රාජ්‍ය සේවයට රජය දරන වැයබර ඉතාමත් වැඩියි
ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත් ඇතැම් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සිදුවෙවි
ආර්ථික වශයෙන් ස්වෛරීභාවයක් හෝ ස්වාධිපත්‍යයක් නෑ.
රාජ්‍ය ආදායම මෙම වසරේ සියයට 15.1 දක්වා වර්ධනය කරගත යුතුයි
පසුගිය වසරේ අපේ රාජ්‍ය ආදායම සියයට 13.8 ක්
මෙම වසරේ රාජ්‍ය ආදායම සියයට 1.3 කින් පමණ වර්ධනය කරගත යුතුයි
අභියෝග ජයගන්න තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නෑ
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සිදුකළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(19) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැති පශ්චාත් අයවැය සංවාදයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.
‘ලේෆ්ට්, රයිට් ඕ සෙන්ටර්” යන තේමාව යටතේ කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැති පශ්චාත් අයවැය සංවාදයකට එකතු වෙමින් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
අප හමුවේ තිබෙන අභියෝග ජය ගැනීමට රාජ්‍ය වියදම් කළමනාකරණය කළ යුතු බවත් ඉන් අදහස් වන්නේ රාජ්‍ය සේවය අකුළා ගැනීම නොවන බවත් ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය. ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක රාජ්‍ය සේවයට පැවරෙන අත්‍යවශ්‍ය වැඩ කොටසක් තිබෙන නමුත් එම අත්‍යාවශ්‍ය වැඩ කොටස සැපිරීම සඳහා රජය විසින් දරනු ලබන වැයබර ඉතාමත් වැඩි බව ඔහු ප්‍රකාශ කළේය.
රාජ්‍ය ආයතන නැවත සමාලෝචනය කිරීමට අගමැතිතුමියගේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන බවත් ඉන් කරුණු හතරක් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහිදී ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමට සිදුවනු ඇති බවත් ඇතැම් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේය. එසේම ඇතැම් රාජ්‍ය ආයතනවල අරමුණ වෙනස් කිරීමට සිදුවන බවත් ඇතැම් රාජ්‍ය ආයතන කළමනාකරණය කිරීමේ පටිපාටිය වෙනස් කිරීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේග රජය බලයට පත්වන අවස්ථාවේ මෙරට තිබුණේ කොන්දේසි සහිත ආර්ථිකයක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක්, ස්වෛරී රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි නමුත් අපට ආර්ථික වශයෙන් ස්වෛරීභාවයක් හෝ ස්වාධිපත්‍යයක් නොමැති බව දිසානායක මහතා පැවැසුවේය.
නැවත ආර්ථිකයේ ස්වෛරීභාවය හෝ ස්වාධිපත්‍යය ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න අප සැමගේ අපේක්ෂාව විය යුතු බවත් ජනාධිපතිවරයා පැවැසුවේය. වර්තමානයේ කිසිම රාජ්‍යයකට සම්පූර්ණයෙන් ආර්ථික වශයෙන් ස්වෛරීභාවයක් හෝ ස්වාධිපත්‍යයක් අත්පත් කරගත නොහැකි වුවත් ශ්‍රී ලංකාව මෙතරම් ප්‍රමාණයකට සිරවී සිටීමට අවශ්‍ය නොවන බව ඔහු ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යටත්වීමට සිදුවූ බව අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේය. මෙරට ආර්ථිකය පවතින්නේ පරිවාස කාලයකට යටත්ව බවද ඔහු ප්‍රකාශ කළේය. ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටකට සාමාන්‍යයෙන් නැවත ප්‍රකෘතිමත්වීමට අවුරුදු 10 ක පමණ කාලයක් ගතවන බවත් එම කාලය අහිමි දශකය ලෙස හඳුන්වන බවත් ජනාධිපතිවරයා පැවැසුවේය. එහෙත් ශ්‍රී ලංකාවට ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව තමාගේ විශ්වාසය යැයි දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෙරට රාජ්‍ය ආදායම මෙම වසරේ සියයට 15.1 දක්වා වර්ධනය කරගත යුතු බවත් පසුගිය වසරේ අපේ රාජ්‍ය ආදායම සියයට 13.8 ක් පමණ වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව අපි මෙම වසරේ රාජ්‍ය ආදායම සියයට 1.3 කින් පමණ වර්ධනය කරගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. එසේම රජයේ වියදම් සීමාව ජාතික ආදායම් ප්‍රතිශතයක් ලෙස සියයට 13 ක සීමාවේ රඳවා ගත යුතු බවත් ප්‍රාථමික ගිණුමේ ශේෂය සියයට 2.3 ක ප්‍රතිශතයක රඳවා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව ආදායම් වර්ධනය කරගෙන වියදම් සීමා කරගත යුතු බව යැයි ඔහු පැවැසුවේය. ඒ වගේම අපි ප්‍රාථමික ගිණුමේ ශේෂයක් පවත්වාගෙන යා යුතු අතර රජය කොච්චර ණය ප්‍රමාණයක් ගත යුතුද යන්න පිළිබඳව ණය සීමාවක් පනවා ගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ සඳහා රජයට තෝරාගත හැකි මාවත් දෙකක් තිබුණු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනින් එළියට ඇවිත් ගමන් කරනවාද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර ඇති එකඟතාවේ පරාමිතීන් අනුව ගමන් කරනවද යන්න තෝරා ගැනීමට තිබූ එම මාවත් දෙක බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහිදී රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග යෑමට තීරණය කළ බව දිසානායක මහතා පැවැසුවේය.
වැටී සිටින කුලුනු මත නැවත ලංකාව නගා සිටුවීමට රජයට අවශ්‍ය වූ බවත් ඒ ප්‍රතිපත්තිමය රාමුව තුළ අයවැය සකස් කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ශ්‍රී ලංකාවට ණය ගෙවීමට වසර තුනක කාලයක් ලැබී ඇති බවත් 2028 වසරේදී ශ්‍රී ලංකාව නැවත ණය ගෙවීම ආරම්භ කළ යුතු බවත් ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාවට වසර තුනක සහනයක් ලැබී තිබෙන බවත් එම අවුරුදු තුන අපතේ නොයවා ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳව අයවැය සකස් කිරීමේදී සැලකිලිමත් වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 2028 වසර වනවිට ණය ගෙවීමේ ශක්‍යතාවක් අත්පත් කර ගැනීමේ අරමුණින් අවුරුදු තුනේදී ඉලක්ක සහගතව එය ඉටුකර ගැනීම පිළිබඳව අයවැයේදී අවධානය යොමුවූ බව ඔහු කීය.
ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්ත
2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) ක
රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙ
දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අපට ආර්ථික ස්වෛරීභාවයක් නෑ
ගුණරත්න Friday, 21 February 2025 01:49 PM
ආර්ථික ස්වෛරීභාවයක් ලෝකේ කොහෙවත් නැහැ. කරන්න පුළුවන් ලෝක ආර්ථික අර්බුද වලදී ඒ ඒ හානි වලින් වෙන්න පුළුවන් ආපදාව කළමනාකරණය කරන එක, ගෝඨාභයට තිබ්බේ නැත්තේ එක, රනිල්ට තිබ්බේ ඒක.