IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


අනාගතයට බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ශක්තිමත් සහයෝගිතාවයක්

ජනාධිපති දිසානායක යටතේ මෑතකදී නව ආණ්ඩුවක් පිහිටුවූ පසුව ශ්‍රී ලංකාවට මගේ ප්‍රථම නිල විදෙස් සංචාරය සිදුකිරීමට ලැබීම මගේ ඉමහත් සතුටට හේතු විය. එය මගේ ප්‍රථම නිල සංචාරය වුවද, එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාව නිසා, ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය මට අමුත්තක් නොවේ. බ්‍රිතාන්‍යයේ දෛනික මහජන ජීවන රටාවට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සුවිශේෂී වන අතර, අපේ සංස්කෘතික, ආර්ථික සබඳතාවලට අමතරව, අප අතර ගොඩනැගී ඇති නවීන සහයෝගීතාවට පදනම් වන ගැඹුරු, අන්තර්පුද්ගල සබඳතා ද ඉන් නිරූපණය වේ. 

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම එහි දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට වැදගත් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සඳහා ආණ්ඩුව කැප වී සිටීම උදෙසා එක්සත් රාජධානියේ නිරන්තර සහයෝගය හිමිවනු ඇත. අත්‍යවශ්‍ය ආදායම් අයකරගැනීම වැඩි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම පිණිස ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තාක්ෂණික සහය සැපයීම සඳහා සහ ශ්‍රී ලංකාවේ නිල ණයහිමි කමිටුවේ සාමාජිකයකු වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එක්සත් රාජධානිය සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ද මම සතුටු වෙමි. ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා අපට කළ හැකි එකම වැදගත් කටයුත්ත නම් ආර්ථික වර්ධනය සඳහා සාර්ථක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. එකී අරමුණු මුදුන්පත් කරගැනීමට නම්, දූෂණය මුලිනුපුටා දැමීමටත්, අධ්‍යාපනය සඳහා වූ ප්‍රවේශය පුළුල් කිරීමත් සඳහා එක්ව කටයුතු කළ යුතු ය.  

අප දෙරටටම පොදු ආර්ථික වර්ධනයක් උදෙසා එක්සත්ව කටයුතු කිරීමට දෙරටේම ආණ්ඩු කැප වී සිටී. එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් වටිනාකම 2023 වසරේ පවුම් බිලියන 1.4ක් වූ අතර, ඒ අනුව, ඉහතකී අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වෙළෙඳාම මුඛ්‍ය අංගයක් වන බව ප්‍රතික්ෂේප කළ නොහැක. ව්‍යාපාර සාර්ථකව පවත්වාගැනීම පිණිස දෙරට අතර වෙළෙඳාම සඳහා වූ වටපිටාව වැඩිදියුණු කිරීමත්, ඊට උපරිම සහයෝගය ලබාදීමත් ආණ්ඩු වශයෙන් අප සතු වගකීමකි. 

වෙළෙඳාම් සම්බන්ධ නව මූලාරම්භය සඳහා උපරිම සහයෝගය ලබාදීමට මගේ සංචාරයේ දී මා මහත් උනන්දුවක් පෑවේ එහෙයිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ වැඩසටහන (DCTS) හරහා එක්සත් රාජධානියේ වෙළෙඳපොළට වඩාත් හොඳ ප්‍රවේශයක් ලබාදීමට උපකාරී වන ආකාරයෙන්, නව අපනයන කාර්ය පටිපාටිය පිළිබඳ අත්පොත් එළිදැක්වීම ද එහි කොටසකි. ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට වැඩිදුරටත් සහයෝගය ලබාදීම පිණිස DCTS වැඩසටහන යොදාගැනීම වැඩිදියුණු කිරීම හා සැලකියයුතු විදේශ විනිමය ආදායමක් ලැබීම තහවුරු කිරීම සඳහා එක්සත් රාජධානියට ඇත. 

එක්සත් රාජධානිය මගින් අරමුදල් සපයමින්, ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රමුඛව පවත්වාගෙන යන ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම මගින් වෙළෙඳාම් කටයුතු සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කිරීමත්, සර්වග්‍රාහී වෙළෙඳ ප්‍රතිපත්ති සහ දත්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයට (EDB) සහය ලබාදීමත් අරමුණු කරගත් SheTrades  වැඩසටහන වැනි ඉදිරිය ඉලක්ක කරන මූලාරම්භය හරහා DCTS යටතේ අවස්ථා ලබාගැනීමට ඇති අවකාශය පුළුල් කිරීමට එක්සත් රාජධානිය අරමුණු කරයි.

