IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අත් සෝදා චීනය පරදවයි

 

ලෝක දෑත් සේදීමේ දිනේදි චීනය සතුව තිබු ගිනස් වාර්තාව බිඳ දමමින්  එක් දිනක වැඩිම දෑත් සේදීමේ  පිරිස ඇති රට වශයෙන් මෙම වසරේ වාර්තාව ශ්‍රී ලංකාවට හිමි විය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් දොඩන්ගොඩ ඇලදුව දෙමළ විද්‍යාලයයේදී පැවැති උත්සවයකදී ගිනස් වාර්තා කමිටුවේ සභාපති ජැක් බ්‍රොක් බෑන්ඩ් මහතා  ඒ සඳහා හිමි සහතිකය යුනිලිවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ සිද්ධාර් බෙනර්ජි වෙළෙද නාම කළමණාකරු සාලිත අලහකෝන් යන මහත්වරුන්ට පිරි නැමීය.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස සහ ළමාරක්ෂක සභා කටයුතු අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා, පලාත් සභා මන්ත්‍රි සෙනල් වෙල්ගම යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ

චීනයේ එක් දිනකදී තබා තිබු වාර්තාව දෙසීයකි ශ්‍රී ලංකාව එය අභිබවා යමින් හයසීය දෙනෙක් දෑත් සේදූහ

DSC01773 DSC01782 DSC01786 DSC01789 DSC01802 DSC01808 DSC01835 DSC01845 DSC01846  DSC01856 DSC01865

 



අදහස් (0)

අත් සෝදා චීනය පරදවයි

නේහා Sunday, 26 October 2014 09:12 AM

ගිනස් මහත්තුරුන්ට වාර්තා කරන්න බැරිද දන්නේ නැහැ. අපේ රටේ තියෙන හොදම හෝදන තුන පර්ලිමෙන්තුවයි, ජාතික රූපවාහිනියයි, ස්වාදීන රූපවාහිනියයි ගැනත් (නදී)

:       0       0

ධනවංශ Saturday, 18 October 2014 01:28 AM

තව මාම කෙනෙක් නැන්දා නොකිව්වත් ගිනස් වාර්තාවක් තියන්න මෙතන කඩේ යනවා.(නදී)

:       0       0

ගුණරත්න Wednesday, 22 October 2014 10:14 AM

අරය කලත් මමනම් ඕවට නැහැ කියල අත් සෝදා ගත්තද ? නැතිනම් ලංකාවේ අපි හොඳට කාල ඉන්න බව පෙන්නන්න අත් සෝදා ගත්තද ?(හේ)

:       0       0

රෝහණ Thursday, 23 October 2014 10:23 AM

අපේ රටේ වගේ කුණු හෝදන( රෙදි අපුල්ලන) ඇමතිලා ලෝකයේම නැහැ එ්කත් ගිනස් වාර්තාවක් වෙයි නේද ඒ මහත්තුරුන්ට කිව්වා නම්. (නදී)

:       0       0

සමන්ති Thursday, 23 October 2014 12:32 AM

අර රෙදිසෝදන කට්ටිය නම් තවම හෝදනවා ඇති (නි)

:       0       0

හේරත් Friday, 17 October 2014 12:47 AM

හරිම ලස්සන උත්සවයක්! (නි)

:       0       0

කමල් Monday, 20 October 2014 10:08 AM

මට බය කවදා හරි දවසක අපිට චීනාගේ පස්ස හෝදන්න වෙයිද කියලා? (නදී)

:       0       0

අබේ Sunday, 26 October 2014 01:18 PM

හොඳ වැඩක් (නදී)

:       0       0

විරාජ් Friday, 17 October 2014 02:13 AM

අපේ රටේ අය මොනදේටත් දක්ෂයි (නි)

:       0       0

ගමගේ Saturday, 18 October 2014 05:00 AM

අත සෝදා ගැනීමට කවදත් දක්ෂ දේශපාලකයිනුත් අපි අතර ඉන්නවනේ! (නි)

:       0       0

නාලක Friday, 17 October 2014 03:10 AM

මේක ඉතින් අතීත රජකාලේ ඉඳලම තිබෙන වැඩක්නේ. (නි)

:       0       0

සමන් Friday, 17 October 2014 03:15 PM

දාල තියෙන අදහස් දැක්කම ඇඩෙනවා. (නදී)

:       0       0

කිත්සිරි Tuesday, 21 October 2014 03:00 AM

කොහොමද මේ අත් සේදීම සිද්ධ වෙන්නේ? සියලු දෙනාම එකම තැනකදී එකට අත් සොදනවද? නැතිනම් දවසකට කිහිප සැරයක් අත් සොදන්නේ නැති කෙනෙකු ලංකාවෙන් සොයාගන්නත් අමාරු නිසා (නදී)

