ අකර්මණ්‍ය වෙලා තියෙන දේවල්වලට සම්බන්ධ වෙද්දී හමුදා පාලනයක් වෙලා.. බහුතරයක් හොර, අල්ලසට යට නිලධාරීන් සහ දේශදේශපාලකයින්ට වඩා ඒ හමුදා පාලනයට මම ඇතුළු අති බහුතරයක් රට වැසියන් කැමතියි..

:       251       1559

chamindaTuesday, 16 June 2020 06:11 AM

ඔබ හමුදා පාලනය ගැන හරිහැටි නොදැනයි මේ කතා කරන්නේ...

:       1427       96

Thilina Tuesday, 16 June 2020 07:52 AM

ඔබ හමුදා පාලනයකට යටත් වෙලා කවදාහරි ඉඳලා තියෙනවද? ලංකාවේ කවදාවත් හමුදා පාලනයක් ඇතිවෙන්නේ නැහැ. සියලු පාලන තන්ත්‍ර තීරණය කරන්නේ මහජන ඡන්දයෙන්.. කොරහේ කිඹුල්ලු දකින්නේ නැතුව විනයක්, නීතියක් තකන්නේ නැති ජාතියක් ගොඩගන්න උදව් කරන්න.

:       149       1495

BamunuarachchiTuesday, 16 June 2020 08:21 AM

යහපාලනයට වඩා හමුදා පාලනය ලක්ෂ වාරයක් හොඳයි. වැඩක් කරලා වැටුපක් ගන්නවා නම් හෝ බිස්නස් එකක් කරලා ආදායමක් ගෙන සතුටින් ඉන්නවා නම් හමුදා පාලනයක් ගැන හොයන්නේ මොන බම්බුවකටද?

:       85       1405

siriTuesday, 16 June 2020 08:31 AM

පිටතින් බැලූවිට නම් හමුදාව ලවා රටේ නීතිය ස්ථාපිත කර දූෂණ වළක්වා රට දියුණු කිරීම හරිම සුන්දර ලෙහෙසි, පහසු වැඩක් වගෙයි පෙනෙන්නේ... නමුත් හමුදා පාලන තිබුණ හෝ දැනට තියෙන එකම රටකවත් ඒ මඟින් ඒ රටවල මහජනතාව සුඛිත මුදිත වෙන බවක් නම් පෙනෙන්නට නැහැ. හමුදා පාලනයකට වෙන රටවල් කීයක් උදව් වෙයිද කියලත් කියන්න බැහැ. ඒකයි මේ දැන් දැන් හමුදාව කෙලින්ම පාලනය බාර නොගෙන වෙනත් මාර්ගවලින් "පාලනයට යන්ත්‍රයට හමුදාව යොදාගන්නට" යන්නේ. නමුත් අයිය මලෝ අතරේ මේ සම්බන්ධයෙන් දැනටමත් අවුල් වියවුල් ඇතිවෙලා තිබෙන බවයි ආරංචි වෙන්නේ. එක අයිය කෙනෙක් ඊයේ පෙරේදා රැස්වීමකදී ආරක්ෂක ලේකම් වරයාටත් අනෙකුත් හමුදා නිලධාරීන්ටත් පුටු පොලවේ ගසමින් ලුණු ඇඹුල් ඇතුව දෙසා බෑවා කියලත් කියනවා. හමුදාවට වැඩේ බාරදීලා රට හදන එක සුරංගනා කතාවක් වගේ දෙයක් නෙවේ මහත්තයෝ...

:       1380       78

Ajith Tuesday, 16 June 2020 05:46 AM

අන්න අර හාදයා නම වෙනස් කරලලු අර්ජාන් ඇලෙක්සැන්ඩර් කියලා... ඔහෙයිලා තාම දන්නේ නැතෙයි. දැන් කොහොමෙයි උන්දැව කුදලාගෙන මේ රටට ගෙනත් නඩු දාන්නේ..

:       10       74

wimal Tuesday, 16 June 2020 06:23 AM

හොඳ වැඩක්... ඉදිරියෙදි අපේ අයටම රස්සාවක් හරි ලැබෙන්නේ.. අපේ සල්ලි අපේ රට ඇතුලෙමයි. හොඳ දෙයක්. අවස්ථාවාදීන්ට මේ වැඩවල අගයක් නැහැ.

:       2       1484

ranil Tuesday, 16 June 2020 09:26 AM

යල්පැනපු නිෂ්පාදන ක්‍රමවේදයන් මේවා... දැන් මැෂින්වලට පුලුවන් කිසිම මානව ශ්‍රමයකින් තොරව රෙදි නිෂ්පාදනය කරන්න. නූල දෑම්මම රෙද්ද එනවා.. මේ අය අත්යන්ත්‍ර කරකවනවා. ඒ වුණාට ටෝක් දෙන්නේ ඇඟලුම් කර්මාන්තේ ඉහළට එනවා කියලා. මේවගෙ අත් යන්ත්‍ර රෙදි සීමිත ප්‍රමාණයක් මිනිස්සු ගන්නේ... ඒවා එක එක කාලෙට එන ෆැෂන් විතරයි. අනික නිෂිපාදනය කරන මිනිහගෙන් කුණු කොල්ලෙට මේවා ගන්නේ....

