මහාචාර්ය විජේන්ද්‍ර ජේ. බණ්ඩාර
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති
අඛණ්ඩ මෙන්ම තිරසර බලශක්ති සැපයුමක් වෙනුවෙන් ලොව බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්තිය තෝරාගනිමින් තිබේ. පාරිසරික, ආර්ථිකමය මෙන්ම සුලබත්වය අතින්ද ඉදිරියෙන් සිටින පුනර්ජනනීය බලශක්තියට පැහැදිලි උදාහරණ ලෙස සූර්ය බලශක්තිය, සුළං හා ජල බලශක්තීන් පෙන්වා දිය හැකිය. බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පත්කරගෙන ඇති සමයක ලංකාවේ බලශක්ති ඉලක්කය 2030 වසරේදී ප්‍රධාන විදුලිබල පද්ධතියට සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය එක් කිරීමත් 2050 වන විට මුළුමනින්ම කාබන් විමෝචනයෙන් තොර වීමත්ය.
පුනර්ජනනීය බලශක්තියේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකේය පෙරසූදානම පිළිබඳ ව සාකච්ඡාවක් ලෙසින් සකස්වූ ලිපියකිමේ.
Q: පුනර්ජනනීය බලශක්තියට යායුත්තේ ඇයි?
බලශක්ති සම්පත් පරිභෝජනය කරන ශීඝ්‍රතාවට වඩා වැඩි වේගයෙන් ඒවා නැවත ස්වාභාවික ක්‍රියාවලියක් මගින් ජනනය වන්නේ නම් ඒවා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව (renewable energy sources) ලෙස හඳුන්වනවා. පුනර්ජනනීය බලශක්තිය කවදාවත් ක්ෂය වෙන්නේ නෑ. හිරු එළිය සුළඟ කියන්නේ අපි කොයිතරම් භාවිතයට ගත්තත් කවදාවත් ක්ෂය වෙන්නේ නැති සම්පත්. ෆොසිල ඉන්ධන හැදෙන්න අවුරුදු මිලියන 300කට ආසන්න කාලයක් ගතවෙනවා. එහෙත් ඒවායේ වර්තමාන පරිභෝජන ශීඝ්‍රතාව ඉතාමත් ඉහළයි.
ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග බලශක්ති ඉල්ලුම ඉතාම ඉහළයි. තවත් අවුරුදු 50කින් දැනට තිබෙන ෆොසිල ඉන්ධන ප්‍රමාණයෙන් සියයට 90ක් පමණ අවසන් වන බවට පුරෝකථනය කර තිබෙනවා. මෙම පුරෝකථනය කළ අගය වෙනස් විය හැකිවුවද මේවා නියතවශයෙන්ම ක්ෂය වන බලශක්ති සම්පත් නිසා අනාගතයේදී අපට මේවා කෙරෙහි විශ්වාසය තැබිය නොහැකියි.
ලෝකයට සූර්යාලෝකය ලැබෙන ප්‍රමාණය ජූල් වලින් ගත්තොත් 3 x 10^24 ක් ප්‍රමාණයක්. දැනට ලෝකයේ ශක්ති පරිභෝජනය 33 x 10^20 යි. උදාහරණයක් ලෙස අපිට පැයකට එන සූර්යාලෝකය භාවිතයට ගත්තොත් අවුරුද්දක සමස්ත ලෝකයේ බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඒනිසා පුනර්ජනනීය බලශක්තියෙන්, විශේෂයෙන් සූර්ය බලශක්තියෙන් විතරක් වුණත් ලංකාව වැනි රටකට අවශ්‍ය විදුලිය අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන්.
Q: ෆොසිල ඉන්ධන වලින් ඉවත් විය යුතුයි කියන්න බලපාන හේතු පැහැදිලි කරන්න පුළුවන්ද?
දැන් තියන කතිකාවක් තමයි ඊළඟ ලෝක විනාශය වෙන්නේ යුද්ධ නිසා නෙවෙයි බලශක්තිය නිසා කියලා. ෆොසිල ඉන්ධන ක්ෂය වුණොත් දැන් තියන නූතන ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස්වෙනවා. ඉතින් ෆොසිල ඉන්ධන වල පැවැත්ම එච්චර ලොකු කාලයක් නැත්නම් ඒකට විකල්ප ක්‍රමවලට යන්න වෙනවා. එහෙම යන්න බැරි වුණොත් සමහරවිට ඇත්තටම ඔය කියන දේ සිදුවිය හැකියි.