:       0       0

කීර්ති Wednesday, 22 October 2014 07:02 AM

මඩ සොදා ගත් කළ ගොවියා රජකමට වුවද සුදුසුයි කියපු ශ්‍රී ලංකාවේ අත සොදා ගත් කළ පාතාලයා දේශපාලනයට සුදුසුයි කියලා වෙනස් කරන්න කාලේ ඇවිල්ලා.(හේ)

:       0       0

දසුන් Wednesday, 22 October 2014 07:12 AM

අපිටත් ගිනස් වාර්ථාවක්.(හේ)

:       0       0

තරිදු Friday, 17 October 2014 06:42 AM

කලින් කිව්වානම් අපිත් එනවා.(හේ)

:       0       0

කරුණාජීව Friday, 17 October 2014 06:42 AM

අපේ මාමත් ගිනස් වාර්තාවක් තියලා තියෙනවා කඩේ ගිහිල්ලම.නැන්දා කියන පරක්කුවට මාමා කඩේ යනවා. (ස)

:       0       0

සුමේධ Friday, 17 October 2014 06:42 AM

මේ වගේ තවත් ගිනස් වාර්ථා ටිකක් තියන්න පුළුවන් නම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

අකිල Friday, 17 October 2014 06:42 AM

ගිනස් වාර්ථාවට සහභාගී වූ සියළු දෙනාටම ජය වේවා.(හේ)

:       0       0

ටිරෝන් Friday, 17 October 2014 06:42 AM

තවත් මේ වගේ අදහසක් පහළ වේවා.(හේ)

:       0       0

සම්පත් Friday, 17 October 2014 06:42 AM

ලාංකීකයන් විදියට ලොකු ආඩම්බරයක්.(හේ)

:       0       0

කරුණාජීව Friday, 17 October 2014 06:42 AM

සතුටුයි, අපිත් ගිනස් වාර්ථාවක් තිබ්බා.(හේ)

:       0       0

මැක්ෂි ලියනාරච්චි Friday, 17 October 2014 08:56 PM

ඉතාලියේ අපි හෝදන හේදිල්ල කවදාවත් තාම කරන්න බැහැ. දැන් අය හෝදන්න දන්නේ නැහැ (නදී)

:       0       0

මැක්ෂි ලියනාරච්චි Friday, 17 October 2014 09:24 PM

චින්ටා අත හෝදන එකක් නැහැ (නදී)

:       0       0

වාසනා Saturday, 25 October 2014 05:54 AM

අපි කොහොමත් මේ වැඩේට දක්ෂයිනේ! (නි)

:       0       0

යශෝධා Saturday, 25 October 2014 05:56 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 25 October 2014 05:57 AM

අපි ඉතින් කොහොමත් අතහෝදලා පැත්තකට වෙන කට්ටියනේ! (නි)

:       0       0

ලක්ෂමන් Saturday, 25 October 2014 05:58 AM

අපි කොහොමත් අත හෝදල පැත්තකට වෙන ජාතිය නේ (නදී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 25 October 2014 05:58 AM

අපි කොහොමත් අතහොදල පැත්තකට වෙන ජාතිය නේ (අ)

:       0       0

ලක්ෂ්මන් Saturday, 25 October 2014 05:59 AM

අපි කොහොමත් අතහොදල පැත්තකට වෙන ජාතිය නේ. (අ)

:       0       0

කමල් Wednesday, 22 October 2014 08:45 AM

මම හිතන්නේ ලෝකයේ විශාලතම කැබිනට් මණ්ඩලය ලංකාවේ තියනවා කියන්නේ බොරුවක්?, නැත්නම් ඒක ගීනස් වාර්තා පොතට ඇතුලත් විය යුතුයි නේද? කරුණාකර කවුරු හරි කියලා දෙන්න (නදී)

:       0       0

බන්දුල Monday, 20 October 2014 02:07 AM

හොඳ වැඩක් (නදී)

:       0       0

මොහාන් Wednesday, 22 October 2014 07:40 PM

ජය වේවා! (නි)

:       0       0

නේහා Sunday, 26 October 2014 08:56 AM

ගිනස් මහත්තුරුන්ට වාර්තා කරන්න බැරිද දන් නැහැ අපේ රටේ තියෙන හොදම හෝදන තුන පර්ලිමෙන්තුව ,ජාතික රුපවහිනියි ,ස්වාදීන රුපවහිනියි ගැනත් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 141 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site