අපේ සබඳතාව ආර්ථිකය පදනම්ව පමණක් නොව, ඉන් ඔබ්බට ද විහිදුනකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බොහෝ විට පැනනගින ප්‍රශ්න ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හා සම්බන්ධ වේ. ඒ පිළිබඳව, සිවිල් සමාජ කණ්ඩායම්, උතුරේ දේශපාලන නායකයන් අභිනව ආණ්ඩුව සමගත් මා ශ්‍රී ලංකාවේ ගතකළ කාලය තුළ සාකච්ඡා කළ අතර, නව ආණ්ඩුව හා අනෙකුත් කණ්ඩායම් මේ කරුණූ සම්බන්ධයෙන් පළකළ අදහස්වලට මගේ ප්‍රසාදය හිමි වේ. මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මගේ නිරන්තර අවධානය හිමිවන තවත් ක්ෂේත්‍රයක් වනු ඇත. 

අපේ සහයෝගීතාවට මෙන්ම, ප්‍රජාව සඳහා වඩාත් සාධාරණ, එකමුතු වීමේ අරමුණක් ගොඩනැංවීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ අධ්‍යාපනය යි. එක්සත් රාජධානියේ දෙවැනි විශාලතම එතෙර අධ්‍යාපන වෙළෙදපොළ වශයෙන් ශ්‍රී ලංකාව සැලකෙන අතර, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල 45ක උපාධි පිරිනැමීමේ වැඩසටහන් යටතේ ආසන්න වශයෙන් ශ්‍රී ලාංකීය සිසුන් 50,000ක් පමණ ඉගෙනුම ලබති. අපේ සහයෝගීතාවේ මෙම කුලු‍න තවත් ශක්තිමත් කළ හැක්කේ කෙසේදැ’යි විමසීමට මම බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නිලධාරීන් හමුවුණෙමි. මෙම අධ්‍යාපන සහයෝගීතාව මගින් දෙරට අතර සබඳතාව ගොඩනැගෙනවා පමණක් නොව, අනාගත ආර්ථිකය සඳහා වූ කුසලතා වැඩිදියුණු කිරීමට ද උපකාරී වේ. 

ගෝලීය අභියෝග, විශේෂයෙන්ම දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ප්‍රමුඛ බලවේගයක් වශයෙන් එක්සත් රාජධානිය ඉදිරියෙන්ම සිටී. මා යාපනයේ සංචාරයේ නිරත වන විට, උතුරු පළාතේ භූගත ජලය ක්ෂය වීමත්, ඉන් එහි කෘෂිකර්මයට සහ ප්‍රාදේශීය ප්‍රජාවට ඇති වන බලපෑම්වලට සෘජුවම පිළියම් සැපයීම සඳහාත් එක්සත් රාජධානියෙන් අරමුදල් සපයන එකම දේශගුණ අනුවර්තන ව්‍යාපෘතිය නිරීක්ෂණය පිළිබඳව මම වැඩිදුරටත් දැනුම්වත් වීමි. කෘෂිකර්මය, ජීවනෝපාය සහ එදිනෙදා ජීවිතයට භූගත ජලය අත්‍යාවශ්‍ය සම්පතක් වනමුත්, දැන් ඊට එල්ල වන තර්ජන වර්ධනය වෙමින් පවතී. 

දේශගුණ අනුවර්තනය විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘතිවලට අමතරව, බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ පර්යේෂණ හා වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් සැපයීම, ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීම හා ප්‍රතිස්ථාපනය සඳහා සහය දීම, මෙන්ම ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුව ක්‍රියාත්මක කරන අක් වෙරළ සුළං බලශක්තිය සහ බලාගාර පිහිටුවීම පිළිබඳ මාර්ග සටහනක් සඳහා අරමුදල් සැපයීමට ද එක්සත් රාජධානිය කටයුතු කරන අතර, ජෛව විවිධත්වය සුරැකීමටත්, කාබන් දහනය ශූන්‍ය කිරීම වෙත සංක්‍රමණය වීම සඳහාත් අපේ කැපවීම එයින් හුවාදක්වයි. දේශගුණ විපර්යාවලට මුහුණ දීමේ දැඩි අවදානමක ශ්‍රී ලංකාව සිටින අතර, එහි ආර්ථිකය ප්‍රකෘති තත්වයට පැමිණීමේ මූලික අංගයක් වශයෙන් පාරිසරික තිරසර බව හඳුනාගත යුතු ය.