ෆොසිල ඉන්ධන භාවිතයෙන් අතිවිශාල පාරිසරික හානියකුත් තියෙනවා. දහනයේදී පෙට්‍රල් ලීටර් එකකින් කාබන්ඩයොක්සයිඩ් කිලෝ 2.2ක්, ඩීසල් ලීටර් එකකින් කාබන්ඩයොක්සයිඩ් කිලෝ 2.5 පමණ පිට කරනවා. ඒ අනුව දෛනිකව සිදුකරන මේ ෆොසිල ඉන්ධන දහනයේදී පරිසරයට අති විශාල ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් එකතු වෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීම ඇතුළු ගැටලු රැසකට මේ තත්වය හේතුවෙනවා. මීට අමතරව මේ ඉන්ධන දහනයෙන් ඉතාම විෂ වායු පිට වෙනවා. ඉන්ධන දහනයේදී පිටවන නයිට්‍රජන් ඔක්සයිඩ් වතුරත් එක්ක මිශ්‍ර වුණාම නයිට්‍රික් අම්ලය හැදෙනවා. පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් වතුරත් එක්ක මිශ්‍ර වුණාම සල්ෆියුරික් අම්ලය ඇති වෙනවා. මෙයින් අම්ල වැසි ඇතිවීම සහ ජලාශ ආම්ලික වීම සිදු වෙනවා. මෙය පරිසරයට සහ මිනිස්සුන්ගේ සෞඛ්‍යයට නරක ලෙස බලපානවා. ඊටත් අමතරව පිටවෙන වාෂ්පශීලී කාබනික රසායන සමහරක් පිළිකාකාරකයි.
Q: පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ලංකාවේ සිද්ධවෙන්නේ කොහොමද?
ගෝලීය වශයෙන් බලශක්ති භාවිතයේ දිශානතිය යොමු වෙලා තියෙන්නේ දේශීය හා විදේශීය ආයෝජකයන් හඳුනාගනිමින් ඔවුන් කරන ආයෝජන හරහා පුනර්ජනනීය බලශක්තිවලට යොමුවීමට. එහිදී අපේ රටේ තියෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හඳුනාගෙන ඒවා සංවර්ධනය කර නිසි ආයෝජකයන් හරහා බලශක්ති උත්පාදනය කර ජාතික පද්ධතියට එකතුකිරීම අපේ ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය හරහා සිදු කරනවා.
මේ විදියට මුලින්ම සූර්ය බලශක්ති ව්‍යාපෘති පටන් ගන්නේ 2007 වසරේදී. එය සංවර්ධනය වෙමින් ඇවිත් දැනට සූර්ය බලශක්තිය මගින් මෙගාවොට් 2000 කට ආසන්න ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරනවා. මෙයින් වැඩි දායකත්වයක් ලබාදෙන්නේ වහල මත සවිකරන සූර්ය බල පද්ධති (rooftop Solar) මගින්. ඊට අමතරව භූමිය මත සවිකරන සෝලා සහ සුළං බලශක්තිය වැඩිදියුණු කරගනිමින් යනවා. ඒවගේම ජලවිදුලිය හා පාවෙන සූර්ය බලාගාර සඳහා සුදුසු ස්ථාන හඳුනාගෙන එයින් බලශක්තිය උත්පාදනයට අවශ්‍යය කටයතු කරගෙන යනවා.
Q: ලංකාව තුළ කාර්යක්ෂමව පුනර්ජනනීය බලශක්ති උත්පාදනයක් තවමත් සිදුවෙන්නේ නැත්තේ ඇයි?
මේ වෙනකම් අපි කරගෙන ගිය ක්‍රමවේදයේ දැනට යම් ප්‍රශ්න සහගත තත්වයක් තියෙනවා. ඒක අමාත්‍යාංශය සහ අපි එකතු වෙලා නිවැරදි කරගෙන යනවා.
ඇතැම් ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ සම්පූර්ණ නොකළ නිසා රජයට අතිවිශාල පාඩුවක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට මෙගාවොට් එකක සෝලා ව්‍යාපෘතියක් වසරක් පමාවුණොත් එතැනින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් පැය 1500ක විතර ප්‍රමාණයක් අවුරුද්දකට නෙලැබී යනවා. ඒ ශක්ති ප්‍රමාණය අපිට ඩීසල් දහනයෙන් ගැනීමට සිදුවුවහොත් වසරකට ඩීසල් ලීටර් ලක්ෂ හතරත් හයත් අතර ගණනක් යනවා. ඒ පිරිවැය රුපියල් වලින් ගණනය කළොත්, අපිට විදේශ විනිමයෙන් මිලියන 110ත් 120ත් අතර වියදමක් දරන්නත් වෙනවා. ඒවගේම තමයි පුනර්ජනනීය බලශක්තියෙන් අපිට තියෙන වාසි. මෙගාවොට් 100ක ව්‍යාපෘතියකින් රුපියල් මිලියන 10 000 කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා.