:       1472       62

BamunuarachchiTuesday, 16 June 2020 11:50 AM

පිස්සු කරන්න එපා හලෝ මේ කර්මාන්තවලට කියන්නේ "කොටේජ් ඉන්ඩස්ට්‍රීස් " අත්යන්ත්‍ර වලින් හදන්නේ මගුල් සාරි හෝ සේද සාරි නොවෙයි.. තුවා බෙඩ්ශීට් වැනි ගොරෝසු රෙදි... එමගින් රටේ පිටිසර ජනතාවට ස්වයන් රැකියා අවස්ථා ලැබෙනවා. අපිත් ඒ භාණ්ඩ මිලට ගන්න විට කේවල් කරන්නේ නැත. ඔබලා දියුණුවෙන රටකට අමුපිළිල... සහල් ටිකත් පිටරටින් ගෙන්වමු කීව යහපාලකයින්ගෙන් පැවත එන්නෙකු බව පෙනෙනවා...

:       42       1387

ranilTuesday, 16 June 2020 12:33 PM

අනේ මේ, නිකන් වල්පල් දොඩන්න එපා අන්කල්. ඔයාගෙ වයසෙ කාලෙ වගේ නෙමෙයි. ඒ කාලෙ මිනිස්සු මේ බෙඩ්ශීට් ගත්තේ, වෙන දේවල් නැති නිසා. දැන් කාලේ මීට වඩා පහසු බෙඩ්ශීට් ඉතා සුලු මිලකට ගන්න පුලුවන්. මේවට ඩිමාන්ඩ් තියෙනවා නම්, අර අහිංසක සුදු සැරයටි කට්ටිය බෙඩ්ශීට් මල්ලත් උස්සන් පාරක් ගානෙ, හන්දියක් ගානෙ යන්න වෙයිද? තමන් වගේ බණ කියන අය තමයි මේ රටට පිලිලෙ... නූතන විදිහට හිතන්න පූරුදු වෙනවා. ඒ මිනිස්සුන්ට හෑකියාවට අවශ්‍ය නවීන උපකරණ, භාණ්ඩ කොලිටිය සහ විකුණා ගැනීමේ හැකියාව දියුණු කරන හැටියක් ඉදිරිපත් කරනවා. තාම 1970ක් වගේ ඉන්නේ... පිස්සෙක් වගේ දකින දකින කොමෙන්ට් එකට, කපුටා වැල ගෙඩියට කොටනවා වගේ උත්තර කොටන්න එපා. මොලේ තියෙනවා නම් පොඩ්ඩක් පාවිච්චි කරන්න අන්කල්. වයසෙ වැරැද්ද..

:       1484       117

BamunuarachchiWednesday, 17 June 2020 01:28 AM

මගේ වයස ගැන කතා කරන්න එපා.

:       0       1

BamunuarachchiWednesday, 17 June 2020 07:08 AM

ඔබ මම තරම් ජීවත් වෙයි කියා ශුවර් එකක් තිබෙනවද? මම හිතන්නේ නැහැ...

:       0       1

Champa Tuesday, 16 June 2020 03:28 PM

ලංකාවේ මම දන්නා විදිහට අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් 1000 කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා. පිටරට යවන්නේ සහ ලංකාව ඇතුලේ වැඩිපුරම විකිණෙන්නේ ජනෙල් රෙදි, මේස රෙදි, ඇඳ ඇතිරිලි, පුටු කවර සහ කුෂන් කවර. තව ලංකාවේ කුඩා ප්‍රමාණයකින් අත්යන්ත්‍ර සරම්, සාරි සහ ලුංගි කියන ඇඳුම විකිණෙනවා. බතික් අපිට ආවේ ඉන්දුනීසියාවෙන්. එනමුත් අද වෙනකොට අපි අපේම මෝස්‌තර රටා නිර්මාණය කරලා බතික් කර්මාන්තය අපිට ආවේනික විදිහට වෙනස් කරගෙන තියෙනවා. තීරණ නම් කෙල කෝටියක් විතර අරගත්ත කියලා පත්තරවල තියෙනවා. දැන් මේකටත් දාන ජනාධිපති කාර්ය සාධක බලකායට ඇතුලත් අය කවුද?