ඉන්දු - පැසිෆික් කලාපයේ අතරමැද ස්ථානගතව ඇති ශ්‍රී ලංකාව, ඉදිරි දශක කිහිපයේ දී ගෝලීය ආර්ථික වර්ධනයේ නොසලකා හැරිය නොහැකි බලවේගයක් බවට පත්වන බැව් රහසක් නොවේ. දූපත් රාජ්‍යයන් සමුද්‍රීය වෙළෙඳාම මත යැපෙන හෙයින්, නීති පාදක කරගත් නිසි ජාත්‍යන්තර පටිපාටියක් පවත්වාගැනීමේ සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳව දෙරටම හොඳින් අවබෝධ කරගෙන සිටියි. 

අභිනවයෙන් පත් වූ අපේ ආණ්ඩු දෙක අතර පැවති නිල අමාත්‍ය හමුවෙන් පසුව, අපට එක්ව සාක්ෂාත් කරගත හැකි අරමුණු සම්බන්ධයෙන් මට ඇත්තේ සුබවාදී හැඟීමකි. DCTS යටතේ වෙ​ෙළඳ කටයුතු පුළුල් කිරීම, හෝ දේශගුණය සම්බන්ධයෙන් ඒකාබද්ධව ක්‍රියාත්මක වීම, හෝ අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීම යනාදිය සම්බන්ධයෙන් අපේ සබඳතා වර්ධනය කරගැනීමට විශාල විභවයක් පවතියි. ප්‍රතිසංස්කරණය සහ නව්‍යකරණය සඳහා වූ අපේක්ෂාසහගත න්‍යායපත්‍රයක් සහිත ගමනකට ජනාධිපති දිසානායකගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව එළඹ සිටින අතර, එම ගමනට අවශ්‍ය සහයෝගය ලබාදීමට එක්සත් රාජධානිය සූදානමින් සිටියි. අපේ දූපත් රාජ්‍යයන් දෙක අතර පවතින බැඳීම ශක්තිමත් කිරීම සහ රටවල් දෙකටම පොදු සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැංවීමට අප එක්ව කටයුතු කිරීම සඳහා කිරීමට නියමිත සාර්ථක සංචාරවල පළමුවැන්න මෙය බවට මම දැඩි විශ්වාසයෙන් පසුවෙමි.



අදහස් (0)

අනාගතයට බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ශක්තිමත් සහයෝගිතාවයක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩිජිටල්කරණයෙන් පමණක් බදු ස්භියෝගවලට විසඳුම් නැහැ
2025 පෙබරවාරි මස 26 50 0

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දිශාවට රැගෙන යාමට රජය තැබූ පියවර නිවැරදි එකක් වුවත් ඉන් පමණක් මෙරට මුහුණදෙන බදු අභියෝගවලට විසඳුම් සෙවිය නොහැකි බව ජෝන් කීල්ස


සිවිල් ගුවන් සේවා බීජිං සම්මුතිය බලාත්මක කිරීමට නව නීති
2025 පෙබරවාරි මස 26 9 0

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න


ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි
2025 පෙබරවාරි මස 26 22 0

පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, මංගල ඇරියුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය, රත්තර


අනාගතයට බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ශක්තිමත් සහයෝගිතාවයක්
2025 පෙබරවාරි මස 26 17 0

ජනාධිපති දිසානායක යටතේ මෑතකදී නව ආණ්ඩුවක් පිහිටුවූ පසුව ශ්‍රී ලංකාවට මගේ ප්‍රථම නිල විදෙස් සංචාරය සිදුකිරීමට ලැබීම මගේ ඉමහත් සතුටට හේතු විය. එය මගේ ප්


2000 වසරේ සිටම ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ගැන කතා ඇසෙයි
2025 පෙබරවාරි මස 26 13 0

ඉන්දියාව කැමැත්තෙන් සිටී නම් ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් බව ජනාධිපති අනුර කු


සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් සැපයීමට DFCC සහ David Peiris Renewable Energy ගිවිසුමක
2025 පෙබරවාරි මස 26 14 0

DFCC බැංකුව සහDavid Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 304 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 460 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 188 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site