මේ තත්වය නිසා දැනට අපි හඳුනාගත් ප්‍රභවවලින් ජාතික පද්ධතියට ලබා දෙන බලශක්තිය ලැබෙන්නේ නැත්නම් හෝ ඒවා අනවශ්‍ය විදිහට ප්‍රමාද වෙනවා නම් ඊට පිළියම් යෙදිය යුතුයි. විශේෂයෙන් අපේ සෝලා ව්‍යාපෘතියකට ආයතන පහළොවකින් වගේ අවසර ගන්න සිදුවෙනවා. සමහර වෙලාවට ඒවගේ තැන්වල මේ ව්‍යාපෘති හිරවෙලා තියෙනවා. මේවා හඳුනාගෙන මේ සම්පත්වල ශක්තිය ජාතික පද්ධතියට එකතු කරන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් හදන්න කියලා අපිට උපදෙස් ලැබී තිබෙනවා.
Q: ජාතික විදුලි පරිභෝජනයට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ රජයේ සැලසුම් මොනවද?
වර්තමාන රජයේ සැලැස්ම තමයි ක්‍රමානුකූලව මෙගාවොට් 2000ක පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරන එක. ඒ මගින් ජනනය වන ශක්තිය දළ විදුලි පරිභෝජනයෙන් විශාල ප්‍රමාණයක්. මේක කළ හැකි දෙයක්.
ඒකට අවශ්‍ය සම්පත් සියල්ලත් ලංකාව තුළ තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් මුළු ලංකාවම සූර්ය බලශක්තියෙන් බලගන්වනවා නම් අපිට හෙක්ටයාර 13,500ක භූමියක් ප්‍රමාණවත්. ඒ වගේම සුළං බලය ගත්තොත් ඒක විදේශ රටවලට අලෙවි කරන්න පවා ප්‍රමාණවත්.
සමහර අවස්ථාවලදී අපිට ඩීසල් වගේ දේවල්වලට යන්න වෙනවා. මොකද එක වෙලාවකට අව්ව තිබිලා ආයෙ නැතිව යනවා. ඒක සමතුලිතව පවත්වා ගැනීමට අපි කියනවා ග්‍රිඩ් බැලන්සින් (grid balancing) කියලා. පද්ධතිය සමතුලිත කරගන්න ඒවගේ වෙලාවට ඩීසල් අවශ්‍ය වුණත් දැන් රජය සැලසුම් කරලා තියෙන්නේ අනාගතයේදී ඩීසල් ගල් අගුරු දෙකට විකල්පයක් ලෙස ද්‍රවීකෘත වායු (LNG) වලින් ශක්තිය උපදවන්න. මොකද ඒකේ වියදම ෆොසිල ඉන්ධන සඳහා වන වියදමට වඩා අඩුයි.
Q: පුනර්ජනනීය බලශක්ති සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති මොනවද?
දැනට වහල මත සවිකරන එහෙම නැත්තනම් රූෆ් ටොප් සෝලා, භූමිය මත සවිකරන සෝලා සහ ජලය මත සවිකරන සෝලා වැනි ව්‍යෘපෘති ක්‍රියාත්මක වෙනවා. එහෙත් මම හිතන විදියට වඩා ඵලදායී වෙන්නේ වහල මත සවිකරන එහෙම නැත්තනම් රූෆ් ටොප් සෝලා. මේක තව ගොඩක් වැඩි කරන්න පුළුවන්. වහල මත සවිකරන සෝලා වල වාසිය වෙන්නේ අපිට ඉඩමට මුදලක් වැය කරන්න වෙන්නේ නෑ. අපි ඇත්තටම රූෆ් ටොප් සෑහෙන ප්‍රමාණයක් දියුණු කරමින් ඉන්නවා. දැන් ඇත්තටම මේක ක්‍රියාත්මක මට්ටමෙත් තියෙනවා.රජයේ ගොඩනැගිලි, තැපැල් කාර්යාල තිබෙනවා. එහෙත් මේවායින් විදුලිබලය ලැබෙන්නේ දහවල් කාලයේදී නිසා එය නිසි ලෙස කළමනාකරණය කිරීම සහ වඩා සුදුසු ගබඩා කිරීමේ ක්‍රමවේද වලටත් යායුතුව පවතිනවා. අපි සම්ප්‍රේෂණ පද්ධති වැඩිදියුණු කරන්න ඕනේ. මේවා අපි ක්‍රමානුකූලව සිදුකරගෙන යනවා.
Q: පුනර්ජනනීය බලක්තිය ගබඩා කරගන්න විසඳුම් තිබිය යුතුයි නේද?