:       0       0

ranilWednesday, 17 June 2020 07:19 AM

බතික් ඇඳුම් අඳින්නේ ලංකාවේ සීමිත ප්‍රමාණයක්... බොහෝවිට සංචාරයකයන් තමයි මේවාගන්නේ... මේවා සීසනල් දේවල්. පිටරට බඩු ගේන එක නවත්වන එක හරි, සීමා කරන එක හොඳයි. නමුත් අපේ රටේ නිෂ්පාදන ඒ තත්වයටම, ඒ මුදලටම දෙන්න පුලුවන් නම්. මේක පාරිභෝගිකයින්ට කරන උපරිම අපහසුතාවයක්, පාඩුවක්, අසාධාරණයක්. සලුසලෙන්වත් මේවා නිෂ්පාදනය කරන තැන්වලින් ගන්නේ නෑ. කොලිටියක් නෑ. බේස්එක හරියට දාන්නේ නැතුව නීති ගෙනත් වැඩක් නෑ. බමුණා වගේ අයට මේක තේරෙන්නෙත් නෑ...

:       0       0

BamunuarachchiWednesday, 17 June 2020 01:10 PM

හලෝ මේ රටේ රෙදි නිෂ්පාදනයට මම සම්බන්ධ වුනේ 1962 ඒ ලෙවල් කර අවසන් වූ විගසමයි. මම සම්බන්ධ වුණා දෙමටගොඩ පිහිටි කර්මාන්ත ශාලාවකට... බලයන්ත්‍ර 200ක් තිබුනා. ජෙප්පෝ නිසා ඔවුන් ඒ කර්මාන්ත බංගලිදේශයට ගෙන ගියා. ඊයේ, පෙරේදා ඉපදුන ඔබ මට රෙදි නිෂ්පාදනය ගැන කියා දෙන්න එපා. බතික් අඳින්නේ රටේ ඉතා සුළු පිරිසක් වුණත් වෙළඳාම තිබෙන්නේ පිටරැටියන්ට විකුණන්නේ ඩොලර් වලට... පිටරටින් නොගෙන්වීමෙන් බතික් නිෂ්පාදකයින්ට රැකියා ලැබෙනවා විදේශීය විනීමය ඉතිරිවෙනවා. අපේ රටේ බතික් දැකලා නැති මේ හාදයා පිටරට දේ අගය කරනවා. එය මේ ගොයියාගේ වරද නොවෙයි ජානවල වරද... අපි අපේ රටේ දේ අගය කරනවිට මේ ගොයියා පිටරට දේ අගය කරන්නේ ජානවල දෝෂයක් නොවෙයිද?

:       0       1

BamunuarachchiWednesday, 17 June 2020 01:42 PM

ගෝඨාභය මහතා හිතන්නේ නැහැ බතික් තහනම් කරන්නේ ඒ ඉල්ලීම එන්නේ බතික් නිෂ්පාදකයින්ගෙන් හා කුඩා කර්මාන්ත කරුවන්ගෙන් හා ජනාධිපති උපදේශකවරුන්ගෙන්... ඒවා ගැන සාකච්ඡා කරලා තමයි තීන්දු ගන්නේ... ගෝඨාභයට බේස් දාන්න කියලා දෙන හාදයා බලපල්ලකෝ... සමහර රටේ නායකයින් වෙන්න හදපු අය ගෙදර උන්දැ කියාපු නිසා නොමිලේ තුවා බෙදන්නයි කොරෝනාවට පෙකනිල් ගන්න කීවේ නැහැ.. හලෝ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ රජයේ පළපුරුදු නිලධාරින්ගේ උපදෙස් අනුව. ලීඩර් කියන පුද්ගලයා හැමදේම දන්නේ නැහැ.. නමුත් එයා දන්නවා කවුරු ලවාද වැඩේ ගන්නේ කියලා...

:       13       2

BamunuarachchiWednesday, 17 June 2020 01:25 PM

හලෝ මේ ආණඩුවට තීරණ ගන්න පුලුවන්... මොකද මේක සිංහල ආණ්ඩුවක් තීන්දු තීරණ හම්බයින්ගේ හෝ දෙමලුන්ගේ අනුමැතිය වුවමනාවක් නැත. යහපාලකයන් කොහෙද බතික් නවත්වන්නේ බලයේ ඉන්න රටේම වැදගත් අමාත්‍යංශ හම්බයින්ට දුන්නා. ගම්මිරිස් සොයාගෙන මෙරටට ආපු අය රටේ තිබුණු ගම්මිරිස් කර්මාන්තයත් කාබාසිනියා කළා. තව ටිකදවසකින් අපේම කඩදාසි, සීනි නිෂ්පාදනය පටන් ගන්නවා. ඒ ගැන සතුටු නොවන්නන් ගෝලෆේස් පිටියට ගෙනැල්ලා ගල් ප්‍රහාරයක් දිය යුතුයි.

:       18       1

සමන්ති සමරමාන්න Thursday, 25 March 2021 10:56 AM

ප්‍රාදේශීය මට්ටමින් පුහුණුව ලබාදීම අමාත්‍යාංශය යටතේ සිදු කරමින් නිෂ්පාදකයින් වැඩි කිරීම කළ හැකියි. එවැනි වැඩ සටහන් කඩිනම් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 162 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 296 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 147 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 75 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 120 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site