සෝලා මගින් විදුලිය නිෂ්පාදනය වන දහවල් වෙලාවෙත් සූර්යාලෝකය එක දිගට එක පිළිවෙළකට ලැබෙන්නේ නෑ. ඒ නිසා අපට පුනර්ජනනනීය බලශක්තියෙන් හදන විදුලිය අඛණ්ඩව සහ නියතව පවත්වා ගැනීමට එය ගබඩා කිරීමට සිදු වෙනවා. ඇත්තටම දැනට විදුලිය ගබඩා කරන්න පුළුවන් ක්‍රම ගත්තම ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ බැටරි තාක්ෂණ බැටරියටයන පිරිවැයයි ඒකේ ආයු කාලයයි ගත්තම සැලකිය යුතු වියදමක් තියෙනවා. ඒ වගේම ඒක නැවත නැවත දරන්න වෙන වියදමක්.
බැටරි වලට විකල්පයක් ලෙස ශක්ති ධාරිතාව අඩු වුවත් වැඩි කාර්යක්ෂමතාවක් ඇති සුපර් කැපෑසිටර්ස් මතුවෙමින් තිබෙනවා. සුපර් කැපැසිටර් වල එනර්ජි ඩෙන්සිටි එක තව ටිකක් වැඩිකරගන්න පර්යේෂණ යනවා. ඒ වගේම මේවායේ නිෂ්පාදන වියදම ගොඩක් අඩුයි.
සූර්ය බලයෙන් ලැබෙන ශක්තිය මගින් ජලය යොදාගෙන හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන්න පුළුවන්. හයිඩ්‍රජන් කියන්නේ ඉතාම හොඳ ඉන්ධනයක්. හයිඩ්‍රජන් දහනය කළාම අපිට ලැබෙන්නේ ජලය. ඉතින් අපිට ඇත්තටම සූර්ය බලය, සුළං බලය පාවිච්චි කරලා හයිඩ්‍රජන් නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් එතනින් අපිට පුළුවන් හයිඩ්‍රජන් දහනය කරලා හෝ ෆුවෙල් සෙල් භාවිත කරලා අවශ්‍ය වෙලාවට විදුලිය නිෂ්පාදනය කරගන්න.
Q: රජයේ දිගුකාලීන සැලසුම් විදිහට දැනට තියෙන්නේ මොකක්ද?
මේ අවුරුදු පහක් ඇතුළත සියයට තිහකින් විදුලි බිල අඩු කරන එක කෙටිකාලීන සැලසුමක්. ඇත්තටම ග්‍රිඞ් බැලන්සින් තමයි අපේ දිගුකාලීන සැලසුම. අපේ ග්‍රිඞ් එක සමතුලිත කරගන්න අවශ්‍ය විදුලිය ඇරෙන්න ඉතිරි ඒවා අපි පුනර්ජනනීය බලශක්ති වලින් ලබාගන්න එක තමයි ප්‍රධානම දිගුකාලීන සැලසුම.
Q: පුනර්ජනනීය බලශක්තිය කියන්නේ යම් කාලයක් අරගෙන සංවර්ධනය කළ යුතු ශක්තියක්. ඉදිරි වසර 30-50 දක්වා සැලසුම් මොනවද?
අපි සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියට යන්න කලින් ට්‍රාන්ස්මිෂන් ලයින් දියුණු කළ යුතුයි. ඊළඟට ස්මාට් ග්‍රිඞ් එකකට යන්න ඕන. ස්මාට් ග්‍රිඞ් එක කියන එක ඉතාම හොඳ දෙයක්. එහෙම එකක් නැති නිසා ඇත්තටම රටේ හරි විදුලි අවශ්‍යතාව හා භාවිතාව සහ නිෂ්පාදනය නිවැරදිව දැනගන්න අමාරුයි. එමගින් මෙතැනට මේ වෙලාවේ කොච්චර විදුලිය ඕනෙද කියන එක අපිට ඇත්තටම දැනගන්න පුළුවන්. අපි කාබන් සීරෝ කියන ඉලක්කයට යන්න යම් කිසි කාලයක් යනවා. ඒ වගේම අපිට ඒ සඳහා සැලකිය යුතු වියදමක් දරන්න වෙනවා. එහෙත් අපේ ඉලක්කය තියෙනවා.
ඒකට අපිට සැලකිය යුතු කාලයක් යයි. හැබැයි ලොකු කාලෙකුත් නෙවෙයි. සමහරවිට ඒ ඉලක්කය සපුරා ගන්නකොට අපිට අවශ්‍ය ගෑස් අපේ රට තුළින්ම ලබාගන්නත් පුළුවන් වෙයි. එතකොට ඒක ආනයනය කරන එකත් අඩු වෙයි. එහෙම වුණොත් ඒක රටේ විශාල ජයග්‍රහණයක්. රටට අවශ්‍ය විදුලි සැපයුම රට තුළම නිෂ්පාදනය වීමයි වැදගත් වන්නේ.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනාගතයට පුනර්ජනනීය බලශක්ති සැලසුම්